
(කේ. බුද්ධික කුමාරසිරි)
හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ හිටපු විදුහල්පති කසුන් ගුණරත්න මහතා තමාට සිසුන්ගේ මවුපියන් දීමට ගිය රුපියල් ලක්ෂ 31 ක මුදල යොදවා එම පාසලට සුහුරු පුස්තකාලයක් ඉදිකිරීමට කටයුතු යෙදූ අතර එම පුස්තකාලය අද (17) ඔහු අතින්ම විවෘත කෙරිණි.
හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ වසර නවයක කාලයක් සේවය කර ස්ථානමාරුවක් ලැබ යන අවස්ථාවේ සිසුන්ගේ මවුපියන් රුපියල් ලක්ෂ 31 ක මුදල් ත්‍යාගයක් දීමට සූදානම් වූ අවස්ථාවේ කසුන් ගුණරත්න මහතා එය කාරුණිකව ප්‍රතික්ෂේප කර එම මවුපියන්ගෙන් ඉල්ලා සිටියේ එම මුදල යොදවා පාසලට මහත් අඩුපාඩුවක්ව පවතින සුහුරු පුස්තකාලයක් ඉදිකිරීමට කටයුතු යොදන ලෙසය.
සුහුරු පුස්තකාලය විවෘත කිරීමට ආරාධනා ලැබුවේ හිටපු විදුහල්පති කසුන් ගුණරත්න මහතාටය.
කසුන් ගුණරත්න මහතා විදුහලට පැමිණි අවස්ථාවේ සිසුහු මවුපියෝ සහ ගුරු මණ්ඩලය ඔහු ඉතා උණුසුම් ලෙස පිළිගත්හ.
තමාට ලැබුණු ත්‍යාගය පාසලටම පරිත්‍යාග කළ හිටපු විදුහල්පතිවරයාගේ ආදර්ශවත් ක්‍රියාව එහි දී මහත් ඇගැයීමට ලක් කෙරෙණි.
කසුන් ගුණරත්න මහතා ගම්පහ බණ්ඩාරනායක ජාතික පාසලේ වර්තමාන විදුහල්පතිවරයාය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් පින්. සියලු අනාගත අපේක්ෂා සාර්ථක වේවා
බොහොම හොඳයි, ස්තුතියි සර්.
මෙවන් උතුම් පුද්ගලයින් ඇගයි ය යුතුයි.
ඉතාම ආදර්ශවත් ක්‍රියාවක් .අපේ සමහර ගුරුවරු වර්ෂ අවසානයේදී කටින්ම තෑගී ඉල්ලන සමාජයක මෙවන් ගුරුවරු දකින්න ලැබීමත් සතුටක්
ගුරු දෙවිවරු කියන්නෙ මෙ වගේ අයට. අද කාලෙ ලමයෙක්ව ඉස්කොලෙ දාන්න ලක්ස ගනන් ඉල්ලන විදුහල්පතිල අතරේ සැබවින්ම මහත්මා ගති ඇති පුද්ගලයෙක්. ඔබට ජයවෙවා විදුහල්පති තුමනි. ඔබගෙ අනාගත වැඩ පිලිවෙල සාර්ථක වෙවා.
ජෝසප් ස්ටාලින්ගේ පුතා අර ලෝකල් ඉස්ටාලින් මේවා දන්නවාද දන්නේ නැහැ.
ඔබව හැදූ වැඩූ දෙමව්පියන්ට බොහොම පින්