(කේ බුද්ධික කුමාරසිරි)

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වශයෙන් සැලකෙන ඌරුජුවාගේ සමීපතමයකු ඊෂි කෑෂ් ක්‍රමයට මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටියදී තියුණු ආයුධයක් සහ මත්ද්‍රව්‍ය සමගින් හංවැල්ල දිද්දෙනිය ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව හංවැල්ල පොලිසිය පවසයි.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ කූඩැල්ලා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන වන 27 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු දිද්දෙනිය ප්‍රදේශයේ කුලී පදනමට ලබාගත් නිවසක රැඳී සිටියදී මෙසේ අත්අඩංගුවට ගත් බවත් එම අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 ක් පමණ , සිම් කාඩ්පත් , ජංගම දුරකථනයක්, කුඩා තරාදියක්, බැංකු කාඩ්පත් 09 ක් සමඟ තියුණු ආයුධයක්ද හමු වූ බව පොලිසිය පවසයි.