(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස්. රුද්‍රිගු)
ජනාධිපති සමාව විධායක ජනාධිපති සතු අනන්‍ය බලයක් බවත් එයට මැදිහත් වීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නැති බවත් රෝයල් පාර්ක් නඩුවේ විත්තිකරුට ජනාධිපති සමාව දීමට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේ දී නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ මහතා පැවැසීය.
නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ මහතා මෙසේ ප්‍රකාශ කළේය.
යම් අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාවලියෙන් පසු දඬුවමක් නියම කළවිට අධිකරණ ක්‍රියාවලිය අවසන් වේ. විධායක ජනාධිපතිවරයා පත් කරනු ලබන්නේ ජනතාව විසිනුයි. ඒ අනුව ජනාධිපති සමාව විධායක ජනාධිපති සතු අනන්‍ය බලයක්. එය ඉතා වැදගත්. එයට අත පෙවීමට අධිකරණයට බලයක් නැහැ. ඊට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් පවත්වා ගෙන යා නොහැකියි. මෙම අනන්‍ය බලය ලබා දී ඇත්තේ විධායකය සහ අධිකරණය අතර ඇති සමතුලිතතාව පැවතීම සඳහායි.
යම් අයකුට වැරදීමකින් මරණ දඬුවම නියම කළහොත් ජනාධිපතිවරයාට සමාව ලබා දිය හැකියි. මෙය අදාළ වන්නේ අපරාධ නීතියටයි. ඊට අධිකරණයට මැදිහත් වීම ජනතා පරමාධිපත්‍යයට මැදිහත් වීමක්.
මෙම පෙත්සම එස්. තුරේරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යම් අයකුට වැරදීමකින් මරණ දඬුවම නියම කළහොත් ජනාධිපතිවරයාට සමාව ලබා දිය හැකියි. ඒ කියන්නෙ මෙතන අධිකරනයට වැරදීමක් වෙලාද?
මරණ දඩුවමක් ලබාදෙනු ලබන්නේ එක විනිසුරුවරයකු නොවේ නම්, විනිසුරුවරුන් කිහිපදෙනෙකු විසින් යම් අයකුට වැරදීමකින් මරණ දඬුවම ලබාදිය හැකිද? විනිසුරුවරුන් කිහිපදෙනෙකු විසින් යම් අයකුට මරණ දඩුවම ලබාදීමේදී ඔවුන් සියල්ලන්ම එකම තීරණයක් ( වැරදීමකින් මරණ දඬුවම ලබාදිය ) ගත හැකිද ? එසේ මරණ දඩුවම නියම කළහොත් ජනාධිපතිවරයාට සමාව ලබා දිය හැකියි. නමුත් ජනාධිපතිවරයා යනු තනි පුද්ගලයෙකි.
ජනාධිපතිට අධිකරණය යටත්ය .එතකොට කෙලින්ම මහජනයා ජනාධිපතිට යටත්ය
හරි එහෙනම් සිරා ෂේප්…!
දුමින්ද සිල්වත් නිදහස් වෙන සීන් එකක් තියෙන්නේ ?
එතකොට ජනාධිපතිට පුළුවන් නේ සියලුම වැරදි කරුවන් නිදහස් කරන්න. පුදුම රටක්.
මෙතන අපි කියව්වේ සොලිසිටර් ජනරාල් ගේ නීති තර්කය. බලමු විනිශ්චයකාර වරුන්ගේ තීන්දුව මොකක්ද කියලා. හිටපු ජනාධිපති කෙනෙක් එල්ලුම් ගහට නියමවූ පාක්ෂිකයින් 2 නෙක් ඒ කාලේ නිදහස් කලා. ඒගැන කිසිවක් ප්‍රශ්න කලේ නැහැ. සොලිසිටර් ජනරාල්ගේ තර්කය විනිසුරුවන් පිළිගත්තොත් දුමින්ද දිසානායක නිදහස් කිරීම වලංගු නැද්ද?
පුදුම කාලකන්නි ටිකක් පාලනය කරන රටක් .මේ බලයෙන් කොහොමද සමතත්වය ඇතිවෙන්නේ ?පිස්සු කතා
ඒක තමයි චන්දයක් තියන්න කියන්න එතකොට පුළුවන් නේ ජනාධිපති ආණ්ඩුවක් හදන්න
ජනපති විධායක බලතල අනුව ජනාධිපතිට බැරි පිරිමියෙක් ගෑනියෙක් කරන්න. ජේ ආර් කාලේ මිනීමරු ගොනාවල සුනිල්ට සමාව දීලා ජේ පී තනතුරක් දුන්නේ