සිමෙන්ති මිල රුපියල් 225 කි බසී කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල අද (14) මධ්‍යම රාත්‍රී සිට රුපියල් 225 කින් පහළ දැමීමට සිමෙන්ති සමාගමක් කීපයක් තීරණය කර ඇති අතර එම මිල පහත දැමීමත් සමඟ සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2,750ක් දක්වා අඩු වේ. 14 December 2022
ලංකාවේ උපාය මාර්ග සැලසුමට ලෝක ආහාර වැඩසටහනේ අනුමැතිය ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික සැලසුම ලෝක ආහාර වැඩසටහනෙහි විධායක මණ්ඩලය අනුමත කර තිබෙි 14 December 2022
ජාතික පුෂ්පයේ අවුල විසඳන්න විශේෂඥ කමිටුවක් ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය මානෙල්ද නිල් මානෙල්ද යන්න සම්බන්ධයෙන් මතභේදාත්මක තත්වයක් ඇතිවී තිබෙන හෙයින් එම ගැටලුව විසඳාගැනීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව තීරණය කළේය. 14 December 2022
ගංගාරාම පොඩි හාමුදුරුවන්ගේ ජන්ම දිනයට පින්කම් මාලාවක් ඓතිහාසික හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය පූජා භූමියක් ලෙස සංවර්ධනය කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ගලබොඩ ඥනීස්සර නාහිමියන්ට අද පිළිගැන්වීය. 14 December 2022
පාසල් පොත් වැඩි මිලට වික්කොත් වැඩ වරදී පාසල් අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ නියමිත මිලට වඩා වැඩි මිලට අලෙවි කරන වෙළඳුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ . 14 December 2022
මන්ත්‍රී ජයන්තට පහරදීමට තැත් කළැයි පැමිණිල්ලක් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීරට බණ්ඩාරගම කඹුරුගොඩ ප්‍රදේශයේ දී පුද්ගලයකු පහරදීමට තැත් කළ බව පවසමින් ඒ මහතාගේ ආරක්ෂාවට සිටින ඇමති ආරක්ෂක කොට්ඨාසයේ පොලිස් පරීක්ෂකවරයකු පැමිණිල්ලක් කර ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි. 14 December 2022
සහල් ආනයනය අත්හිටුවයි බාස්මති සහල් හැර සෙසු සහල් වර්ග ආනයනය තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත්කර ඇති බව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා ‘ලංකාදීප’යට අද (14) පැවසීය. 14 December 2022
විදේශ සේවා කාර්යාංශයේ පොලිස් ඒකකය වහලා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පොලිස් ඒකකය අහෝසි කිරීම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා කමිටුව) දැඩි අප්‍රසාදය පළවී ඇත. 14 December 2022
ඌවතැන්නේ සුමන හිමි යළි රිමාන්ඩ් පොල්තෙල් ලබාගෙන කෝටි 5 කට ආසන්න අගරු චෙක්පත් නිකුත් කර වංචාවක් කළැයි කියන සිද්ධියකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී ඌවතැන්නේ සුමන හිමි ලබන 24 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (24) නියෝග කළේය. 14 December 2022
’’පිටරටින් දුන් සල්ලිවලින් බෙහෙත් හරියට අරන් නැහැ’’ විදෙස් අරමුදල්, ඖෂධ මිලදී ගැනීම සඳහා නිසි ලෙස භාවිතයට ගෙන නැතැයි ආර්ථිකය ස්ථායිකරණයට අදාළ වැඩසටහන් හඳුනාගැනීමේ ජාතික සභා අනු කාරක සභාව අදාල ආයතන බලධාරින්ට අප්‍රසාදය පළකර ඇත. 14 December 2022
