(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රට පුරා රෝහල්වල ඇති බාල ඖෂධ කඩිනමින් භාවිතයෙන් ඉවත් කිරීමට කටයුතු කළ යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් පැවසීය.
රෝගීන්ගේ ජීවිත මතින් ගොස් මඩිය තර කර ගැනීමට කටයුතු කළ සියලු පාර්ශවයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට රජය වහාම කටයුතු කළ යුතු බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
රට පුරා ඖෂධ හිඟවීම්, වෛද්‍ය උපකරණවල හිඟය, ඖෂධ ප්‍රමිතියෙන් තොරවීම, රෝගී සත්කාරක ගැටලු සහ නොසැලකිලිමත්කම හේතුවෙන් රෝගීන්ගේ ජීවිත අහිමිවීම් පිළිබඳව මේ දිනවල බොහෝ සෙයින් අසන්නට ලැබෙන බව කී ප්‍රේමදාස මහතා දිගින් දිගටම සිදුවන මෙම සිදුවීම් අපට සුළු කොට තැකිය නොහැකි යැයිද සුළු රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලැබීමට රෝහල් ගත වූ පිරිස් ප්‍රතිකාර සඳහා ලබා දුන් ඖෂධ හේතුවෙන් ක්ෂණිකව ජීවිතක්ෂයට පත්වීමට තුඩු දුන් හේතු පිළිබඳව කඩිනමින් පරීක්ෂා කර තවදුරටත් එවැනි සිදුවීම් වාර්තා වීම වලක්වාලීමට පියවර ගත යුතු බවද සඳහන් කළේය.
මෙරට ජනතාව නිදහස් සෞඛ්‍ය සේවාව භුක්ති විඳීමට පවා බියක් ඇති වන පරිදි රෝගී සත්කාරක සේවා ලබා ගැනීමට ගොස් ජීවිත අහිමිවීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා තවමත් නිහඬව සිටින්නේ ඇයිදැයි සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කළේය.
රෝගී ජීවිත අවදානමට පත් වීම ගැන රජය විධිමත් පරීක්ෂණයක් සිදු කර තිබේ දැයි ප්‍රශ්න කළ සජිත් ප්‍රේමදාස මහතා පසුගිය වසර තුනේ ලියාපදිංචියකින් තොරව හදිසි මිලදී ගැනීම් ලෙස කොපමණ ඖෂධ ප්‍රමාණයක් ගෙන්වා තිබේ දැයි විමසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd