
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මාස 4ක් වයසැති තම සිඟිති දියණියට හෙට්ටිපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් එන්නතක් ලබාදීමෙන් පසු, රෝගාතුරව, මියගිය බව සඳහන් කරමින්, එම සිඟිත්තියගේ පියා වන හර්ෂණ ප්‍රදීප් රත්නායක නමැත්තකු පෙරේරා (16) පැමිණිල්ලක් කළේ යැයි කුලියාපිටිය මූලස්ථාන පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ, කුලියාපිටිය, ඉහළ ගොමුගොමුව ප්‍රදේශයේ පදිංචි වික්‍රම ආරච්චිලාගේ නිම්නාදි සේනානායක නමැති සිඟිත්තියකි.
හෙට්ටිපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට ගොස් මාස හතරකින් ලබාදෙන එන්නත දියණියට පසුගිය 15 වැනිදා ලබාදීමෙන් පසු නිවෙසට පැමිණි බව පැමිණිලිකරු පවසන්නේ යැයි පොලීසිය සඳහන් කරයි.
දරුවා එදින කිසිම අපහසුතාවකින් තොරව සිටි බවත්, පසු දින එනම් 16 වැනිදා අලුයම 4.30ට පමණ ඇයගේ කටින් සෙම වැගිරීමට පටන්ගෙන, හුස්ම ගැනීමේ අපහසුතාවකින් පෙළුණු බවත්, ඇය ඒ මොහොතේම කුලියාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන ආ බවත්, දැරියගේ පියා පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වන බව කියති.
කුලියාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රාථමික සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු වෛද්‍යවරුන් පරීක්ෂා කර බලා, සිඟිති දියණිය මියගොස් ඇති බව දැනුම් දුන්නේ යැයි පැමිණිලිකරු පොලීසියට පවසා ඇත.
මියගිය සිඟිති දැරියගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයකට ලක් කිරීම සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ගෙන ගොස් තිබේ.
මේ අතර, තම දියණිය නිරෝගීව සිටි බවත්, දන්නා තරමින් කිසිදු රෝගයක් ඇයට නොතිබූ බවත්, සිඟිත්තියගේ පියා ‘ලංකාදීප’යට පැවැසීය.
දැරියට හෙට්ටිපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේදී ඉකුත් 15 වැනිදා මාස හතරේ එන්නත ලබාදුන් බව ද ඔහු කීවේය.
හෙදියක විසින් එන්නත දෙනු ලැබීමෙන් පසු විනාඩි විස්සක් යනතුරු එම ස්ථානයේ ගත කරන ලෙස දැනුම් දුන් බවත්, රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකළ නිසා බිරිඳ දැරිය සමග නිවෙසට පැමිණි බවත් පියා සඳහන් කළේය.
සිඟිති දියණියගේ මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඔහු ඉල්ලීමක් කළේය.
මේ අතර, මියගිය මෙම මාස හතරක් වයසැති සිඟිත්තිය ඇතුළු දරුවන් දස දෙනකුට එකම එන්නත් කුප්පියකින් පසුගිය පහළොස් වැනිදා එන්නත් ලබා දුන් බවත්, එහෙත්, ඔවුනට කිසිදු සංකූලතාවක් හෝ රෝග ලක්ෂණයක් පහළ වී නොමැති බවත්, හෙට්ටිපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවැසීය.
කුරුණෑගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය ප්‍රමිතා ශාන්තිලතා මහත්මියගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසුමේදී ඇය මෙසේ කීවාය.
“ඔය කියන දිනයේ මෙම දරුවාට එන්නතක් හෙට්ටිපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් ලබා දුන් බව සත්‍යයි. එන්නත නිසා දරුවාගේ මරණය සිදු වූ බව කිව නොහැකියි.
මරණයට හේතු හොයා ගැනීම සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලේදී විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරනු ලබනවා. පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු නිම වීමෙන් පසු මරණයට නිශ්චිත හේතුවක් කිව හැකියි.”
වයඹ පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාගේ අධීක්ෂණය යටතේ, කුලියාපිටිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිරංජන් අබේවර්ධන මහතාගේ උපදෙස් මත, කුලියාපිටිය මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එම්.පී. විජේසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෙහෙත් මාෆියාවේ තව ගොදුරක් .
