
(විමුක්ති එස් රුද්‍රිගු)
දූෂණ කටයුත්තකට සම්බන්ධ වූ බව කියන සිංගප්පූරුවේ ප්‍රවාහන අමාත්‍ය එස්.ඊශ්වරන් මහතා අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හළ අතර විමර්ශන අවසන් වන තෙක් ඔහු සියලු වගකීම්වලින් නිදහස් කිරිමට එරට රජය තීරණය ඇත.
මෙම චෝදනාවට ප්‍රවාහන අමාත්‍යවරයා මෙන්ම බිලියනපති ව්‍යාපාරික ඔන්ග් බෙන්ග් මහතා ද එම චෝදනාව එල්ල වී ඇත.
එරට දූෂණ පිළිබඳ විමර්ශන කාර්යාංශය විසින් පසුගිය 11 වැනිදා අමාත්‍යවරයා මෙන්ම බිලියලපතියා ද අත් අඩංගුවට ගනු ලැබූහ.
ඒ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් දූෂණ පිළිබඳ විමර්ශන කාර්යාංශය ප්‍රකාශ කර ඇත්තේ දුෂණ ක්රියාවවලට සම්බන්ධවීම වැළැක්වීම සඳහා සිංගප්පූරුවේ අමාත්‍යවරයකුට ඉහළ වැටුපක් ගෙවන බවත් එවන් අවස්ථාවකදී අමාත්‍යවරයකු දූෂණ ක්‍රියාවකට සම්බන්ධ වීම කිසිසේත්ම සමාව ලබා දිය නොහැකි බවත්ය.
අත් අඩංගුවට ගැනීමෙන් පසු විමර්ශන කටයුතු අවසන් වන තෙක් අමාත්‍යවරයා ඇප මත මුදාහැරීමට දූෂණ පිළිබඳ විමර්ශන කාර්යාංශය කටයුතු කර ඇති අතර ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය එම කාර්යාංශය බාරයට ගෙන ඇත.
ප්‍රවාහන අමාත්‍යවරයා දුෂණ සම්බන්ධයෙන් පැවැත්වූ විමර්ශනයකට සහාය ලබා දුන් බවත් ඉන් අනාවරණය වූ කරුණු මත මෙම අත් අඩංගුවට ගැනීම සිදුකළ බවත් සිංගප්පූරුවේ දූෂණ පිළිබඳ විමර්ශන කාර්යාංශය එරට මාධ්‍ය වෙත පවසා ඇත.
දුෂණ සම්බන්ධව සිදු කරගෙන යනු ලබන විමර්ශනයක් සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍ය එස්.ඊශ්වරන් මහතාගෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය බව පසුගිය 5 වැනිදා දූෂණ පිළිබඳ විමර්ශන කාර්යාංශය එරට අග්‍රාමාත්‍ය ලී සියැන්ග් ලෝන්ග් මහතාට දන්වා ඇත.
එම ඉල්ලීමට ඉඩ දෙමින් අග්‍රාමාත්‍යවරයා පසුගිය 6 වැනිදා ප්‍රවාහන අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කිරීමට දූෂණ පිළිබඳ විමර්ශන කාර්යාංශයට අවසර ලබා දී තිබේ.
මේ පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය ලී සියැන්ග් ලෝන්ග් මහතා ප්‍රකාශ කර ඇත්තේ ප්‍රවාහන අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කිරීමට පසුගිය 5 වැනිදා දූෂණ පිළිබඳ විමර්ශන කාර්යාංශය සිදුකළ ඉල්ලීමට අවසර දී ඇත.
එසේම විමර්ශනය අවසන් වන තෙක් අනිවාර්ය නිවාඩු යන ලෙස උපදෙස් දුන් බවත් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය අමාත්‍ය චී හොං ටැට් වැඩ බලන ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ඇති බවත් අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.
විමර්ශනය අවසන් වන තෙක් ඔහු සියලූම තනතුරු සහ වගකීම්වලින් නිදහස් කිරීමට අග්‍රාමාත්‍යවරයා එරට රජයට උපදෙස් ලබා දී ඇති බව එම ප්‍රකාශයේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වෙලාවට ලංකාවේ එහෙම වෙන්නේ නෑ. එහෙම වුණොත් රට කරන්න පාර්ලිමේන්තුවක් නැතුව යනවා...!
අපේ රටෙත් මේ ආකාරයට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නම් අද අපට කැබිනෙට්ටුවක් නැත...
අනේ ඇත්තට...! එහෙමයි ඒ රටවල්වල වෙන්නේ. අපේ රටේ! එවුවා එහේ, මෙව්වා මෙහේ නේද?
සිංගප්පූරුවේ මෙවැනි දේවල් වෙන්නේ නෑ. ඇමැතියා ලංකාවේ උපන් කෙනෙක් වගේ...? ලි ක්වාන් යූ හිටියා නම් එල්ලලා මරනවා.
සිංගප්පූරුව දියුණු වෙන්නේ දූෂණවලට එරෙහිව කටයුතු කරන නිසා... අපේ රටේ හැමදාම හොරු අල්ලන්න ඡන්දෙ ගන්නේ අන්තිමට හොරුත් එක්කම එකතු වෙනවා.
ඒකටත් එක්ක අපේ රටේ. රටම හොරාකාලා විනාශ කරපු අයත්, නිදහසේ, සුවසේ ඉන්නවා. හොරු අල්ලනවා කියලා බලයට ආපු අයත් ඊට හපන්...?
නොදියුණු රටවල් වල ඔහොම තමයි .බලන්න ලංකාව කොච්චර දියුණුද කියලා.දූෂණය අතින්
මාල හොරු කප්පම්කාරයින්, මිනී මරුවන්, සමාගම් බංකොළොත් කල අයවලුන් මැරයින් පිරුණ අපේ පාර්ලිමේන්තුව ..... ලොවටම ආදර්ශයක් දෙන අපේ ඡන්දදායකයන්ට මල් තියල වඳින්න ඕන නේද පාර්ලිමේන්තුවේ ඉන්න ඇත්තෝ......
සිරි ලංකාව හොර ගුහාවක් .
අපේ නම් මෙ වගෙ දෙයකට කමිටුවක් පත් කරනව. එ කමිටුවෙන් තමයි සෙරම කරන්නෙ. ඊට පස්සෙ කමිටුවෙ අයත් එකතු වෙලා උඩු.........බුරනව.
අන්න රනිල්ට කරන්න හොඳ කාර්යභාරයක් තියනවා. ප්‍රසන්න රණතුංග, නලින් ප්‍රනාන්දු සහ ටිරාන් අලස් වගේ, මෙයාවත් අපේ ඇමති මණ්ඩලයට දාගත්තොත් මරු...
අපේ පාර්ලිමේන්තුවට, කැබිනෙට්ටුවට විතරක් දොස් කියලා වැඩක් නෑ. අනිත් අයට ඇඟිල්ල දිගුකරන මෙහි අදහස් දැක්වූ සහ සමස්ත රටෙන් 99%ක්ම හොරු සහ දූශිත මිනිස්සුම තමයි. අවංක කම, මෙත්සිත, කරුනාව, මුදිතාව, උපේක්ෂාව අපේ රටේ අතීතයේ තිබූ ගුන ධර්ම බවට පත්වෙලා.