තිළිණිට ඇප ලැබේ මහා පරිමාණ මුදල් වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලි යන අය රුපියල් පනස් දහසක මුදල් සහ රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (16) නියෝග කළේය . 16 December 2022
පේරාදෙණිය සරසවි සිසුවෙක්ගේ මව්පියෝ මානව හිමිකම් යති පේරාදේණි විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයාට සහ ඔහුගේ පුත්‍රයට පහර දුන්නේ යැයි කියන සිද්ධියට අත්අඩංගුවට ගත් සිසුන් 12 අතරින් එක් සිසුවෙක් එම සිද්ධියට සම්බන්ධ නොමැති බවත් මෙම අත්අඩංගුවට ගැනීමෙන් සිසුවාගේ මානව හිමිකම් කඩවී ඇති බවත් එම සිසුවාගේ දෙමව්පියන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කර තිබේ. 16 December 2022
පොලිසිය අයිස් සොයා පාසල් පීරයි කළුතර පාසල් සිසුන් පරීක්ෂා කිරීම අද උදැසන කළුතර උතුර පොලිසිය විසින් සිදුකරන ලදී . 16 December 2022
ජනශක්ති සභාපති ඝාතනය පිටුපස මුදල් ගණු දෙනුවක්? ජනශක්ති රක්ෂණ සමාගමේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් නම් දැරූ හිටපු ඉංග්‍රීසි ක්‍රිකට් විස්තර විචාරකයකු සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති බව එම දෙපාර්තුමේන්තුව උසස් නිළධාරියෙක් පැවසීය. 16 December 2022
අයිස් ගැසූ සිසුන් 81ක් පුනරුත්ථාපනයට අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවු පාසල් සිසුන් 81 දෙනකු ඉකුත් මාසයේදී පුනරුත්ථාපනට යොමු කර ඇතැයි අධයාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. 16 December 2022
ඉන්දියාව දිගුදුර මිසයිලයක් අත්හදා බලයි ඉන්දියාව හමුදාව න්‍යෂ්ටික යුද ශීර්ෂයක් සවි කළ හැකි ආකාරයේ දිගු දුර මිසයිලයක් සාර්ථකව අත්හදා බැලුවේය. ඉන්දියාවේ මෙම දිගු දුර මිසයිල අත්හදා බැලීම සම්බන්ධයෙන් චීනය විමසිල්ලෙන් පසුවුණැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 16 December 2022
සංවර්ධන ලොතරැයියේ හිටපු සභාපතිගේ වැඩ එළියට සංවර්ධන ලොතරැයි මණ්ලඩයේ හිටපු සභාපතිවරයකු මණ්ඩලය නමින් සිය පෞද්ගලික පරිහරණයට මුදල් ගෙවා ලබා ගත් රුපියල් එක්කෝටි හැට අට ලක්ෂයක් වටිනා කැබ් රථයක් වෙනුවෙන් මණ්ඩලය 2020 දෙසැම්බර් මුදල් ගෙවා ඇතැයි විගණන වාර්තාවකින් අනාවණය වෙයි. 16 December 2022
උතුරු නැගෙනහිරට හෙට සිට තද වැසි උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්වය හෙට (17) සිට වැඩිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 16 December 2022
කුඩුගැසූ සරසවි සිසුහු 18ක් ඉවතට හෝමාගම පොලිස් වසමට අයත් පිටිපන ප්‍රදේශයේ පිහිටි විශ්වවිද්‍යාලයක සිසුන් 18 දෙනකු මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ චෝදනාව මත විශ්වවිද්‍යාලයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් විජේසිංහ මහතා හෝමාගම සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අද (15) ප්‍රකාශ කළේය. 16 December 2022
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිලවරණ කමිටුව පත්කරයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය (2023) පැවැත්වීම සඳහා විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල නිලවරණ කමිටුවක් පත් කළේය. 16 December 2022
