ලක්ෂ 50ක කුඩු සමග කතක් සැකපිට රුපියල් ලක්ෂ පනහකට අධික විවිධ මත්ද්‍රව්‍ය තොගයක් සමග කාන්තාවක ග්‍රෑන්ඩ්පාස් හේනමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 29 May 2023
උදය දේවි දුම්රිය පැය හතරක් එකම තැන මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ උදයදේවි සීග්‍රඝාමි දුම්රිය කාර්මික දෝෂයකට ලක්ව පැය තුනකට අධික කාලයක් මහව දුම්රිය ස්ථානය නතර කර තබා ඇත. 29 May 2023
බුදුපිළිමයට හානි කරලා ඉමදුව අඟුලුගහ ගල්බෝක්කුව අසල ඉදි කර ඇති බුදු මැදුරේ වීදුරුව කඩාඑහි තැන්පත් කර තිබු බුදුපිලිමය කිසියම් පුද්ගලයකු පෙරළා දමා ඇති බව ඉමදුව පොලිසිය පවසයි. 28 May 2023
මදි නොකියන්න අනිද්දා සිට තෙල් බෙදයි ඉන්ධන කෝටාව එළඹෙන අඟහරුවාදා (30 වැනිදා) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (28) පස්වරුවේ පැවසීය. 28 May 2023
මැරුණු දරුවා බලහත්කාරයෙන් රැගෙන ගිහින් මිය ගිය දරුවා බලහත්කාරයෙන් රෝහලෙන් රැගෙන ගිය පියා හා මිය ගිය දරුවාට සිදු කළේ කුමක්ද පිළිබඳව කඩිනම් විමර්ශනයක් නුවරඑළිය පොලිසිය සිදු කරන බව නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා පවසයි . 28 May 2023
ටෙලිකොම් කුටිවල තැටි ගලවයි රුපියල් කෝටි 13ක් පමණ වටිනා ටෙලිකොම් ග්රාහක කුටිවල (එම්සාන් පෙට්ටියේ) අඩංගු විද්‍යුත් මෘදුකාංග තැටි සොරා ගැනීම පිටුපස එම තැටිවල ඇති රත්තරන් ගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන්නේදැයි විශේෂ විමර්ශනයක් සිදුකර ඊට සම්බන්ධ සැකකරුවන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාස වෙත උපදෙස් ලබා දුන් බව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය. 28 May 2023
‘‘අසල්වැසියා ප්‍රතිපත්තියට මුල් තැන දුන්නා‘‘ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දුන් සහාය වඩා වැඩි සහායක් ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දී තිබෙන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා ප්‍රකාශ කර ඇත. 28 May 2023
බුදු කුටිය කඩා රන් මාලයක් පැහැරගෙන අගලවත්ත ,සරණ ගම හන්දියේ ස්ථාපිත කර ඇති බුදු මැදුරේ තැන්පත් කර තිබූ රන් මාලයක් සහිත කරඬුව කිසිවකු සොරාගෙන ගොස් ඇති බවට අගලවත්ත පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත. 28 May 2023
නතාශා එදිරිසූරිය රිමාන්ඩ් ප්‍රහසන වැඩසටහනකදී බෞද්ධ ආගමට අපහාස වන පරිදි අදහස් දැක්වූයේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් නතාශා එදිරිසූරිය ලබන 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද නියෝග කළේය. 28 May 2023
උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව යළිත් අවදානමක උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමෙන් පසුව ඒ සඳහා වන මුදල් ලැබීම පිළිබඳව සැකයක් ඇති බවත් පරීක්ෂකවරුන් එම කටයුතුවලින් ඉවත්වුවහොත් දරුවන්ට වන අගතිය පිළිබඳව වගකීම විභාග දෙපාර්තමේන්තුව භාරගත යුතු බවත් සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වල පඤ්ඤාසේකර ස්වාමීන්වහන්සේ පැවසූහ. 28 May 2023
පාරවල් හදන්න ඩොලර් කෝටි 5 ක ණයක් ගන්න යයි රට තුළ මාර්ග පද්ධතියේ දැඩි අබලන් ස්වභාවය පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් ඒකාබද්ධ ග්‍රාමීය මාර්ග ආයෝජන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ අත්‍යවශ්‍යම මාර්ග ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 53 ක ණයක් ඉල්ලා ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 28 May 2023
ආගමික අපහාස ගැන ආණ්ඩු පාර්ශවයෙන් ප්‍රකාශයක් ආගමික භේද ඇති කරමින් ජාතික ආරක්ෂාවට එල්ල වන තර්ජන රජය දැඩිව මර්දනය කරන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. 28 May 2023
කෝටි 27000 ක බදු පොල්ල ගැන ආර්ථික කමිටුවේ අප්‍රසාදය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 27,000ක බදු මුදලක් ( අභියාචනා සහ විරෝධතා නොමැති) අය කර ගැනීම පැහැරහැරීම සම්බන්ධයෙන් ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිලිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දැඩි අප්‍රසාදය පළවිය. 28 May 2023
එතෙරින් ගෙනා භාණ්ඩ සොරා ගත් තුනක් මාට්ටු විදේශීය රටකින් මෙරටට ගෙන්වන ලද රුපියල් එක් කෝටි විසි ලක්ෂයකට අධික වටිනාකමකින් යුතු භාණ්ඩ තොගයක් , කටුනායක ගුවන් තොටුපළෙන් නිදහස් කර ගෙන යමින් සිටියදී ගිනි අවි පෙන්වා එම ව්‍යාපාරිකයා සමග පැහැර ගෙන ගිය තිදෙනකු සමග එම භාණ්ඩ අත්අඩංගුවට ගත් බව කටුනායක පොලිසිය කියයි. 28 May 2023
ඉන්ධන කෝටාව දෙගුණ කරයි එළඹෙන ජූනි මස සිට ඉන්ධන කෝටාව දෙගුණයක් කිරීමට තීරණය කර ඇති බව ඇවිදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 28 May 2023
ඉන්දියාවේ සැප නැවක මංගල ගමනට ලංකාව තෝරා ගෙන ඉන්දියාවේ කොර්ඩේලියා කෲස් සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකා සේවය සිය මංගල ජාත්‍යන්තර ගමන සනිටුහන් කරමින් එළඹෙන 5 වැනිදා ශ්‍රී ලංකාව බලා ගමන් කිරීමට සුදානමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. 28 May 2023
පොසොන් එකට විශේෂ බස් - දුම්රිය අනුරපුරයට මෙවර පොසොන් පොහෝදා අනුරාධපුර මිහින්තලය හා තන්තිරිමලේ පුදබිම් කරා වන්දනාවේ යන ජනතාවට ගමන් පහසුව වෙනුවෙන් සාමාන්‍ය දුම්රිය ධාවනයට අමතරව විශේෂ දුම්රිය ගමන් වාර කීපයක් ධාවනය කිරීමට ද දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. 28 May 2023
සබ්රි එලවන්න ඡන්දෙ දෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගුවන් තොටුපලේ ප්‍රභූ පර්යන්තවලින් පරීක්ෂාවකින් තොරව පැමිණීමට දී ඇති වරප්‍රසාද ඉවත් කළ යුතුයැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 28 May 2023
ඉංගිරීසි නැතිව එංගලන්තයට යවන ජාවාරමක් ව්‍යාජ අධ්‍යාපන සහතික ඇතුළු ව්‍යාජ ලිපි ලේඛන සකසා ශ්‍රී ලාංකිකයන් රට යැවීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු ස්කයි නිවුස් පුවත් සේවය අනාවරණය කරගෙන ඇත. 28 May 2023