ලංකාවට එන්නත් ගෙන්වීමට පෙර එම එන්නත් පිලිබදව බලධාරීන් විසින් පුළුල් අද්‍යයනයක් කලයුතු අතර එම අද්‍යයනයෙන් පසු අනුමත කරනාවූ බෙහෙත් වර්ග හෝ එන්නත් පිලිබදව සහතිකයක් ඔවුන් සතුව තිබිය යුතුය. එන්නත් ලබාදීමෙන් පසු රෝගියකු මියයාමේ තත්වයන් ඇතිවිය හැකිය. එම රෝගියා දැනුවත්ව හෝ නොදැනුවත්ව පෙලෙන්නාවූ වෙනත් අසනීප හෝ නිසාවෙන් මෙවැනි හදිසි මරණ සිදුවිය හැකිය. කෙසේ උවත් රෝගීන්ට ලබාදෙන්නාවූ එන්නත් හා බෙහෙත් වර්ග ගෙන්වීම සහ දැඩි නියාමනයන් යටතේ සිදුවිය යුතුවේ. බෙහෙත් වර්ග හෝ එන්නත් ලංකාවට ගෙන්වන්නාවූ සමාගම් ලබදෙනාවූ දත්ත මත පදනම්ව තීරණ ගැනීම නිසා මෙවැනි කට යුතු සිදුවන්නේද කියා සොයා බැලිය යුතු වේ. කිසිදු ආකාරයකට Suppliers ලබාදෙන්නාවූ දත්ත මත imports කරනාවූ බෙහෙත් වර්ග හෝ එන්නත් රෝහල් වෙත නිකුත් නොකලයුතුවේ. රජය අත්රම්දියන් නොමැතිව බෙහෙත් වර්ග හෝ එන්නත් වර්ග වෙනත් රටවලින් ලබාගැනීමට ඍජුව කටයුතු කලයුහුවේ. එවිට රජයේ සවුක්ය අංශ පුර්ණ වගකීමෙන් මෙම කටයුතු කිරීමට වගබලා ගත යුතුවේ
ගෙන්වන ලබන සෑම එන්නතක්ම සෞක්ය ඇමතිගෙ පස්සට විදල ටෙස්ට් කරන්න ඔන...ජනතවට එන්නත දෙන්න කලින්
දරුව අරන් රොහලට ගියෙ මොකටද????? දේවාලෙකට ගියානම් ඉවරනෙ.......සෞඛය බලදාරින්ව නිකන් අමාරුවෙ දාන්නෙ නතුව.
ඇයි මේ සෞඛ්‍ය බලධාරීන් මිනිස් ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නේ?? මේ වියසනය නතර කරන්න තව ජීවිත කීයක් බිලිගන්න ඕනද??
කෝ මෙ ආන්ඩු කරන එවුන්. එකටත් හේතුවක් හදල ලස්සනට TV එක ඉස්සරහට ඇවිල්ල කියපල්ල.
බාල ඖෂධ ගෙන්වපු අයටයි, ඔවුන්ගේ පවුලේ අයට සහ ගෙන්වන්න උදව් කරපු අයටයි, ඔවුන්ගේ පවුලේ අයටයි ශාප වේවා !! මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියල්ලා. රාජපක්ෂ පවුලට කඩේ යන වහල් බයියන්ටත් හෙණ හතම වැදියල්ලා... ශාප වේවා!
දේශපාලන ගෙවල්ලු වෙලා ඉන්න ලංකාවේ දොස් චෝරාලා මේ මරණයත් දේශපාලකයෙක් හෝ ඇමතිකෙනෙක් පිට පටවා නින්දිත දේශපාලනයේ නිරත වෙනවා. වර්තමාන තාක්ෂණයේ හැටියට අපිටත් පුළුවන් ගූගල් සර්ච් කරලා ලෙඩකට බෙහෙතක් හොයා ගන්න. නමුත් සැබෑ වෛද්‍ය වරයෙක් රෝගියාගේ ලෙඩේ පමණක් නොවෙයි, රෝගියාට ඇති අසාත්මිකතාවයන් පිලිබදව සැලකිලිමත්වී ඒ රෝගියාගේ ශරීර සෞඛ්‍යය ගැනත් සලකලා තමයි බෙහෙතක් නියම කරන්නේ. ඒ වගේම ඔය බාල යයි කියන බෙහෙත් ලංකාවට ගෙන්වන්න දොස් චෝරාලගේ මාෆියා කල්ලිය අනුමැතිය ලබාදීලම නැද්ද? කොන්දොස්තර ජාන තියන අය දොස්තරලා උනාම ඔහොම තමයි. අවමංගල්‍ය සේවයත් ලංකාවේ දොස්තර මුදලාලිලාට හොඳටම ගැලපෙන රස්සාවක්.
ඔබලාට මිනිස්සු පේන්නේ මීයෝ වගේද?
මාස 4න් 4ට විදිනවලු එන්නත....බබාටත් මාස හතරයි.....මොකද්ද බොල ඒ කතාව
සාමාන්යෙන්, මෙ වයස්වල ලමයින්ට ගහන්නෙ නෝර් වේ, ස්වීඩන් සහ ඩෙන්මාර්ක් වල හදන බෙහෙත්. පුද්ගලික රෝහල් වලින් චන්නෙල් කරල ගැහුවොත් මෙව තමයි ඒ් අය ගහන්නෙ. නමුත් අපි වගෙ රිද්‍රරතාවෙන් පෙලෙන උන් ගහන්නෙ මෙව.