
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලය නිල වශයෙන් නැවත විවෘත කිරීම සහ නවසීලන්තයේ සාම්ප්‍රදායික අලුත් අවුරදු උදාව වෙනුවෙන් පවත්වන මටරිකි සැමරීම් උත්සවයක් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය දා පැවැත්විණ.
මෙම උත්සවයට ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ. උත්සවයේ ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහභාගී විය.
නවසීලන්ත විදේශ කටයුතු අමාත්‍ය නනායා මාහූටා මහත්මිය වීඩියෝ තාක්ෂණය ඔස්සේ උත්සවය අමතමින් ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලය විවෘත කිරීමේ වැදගත්කම පෙන්වා දුන් අතර දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා සඳහා නව පරිච්ඡේදයක් ලිවීම මින් ආරම්භ වන බව පෙන්වා දුන්නේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරයාව බය කරලා ගෙදර අරින්න බැරිද? සත පහක වැඩක් නැති කෙනෙක්...
ලංකාවම හොඳයි... එක ආදිවාසියෙක්වත් නැහැනේ...
බොරලුගොඩ සුනඛයා බුරන්න බලන් ඉන්නවා වගේ
මොවුන්ට ලංකාවෙ සාම්ප්‍රදායික නැටුමක් හෝ ආදිවාසීන්ගේ නැටුමක් පෙන්නුවා නම් කොහොමද