මෝටර් රථය තුළ බැඳ තිබූ ජනශක්ති සභාපති මරුට බොරැල්ල සුසාන භූමියේ නවතා තිබූ මෝටර් රථය තුළ ගෙල සිර වන සේ පිරිසකගේ කූර වධහිංසාවට ලක්ව තුවාල ලබා රෝහල් ගත කළ ජනශක්ති සමූහ ව්‍යවපාරයේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතා අභාවප්‍රාප්ත වූ බව බොරැල්ල පොලිසියේ උසස් නිලධාරියෙක් තහවුරු කළේය. 16 December 2022
59 - 62 අතර වෛද්‍යවරුනට වසර සේවා දිගුවක් දැනට සේවයේ නිරත වයස අවුරුදු 59ත් 62ත් අතර වෛද්‍යවරුන්ට වසරක සේවා දීර්ඝයක් ලබා දීමට රජය තීරණය කර ඇත. 15 December 2022
පාඩු ලබන ආයතනවල ආර්ථිකය හරි යනතුරු වැඩිපඩි බෝනස් නෑ මෙරට ආර්ථිකය නැවත තිබූ තත්වයට පත් වන තෙක් සහ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට විසඳුමක් ලැබෙන තෙක් පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන්හි සේවකයන්ට හෝ රාජ්‍ය සේවකයන්ට අතිකාල දීමනා, පඩි වැඩිවීම්, ප්‍රසාද දීමනා ලබා නොදීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසා ඇත. 15 December 2022
‘‘මාරු කළ ඕ.අයි.සීලා වෙනුවට අලුත් අය දැන්ම නෑ‘‘ මැති ඇමතිවරුන්ගේ නිවාසවලට ඉකුත් මැයි 9 වැනිදා පහරදීමේ සිද්ධියෙන් පසු ස්ථාන මාරු කරනු ලැබ සිටින පොලිස් ස්ථානාධිපතිවරුන් ස්ථිර පොලිස් ස්ථානාධිපතිවරුන් ලබන වසරේ පෙබරවාරි 21 වැනිදා තෙක් පත් නොකරන බව පොලිස්පතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (15) දැනුම් දුන්නේය. 15 December 2022
සාමනේර දෙනම දුරකතනයට කා කොටා ගනී පේරාදෙණිය ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ පිරිවෙනක වැඩවාසය කරන තරුණ සාමණේර හිමිවරුන් දෙදෙනකු අතර ඇති වූ ගැටුමකින් එක් සාමණේර හිමිනම තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි. 15 December 2022
මෙරට දළ දේශීය නිෂ්පාදිතය පසු බැහැලා ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 11.8 කින් පසුබා ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තා පෙන්වා දෙයි. 15 December 2022
ජනශක්ති සභාපති ඝාතන තැත වරදී ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ශාෆ්ර්ට මහතා පැහැරගෙන බොරැල්ල සුසාන භූමියට රැගෙන ගොස් ඝාතනය කිරීමට උත්සාහ දරා ඇතැයි බොරැල්ල පොලිසිය කියයි. 15 December 2022
‘‘චුට්ටියා’’ - ’’චුටියා’’ යළි අල්ලයි කැස්බෑව අධිකරණයට හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට ගෙන ගොස් සිටියදී අද (15) පෙරවරුවේ පැන ගිය සැකකරුවන් දෙදෙනා පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසියේ නිලධාරියෙක් පැවසීය. 15 December 2022
වෛද්‍ය සිසුහු ලිප්ටන් වටරවුමට එති ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් කොළඹ වෛද්‍ය පීඨයේ සිසුහු ලිප්ටන් වටරවුම ඉදිරිපිට අද සවස නිහඬ විරෝධතාවක නිරත වූහ. 15 December 2022
මට්ටක්කුලියේ ඝාතනයට තවත් දෙකක් අල්ලයි මට්ටක්කුලිය සාවියා පටුමගේ දී දෙනෝ දහසක් දෙනා බලා සිටියදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඝාතනය සඳහා යොදාගත් කඩු දෙක කොටිකාවත්ත කොහිලවත්ත සුසාන භූමියේ සඟවා තිබියදී සොයා ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි 15 December 2022
පාසල් 1000කට අන්තර්ජාල පහසුකම් රුපියල් කෝටි 100ක පමණ වියදමකින් පාසල් 1000කට අන්තර්ජාල පහසුකම් ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. 15 December 2022
