(අංජුල මහික වීරරත්න)
ලබන මහ කන්නයේ දී පැරචුට් තැටි මිල දී ගැනීමට ගොවීන්ට සියයට 75ක සහනාධාරයක් රජයෙන් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.
2023/24 මහ කන්නයේ දී වී වගාව සඳහා නව තාක්ෂණික ක්‍රම හඳුන්වා දීම යටතේ ගොවි ජනතාව අතර පැරචුට් ක්‍රමය භාවිතය පුළුල් කිරීමට සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම හා කෘෂි උපකරණ ලබා දීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
පැරචුට් තාක්ෂණය යනු වී වගාවේ ඉහල අස්වැන්නක් ලබා ගත හැකි ගොයම් පැල සිටුවීමේ තාක්ෂණික ක්‍රමයකි.
ගොයම් පැළ සකස් කිරීමට අවශ්‍ය පැරචුට් තැටි මිල දී ගැනීමට ගොවීන්ට අමතර මුදලක් වැය කිරීමට සිදු වන නිසා ගොවීන් මෙම ක්‍රමයට අනුගමනය නොකරන බව පෙනී ගොස් ඇතැයි ද එමනිසා පැරචුට් තැටි මිල දී ගැනීමට වැය වන මුළු මුදලින් සියයට 75ක් කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ලබා දීමට කටයුතු කරන බව ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඩු මිල 500% වඩිකරල අපෙන් අරගත්තු මුදල් දැන් පක්ශ හදාගන්න ගොවියන්ට දෙනව. කරන්න ඔන ජාතික ප්‍රතිපත්තියක් හදල ගොවියන්ට ටැක්ස් අයින් කලානම් රටම ගොඩ .