
( සිතුම් චතුරංග)
මන්නාරම, තාරාපුරම් ප්‍රදේශයේ පෞරාණික ස්ථානයක නිධන් හාරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු භූමිය පරීක්ෂාකරන නවීන ස්කෑනර් යන්ත්‍රයක්ද සමඟින් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
නිධන් හාරමින් පිරිසක් සම්බන්ධයෙන් මන්නාරම පොලිස් විශේෂ කාර්ය බළකායට ලැබුණ තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.
සැකකරුවන් සිව්දෙනා ස්කෑනර් යන්ත්‍රයෙන් භූමියේ ඇති පාෂාණ සහ ලෝහමය ද්‍රව්‍ය පරීක්ෂාකොට නිධන් හෑරීම සිදුකොට ඇති බවත් විශේෂ කාර්ය බලකාය පැවසීය.
විශේෂ කාර්ය බලකාය පැවසූයේ එලෙස ස්කෑනර් යන්ත්‍රයෙන් පරීක්ෂා කිරීමේදී අදාල ස්ථානයේ නිධන් වස්තු පවතින බවටවූ සැකයක් මත සැකකරුවන් නිදන් හෑරිම සිදුකොට ඇති බවත්ය.
සැකකරුවන් කැළණිය, කැකිරාව හා වැල්මිල්ල ප්‍රදේශයන්හි පදිංචි අවුරුදු 35 ත් 46 ත් අතර වයසේ පසුවන්නෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඇත්තට ඉස්සර නිදන් හාරපු අය කිසි කරදරයක් නැතුව ඉන්නවානේ .