(ලක්මි කුඩලිගම)

හොරණ පොලේගොඩ ප්‍රදේශයේදී  යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන මාර්ගයේ පසෙක අලුත්වැඩියා කටයුතු සඳහා නවතා තිබූ ලොරි රථයක තට්ටුවක ගැටිමෙන් අද(17) දහවල් සිදුවූ අනතුරකින් යතුරුපැදිකරුවකු  ජීවිතක්ෂයට පත්ව ඇතැයි අගලවත්ත පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ හොරණ ප්‍රදේශයේ හාඩ්වෙයාර් එකක ලිපිකරුවකු වශයෙන් සේවය කරන හොරණ මීවනපලාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 61ක පුද්ගලයකු බව පොලිසිය පැවසීය.

මලසිරුර වැඩිදුර පරික්ෂණ සඳහා හොරණ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.