බෞද්ධ සරසවියේ ශිෂ්‍ය සංගම් බුඳුන් වැදීම තහනම් කරලා හෝමාගම, පිටිපන පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර මුදානොගත් ප්‍රදේශ බඳු වී ඇති බවත්, මෙම විශ්ව විද්‍යාලය තුළ සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක කර නිදහසේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යා හැකි තත්වයක් නිර්මාණය කර දෙන ලෙස තමන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් ද කළ බවත් එහි මහෝපාධ්‍ය මහාචාර්ය නෙළුවේ සුමනවංශ හිමියෝ පැවසූහ. 15 December 2022
නීතිවිරෝධීව නිපදවූ ලන්ච්ෂීට් තොගයක් අල්ලයි කැස්බෑව, ජඹුරලිය, බටුවන්දර ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක් වටලා නීති විරෝධී ලෙස නිපදවූ නියමිත ප්‍රමිතියෙන් තොර “පොලිතීන් ලන්ච් ෂීට්” කිලෝග්‍රෑම් 2,150ක (ටොන් 2ක) පමණ තොගයක් අත්අඩංගුවට ගත් බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. 15 December 2022
හමුදා පොදු සමාකාලයේ 18000ක් යන්න සූදානම් නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සදහා ලබාදී ඇති පොදු සමාකාලය තුළ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 18,202ක පිරිසක් සේවයෙන් ඉවත්වීමට ඉදිරිපත් වී සිටින බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. 15 December 2022
එකතු කළ අගය මත බදු පනතට කතානායකගේ සහතිකය එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (14) සිය සහතිකය සටහන් කළේය. 15 December 2022
පොහොට්ටුව ඡන්දයකට සුදුසු වාතාවරණයක් ඉල්ලයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වර්තමාන පළාත් පාලන නියෝජිතයන් ඡන්දයට සූදානම් බවත් එම ඡන්දය ජනතාව අපහසුතාවට පත්වන දේවල් නොවන අවස්ථාවක පැවැත්විය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ප්‍රධානීන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පැවසූවේ යැයි එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥා සාගර කාරියවසම් මහතා පැවසීය. 15 December 2022
මහජන සේවය ඉටු නොකර හේතු එපා මහජන සේවය ඉටු නොකිරීම පිළිබඳ රාජ්‍ය නිලධාරීන් කිසිවිටෙක හේතු ඉදිරිපත් නොකළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බදුල්ලේ දී පැවසීය. 15 December 2022
ගුවන් තොටුපොළවල් තුනක් කෝටි 200ක් පාඩු ලබලා රත්මලාන, යාපනය සහ මඩකළපුව යන ගුවන්තොටුපොළවල් පසුගිය වර්ෂ හතරේදී කෝටි දෙසීයකට වැඩි දැවැන්ත පාඩුවක් ලබා ඇතැයි විගණන වාර්තාවක සඳහන් වේ. 15 December 2022
14කට හිරේ ගිහින් හතරෙන් පැන්න රැඳවියා මාට්ටු අවුරුදු 14 ක සිර දඬුවම් නියමව අගුණුකොල පැලැස්ස බන්ධනාගාරයේ රඳව සිටියදි නිළධාරින්ගෙන් මිදී පලා ගිය සැකකරුවකු මාස හයකට පසුව සයින්දුමර්දු පොලිස් ස්ථානයේ නිළධාරින් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. 15 December 2022
පාස්කු වන්දි නඩුවෙන් ජනපති පැත්තකින් තියයි බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් පාස්කු ඉරුදින මීගමුව කටුවාපිටිය දේවස්ථානයට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබුවන්ගේ වින්දිතයන් පවරා ඇති නඩුවල විත්තිකරුවකු ලෙස නම්කර ඇති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව ඔහු ජනාධිපති ධූරය දරන තාක්කල් බහා තැබීමට නියම කළ මීගමුව අතිරේක මහේස්ත්‍රාත් දිසා විනිසුරු නුවන් තාරග හීනැටිගල මහතා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසෙන මහතා ඇතුළු පිරිසට එරෙහි නඩුව ලබන 27 ව 15 December 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026