
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කළුතර ජනතාවට තිබූ එකම සී.ටී.ස්කෑන් යන්ත්‍රය අක්‍රිය වී ඇතයි හොරණ රෝහලේ ප්‍රකාශකයෙක් පැවැසීය.
හොරණ මූලික රෝහලේ තිබූ එම සි ටි ස්කෑන් යන්ත්‍රයේ යූ.පී.එස් කොටසේ ඇති දෝෂයක් නිසා මෙසේ ක්‍රියා විරහිත වී ඇතැයි රෝහල් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
මධ්‍යම රජය මඟින් පාලනය වන කළුතර නාගොඩ මහ රෝහලේ සි. ටි. ස්කෑන් යන්ත්‍රය ද අක්‍රීය වී තිබීම හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ 13 ලක්ෂයට අධික ජනතාවක් අතර සිටින රෝගීන්ගේ ජීවිතවලට මෙන්ම හදිස්සි අනතුරට ලක්වන රෝගීන් ජීවිත දැඩි අනතුරුදායක තත්ත්වයක් හටගෙන ඇත .
හදිසි අනතුරකදී රෝගියෙකු ක්ෂණිකව සීටී ස්කෑන් යන්ත්‍රය හරහා පරික්ෂා කිරීමට සිදු වුවහොත් එම රෝගියා කලුබෝවිල රෝහල හෝ කොළඹ මහ රෝහල වෙත යොමු කිරීමට සිදුවේ.
මේ පිළිබඳ කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මියගෙන් විමසීමේ දී මෙසේ පැවසුවාය.
ඔව්, සි ටි ස්කෑන් යන්ත්‍රය මේ වන ව්ට මාස 1 1/2 පමණ කාලයක සිට අක්‍රිය තත්ත්වයේ තියෙන්නේ ,
එහි යු. පි. එස්. කොටස අමාත්‍යාංශයෙන් ඇනවුම් කරලා තියෙන්නේ. සී.ටී.සී ස්කෑන් කළ යුතු රෝගීන් මේ වන විට කොළඹ මහ රෝහල වෙත හෝ කලුබෝවිල රෝහල වෙත යොමු කිරීමට කටයුතු කරනවා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
UPS එකේ අවුලක් නිසා ද මේක පාවිච්චි නොකර ඉන්නේ?
කලබල වෙන්න කාරණාවක් නෑ. අපේ පාලකයින්ට අවශ්‍ය සියලුම සේවාවන් සිංගප්පූරුවෙ තියනව. අනිත් එක අපි අපේ සල්ලිවලින් ඒගොල්ලො එහේ යවනවනේ.