(පුෂ්පකුමාර ජයරත්න සහ චාන්දනී දිසානායක)

මැල්සිරිපුර පොලීසියෙන් තමන්ට අසාධාරණයක් සිදු කළ බව පවසන පුද්ගලයකු අද ( 18) පෙරවරුවේ කුරුණෑගල අධිකරණ සංකීර්ණයේ වහල මතට නැඟ විරෝධතාවයක යෙදී සිටියි.

වයස අවුරුදු 55 ක් පමණ වන පුද්ගලයකු මෙසේ විරෝධතාව⁣යක නිරතව සිටින අතර ඔහු මත්පැන් පානය කර ඉන් පසුව අධිකරණයේ වහල මතට ගොඩවූ බව සිද්ධිය දුටුවෝ පැවසූහ.

කුරුණෑගල මහ නගර සභාවේ ගිනි නිවන අංශයේ නිලධාරීන්ද සමඟ එක්ව පොලිස් නිලධාරීන් ඔහු වහලෙන් බස්සවා ගැනීම සඳහා උත්සාහයක යෙදී සිටින ආකාරයද දැකගත හැකි විය.

තමන්ට නීති විරෝධී මත්පැන් ජාවාරමක් සම්බන්ධයෙන් නිකරුණේ නඩුවක් ගොනු කර තිබූ බව ඔහු මැල්සිරිපුර පොලීසියට එල්ල කරන චෝදනාවවේ. මෙම සිද්ධිය දැක ගැනීම සඳහා විශාල පිරිසක් අධිකරණය ඉදිරිපිට රැස්ව සිටියහ.