ඉලෝන් මස්ක්ගෙන් කිරුල ගැලවෙයි නැවත වරක් ඉලෝන් මසක් ලොව ධනවත්ම පුද්ගලයන් අතර දෙවැනි ස්ථානයට පත්ව තිබේ. ඉලෝන් මස්ක් පසු කරමින් ලුවී වටාන් මවු සමාගම වන එල්වීඑම්එච් හි සභාපති මෙන්ම එහි ප්‍රධාන විධායක නිලධාරියා වූ බර්නාර්ඩ් ආර්නොල්ට් ලොව ධනවත්ම පුද්ගලයා වී ඇත. 14 December 2022
මත්කුඩු-කඩු කිනිසි සමග දෙමස්සිනෝ සැකපිට අයිස් මත්ද්‍රව්‍ය සහ තියුණු ආයුධ සමග දෙමස්සිනාලා කුඹුක නැගෙනහිර, නාරන්ගහහේන නිවසකදී අත්අඩංගුවට ගත් බව මොරගහහෙන පොලීසිය කියයි. 14 December 2022
මහපොළ ප්‍රදර්ශනය මාර්තු මාස ඇරඹෙයි මහපොළ අධ්‍යාපන හා වෙළෙඳ ප්‍රදර්ශනය ලබන මාර්තු මස ආරම්භ කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය. 14 December 2022
ලස්සන තැන් වලට ප්‍රසන්නගේ හිත යයි දිවයින පුරා පිහිටි ආකර්ෂණීය සංචාරක ස්ථාන නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සමඟ එක්ව සංවර්ධනය කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. 14 December 2022
කළුබෝවිල රෝහලේ සිවුවැනි මහලින් රෝගියෙක් බිමට කළුබෝවිල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකු සිව් වන මහලෙන් බිමට වැටී ජීවිතක්ෂයට පත්ව ඇතැයි කොහුවල පොලීසිය පවසයි. 14 December 2022
විදුලිබල මණ්ඩල සේවකයෝ ප්‍රසාද දීමනාව එපා කියති මහජන උපයෝගීතා කොමිසම නියම කළ පරිදි ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් මෙම වසරේ (2022) ප්‍රසාද දීමනව අත්හැරීමට එකඟ වූ බව මහජන උපයෝගීතා කොමිසම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. 14 December 2022
කෝටි ගණනක මත්ද්‍රව්‍ය ලංකාවට පන්නන්න බැරි වේ ශ්‍රී ලංකාවට එවීම සඳහා සූදානම් කළ ඉන්දීය රුපියල් කෝටි 110 ක් වටිනා ගංජා තෙල් සහ මත්ද්‍රව්‍ය තොගයක් සමග දෙදෙනකු තමිල්නාඩු රාමනාතපුරම් හිදි අත්අඩංගවට ගත් බව තමිල්නාඩු බුද්ධි අංශ සමත්ව ඇත. 14 December 2022
මෙසී පාපන්දු පිටියෙන් සමුගනියි ලෝක ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයෙකු වන ආර්ජන්ටිනා කණ්ඩායමේ නායක 35 හැවිරිදි ලයනල් මෙසී තමා ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගන්නා බව නිවේදනයේ කර ඇත. 14 December 2022
මෙම වසරේ සංචාරකයන් ලක්ෂ හයහමාරට ආසන්න වෙයි මෙම වසර තුළ මෙරටට විදේශ සංචාරකයන් හයලක්ෂ පනසස් දහසකට ආසන්න සංඛ්‍යාවක් පැමිණි ඇති බවත් මෙම මස පළමු දින 7 තුළ පමණක් විදෙස් සංචාරකයින් 16,000 කට අධික සංඛ්‍යාවක් පැමිණ ඇති බවත් සංචාරක සංවර්ධන මණ්ඩලය පැවසීය. 14 December 2022
ලංකා සතොස භාණ්ඩ 5ක මිල තවදුරටත් අඩු කරයි අත්‍යවශ්‍ය භාණ්ඩ 5 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල අද (14) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පවසයි. 14 December 2022
ඩෙංගු රෝගීන්ගේ විශාල ඉහළ යෑමක් මෙම දිනවල පවතින වර්ෂාව සහිත කාලගුණයත් සමඟ ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බවත් මෙම වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 71,000 ක් පමණ හඳුනාගෙන ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. 14 December 2022
