
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දිළිඳු දරුවන්ට කිසිදු මුදලක් නැතිව නොමිලේ සීසන් ටිකට් ලබා දීමටත් ගෙවීමේ හැකියාවක් ඇති අයට ගමන් ගාස්තුවෙන් තුනෙන් එකක් ගෙවා ඉතිරිය සහනාධාරයක් ලෙස ලබා දෙන්නත් කටයුතු කරන බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
පොළොන්නරුව දිස්ත්‍රික් සජබ මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා ඇසූ පැනයකට පිළිතුරු දෙමින් බන්දුල ගුණවර්ධන මහතා මේ බව කීය.
ශිෂ්‍ය සීසන් සඳහා අය කළේ 9% ක් පමණක් බවද දැන් එය 30%ක් දක්වා අය කරගන්න යන බවට කතාවක් තිබෙන අතර එහි සත්‍යතාවයක් තිබේ දැයි කින්ස් නෙල්සන් මහතා ප්‍රශ්න කළේය.
ඊට පිළිතුරු දෙමින් බන්දුල ගුණවර්ධන මහතා කීවේ සිසුසැරිය ක්‍රියාත්මක කරන්නේ රජයෙන් ලැබෙන විශාල සහනාධාරයක් මත බවත් වර්ෂයකට බිලියන දෙකක් ඊට සහනාධාර ලෙස ලබා දෙන නමුත් රාජ්‍ය මූල්‍ය අර්බුදය නිසා ඒ මුදල් දෙන්න භාණ්ඩාගාරයට හැකියාවක් නැති බවයි. එවිට සිසු සැරිය පවත්වාගෙන යාම පිළිබඳව ගමනාගමන මණ්ඩලයට මෙන්ම පෞද්ගලික අංශයට විශාල ප්‍රශ්නයක් ඇතිවී තිබෙන බවද සීසන් ටිකට් පත් සඳහා විශාල සහනාධාරයක් දෙන විට යෙදවෙන බස් රථ ප්‍රමාණය අඩු වෙන බවද අමාත්‍යවරයා කීය.
ඒ නිසා මේ ගැන සොයා බලා තීන්දු ගැනීමට කැබිනට් අනුමැතියෙන් කමිටුවක් දමා තිබෙන බව කී අමාත්‍යවරයා සිසු සැරිය පවත්වාගෙන යාම සදහා ඩීසල් වියදම පියවා ගැනීමට වත් මේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඉතින් ඒකත් අස්වැසුම වගේ අහිංසක දරුවන්ට නොදී ඉහළම ආදායම් තියෙන එවුන්ටම දෙයි.අස්වැසුම ව්‍යාපාර ලියාපදිංචි කර ඉහළම ආදායම් ලබන අයටත් ඉඩම් ආදායම් විශාල වශයෙන්ම තියෙන අයටත් දුන්නා මිස අසරණයින්ට දුන්නෙ නැහැ නේ
බන්දුල ගුණවර්ධන ඇමති තුමා රටේ මිනිස්සුන්නට නොමිලයේ දීම නවත්වන්න කටයුතු කරන්න. මේ මිනිස්සු රට විනාශ කරනවා හැම දේම නොමිලයේ දීලා, මේ දේශපාලකයන්ට අමාරුවක් තේරෙන්නේ නෑ, සියලු සැප පහසුකම් ( නිවාස වාහන, රියදුරන්, විදුලිය ජලබිල්, දුරකථන බිල් ) රටේ මහජනත්ව ගෙවන නිසා. රටේ මිනිස්සු මේවනවිටත් දේශපාලකයන් 225 ප්‍රතික්ෂේප කර හමාරයි. ඔවුන් බලාසිටින්නේ ජාතික මැතිවරණයක් එනතුරු, ලෝකයේ දියුණු රටවල පවා කිසිවක් නොමිලයේ ලබාදෙන්නේ නැත. ලංකාව යාචක මානසිකත්වයෙන් ඉවත් කිරීමට සුදුසු කාලය පැමිණ ඇත
ඔන්න පීචන් වැඩ කරන්න පටන් ගත්තා .වී 150 ට අරගෙන රයිස් 92 ට වික්ක මේ ආර්ථික ප්‍රොෆෙසර් .හිඟන්නෝ බෝකරන්න ආයේ පිනට දෙන්න පටන් ගත්තා
ආර්තික ඔස්තාර් කටින් බතල හිටවන්ඩ දස්සයා .