අසුපිණිඇල්ලේ බටවලට ගිනි තැබුවැයි සිසුන් හයක් අල්ලයි හෙම්මාවතගම පාණිය ජල යෝජනා ක්‍රමයට අයත් අරණායක අසුපිණිඇල්ල ජල ව්‍යාපෘතියේ ජල නළ ගිනි ගැනිම සම්බන්ධයෙන් පාසල් සිසුන් හත් දෙනකු අද අත් අඩංගුවට ගත් බව අරණායක පොලිසිය පවසයි. 28 May 2023
ලොක්කන්ට 75ක් දෙනවා නම් අපට 10ක් දියව් හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සේවකයෝ රුපියල් දස දහසක ප්‍රසාද දීමනා ඉල්ලා සිට වැඩ වර් ජනයක නිරත වී සිටිති. 28 May 2023
මාතලේට හෙට වතුර නෑ මාතලේ ප්‍රදේශ කිහිපයකට ලබන සඳුදා (28) උදෑසන 8 සිට සවස 06 දක්වා පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 28 May 2023
අකුණු සැරින් අයියා මලෝ මරුට වැස්සෙන් බේරිමට ගෝනගංආර මහවෙල්යායේ මඩුවක සිටි සහෝදරයන් දෙදෙනකු අකුණූ සැර වැදිමෙන් මියගොස් ඇතැයි ගෝනගංආර පොලිසිය කියයි. 28 May 2023
රැඳවියෝ දහයක් සා.පෙළට වරම් ලබති බන්ධනාගාර රැඳවියන් 10 දෙනකු හෙට ආරම්භවන අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින බව බන්ධනාගාර මූලස්ථානය මුලස්ථානය පවසයි. 28 May 2023
ඩබ්ලිව්.පී.සීට මන්නා පහරක් වේයන්ගොඩ කුඹල්ඔළුවේදී මන්නා පිහි ප්‍රහාරයකට ලක් වූ පොලිස් කොස්තාපල්වරියක වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇතැයි නුංගමුව පොලීසිය කියයි. 28 May 2023
බුද්ධාගමට අපහාස කළැයි ජයනි නතාෂා ගුවන්තොටේ දී අල්ලයි ’’ මෝඩාභිමානය ’’ නැමැති ප්‍රහසන වැඩසටහනකදී බෞද්ධ ආගමට අපහාස වන පරිදි අදහස් ඉදිරිපත් කළැයි ලැබුණු පැමිණිලි අනුව ජයනි නතාෂා එදිරිසූරිය නම් කාන්තාව සිංගප්පූරුව බලා පිටත්ව යාමට කටුනායක ගුවන්තොටුපොළට ආ අවස්ථාවේ අත්අඩංගුවට ගත් බව රහස් පොලිසිය කියයි. 28 May 2023
යුවළක් පැහැරගත් හයක් මාට්ටු හැඳල සහ මාකොළ පදිංචි යුවළක් ත්‍රීරෝද රථයකින් පැහැරගෙන එමින් සිටී හයදෙනකු දෙමටගොඩ දී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි. 28 May 2023
වසර 54ක් සරසවි ගිය සිසුවා තම උපාධිය සම්පූර්ණ කිරීමට වසර 54 ක් වැය කළ සිසුවකු පිළිබඳ බ්‍රිටිෂ් කොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් වාර්තා වේ.71 වැනි වියේ පසුවන ආතර් රෝස් නම් මෙම සිසුවා තම කලා උපාධිය සම්පූර්ණ කිරීමට වසර 54 කාලයක් වැය කර ඇත. 27 May 2023
ඩිජිටල් උප්පැන්න ළඟදීම එයි ඩිජිටල් උප්පැන්න සහතිකය ඉතා ඉක්මනින් නිකුත් කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇතැයි ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවැසීය. 27 May 2023
පාසලේ පිරිත් පිංකමට ඇවිත් කලබල කළ සිසුන් අත්අඩංගුවට කැකිරාවේ පාසලක පැවැති පිරිත් පිංකමක් අතරතුරදී කලහකාරි ලෙස හැසිරුණු බව කියන එම පාසලේ සිසුන් 07 දෙනකු කැකිරාව පොලිස් ස්ථානය මගින් අද (27) අත්අඩංගුවට ගෙන තිබේ. 27 May 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026