’’සේරිවාණිලා’’ මට්ටු කරන්න කෘෂි ඇමැතිගෙන් තීරණයක් හොර තරාදි භාවිත කරමින් ගොවි ජනතාව සූරා කෑම වළක්වාලීම සඳහා වහාම කිරුම් මිණුම් දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධ වැඩ පිළිවෙළක් ආරම්භ කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් ගුනදාස සමරසිංහ මහතාට උපදෙස් දුන්නේය. 14 December 2022
මේ වසරේ අයි.එම්.එෆ් ණය නෑ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල සඳහා නිල වශයෙන් අනුමැතිය මෙම වසර අවසන් වීමට පෙර ලබාදීමට විධායක කමිටුව බලාපොරොත්තු නොවන බව ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත. 14 December 2022
පේරාදෙණි කලා ආචාර්යවරු දේශනවලින් ඉවත් වෙති පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහු ගේ පුත්‍රයට පහර දීමේ සිද්ධියට විරෝධය දක්වමින් ලබන 18 වැනි දින දක්වා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ ආචාර්යවරුන් දේශන කටයුතුවලින් ඉවත්වීමට පියවර ගෙන තිබේ. 14 December 2022
මට්ටක්කුලියේ අමානුෂික ඝාතනයට හතරක් සැකපිට මට්ටක්කුලිය සාවියා පටුමග ප්‍රදේශයේ දී ඉකුත් (28) දින මෝටර් රථයකින් පැමිණ පිරිසක් විසින් පුද්ගලයකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 14 December 2022
කතට පහරදුන් මේ කත කවුද කොල්ලුපිටිය ගාලු පාරෙදි සුඛෝපභෝගී මෝටර් රථයක් ගැටීමෙන් තීරෝද රථයක රියදුරු මියයාමෙන් අනතුරුව එම මෝටර් රථයේ පැමිණි කාන්තාවකට අමානුෂික ලෙස මහමඟ දමා ගෙන පහර දුන් බව කියන ප්‍රධාන සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය අපේක්ෂා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය. 14 December 2022
පාතාල නායක බිරිය රට පනින්දී මාට්ටු රුපියල් කෝටි 25 ට අධික මුදලක් බැංකු ගිණුමක සහ තැපන්පතුවක තබාගෙන සිටි මතුගම ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන ’’මතුගම සහන්’’ හෙවත් සහන් අරෝස් ජයසිංහ නමැත්තාගේ බිරිද ඩුබායි රාජ්‍යයට පලා යාමට උත්සාහ කිරිමේදී කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තුව පවසයි 13 December 2022
වකුගඩු ගැලවූ රෝහලේ ලිපි ගොනු සී.අයි.ඩී.යට නීතිවිරෝධී අයුරින් දිළිඳු පවුල්වල පුද්ගලයන්ගේ වකුගඩු ලබාගනිමින් ඡාවාරමක් සිදුකළැයි කියන බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලේ සිදුකළ වකුගඩු සැත්කම්වලට අදාළ ගොනු සියල්ල සිය භාරයට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය අද (13) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මියට කරුණු වාර්තා කළේය. 13 December 2022
ආහාර සුරක්ෂිතතා නීති අලුත් වෙයි ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් ගෙන එන බවත් ඒ සඳහා ඉදිරියේ දී නව නීති හඳුන්වාදීමට ද බලාපොරොත්තු වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 13 December 2022
පාර්ලිමේන්තු මන්ත්රීෙගන් පහර කෑ හිටපු සංවිධායක රෝහලේ ආරක්ෂක නිලධාරීන් අත්දෙක අල්ලාගෙන සිටියදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඇතුළු පිරිසකගේ ප්‍රහාරයට ලක් වූ පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගත ව ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි 13 December 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026