
(රංජිත් රාජපක්ෂ)
ප්‍රිමා තිරිගු පිටි සමාගමේ නිෂ්පාදිත තිරිගු පිටි කිලෝවක මිල (18) දින සිට රු 10 කින් අඩු කළ බව එම සමාගම නිවේදනය කර ඇත.
ඒ බව දිවයින පුරා එම සමාගමේ තිරිගු පිටි බෙදා හරින සියළුම අලෙවි නියෝජිතයන් වෙත දැනුම් දුන්නේය.
ඒ අනුව පාන් නිෂ්පාදනය සදහා භාවිතා කරනු ලබන ප්‍රිමා මිල්ක් බ්‍රැන්ඩ් කිලෝවක් එම සමාගම අලෙවි නියෝජිතයන්ට රු 210 කට නිකුත් කල අතර, එය වෙලදපොලේ රු 230 වැනි සිල්ලර මිලකට අලෙවි කෙරිණ.ෙ
නව මිල අනුව එම සමාගම ග්‍රින් තිරිගු පිටි කිලෝවක් රු 195 තොග මිලට අලෙවි කරන අතර, එම තිරිගු පිටි කිලෝවක් රු 210 ක සිල්ලර මිලකට අලෙවි කරන බවයි අලෙවි නියෝජිතයන් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd