IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පාසල් නොඑයි: විභාගයට එයි, ඒක ගැටළුවක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු දරුවන් පාසල්වලට නොඒමේ  බරපතළ ගැටලුවක් පවතින හෙයින් ඒ ගැටලුව වහා විසඳන ලෙස කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් පාර්ලිමේන්තුවේදී අද (20) ඉල්ලීමක් කළේය.

පාසල් නොයන දරුවන් අන්තිමේදී විභාගවලට ලියන්න දෙන්න කියලා
විදුහල්පතිවරුන් කන්න හදනවා යැයිද ඔහු සඳහන් කළේය.

ජයසේකර මහතා මෙම ඉල්ලීම කළේ සභාවේ  කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.

දයාසිරි ජයසේකර මහතා මෙසේද පැවසීය.

මේක අද හැම පාසලකම තියෙන තත්වයක්. අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු දරුවන් පාසල්වලට එන්නේ නැහැ. මවුපියනුත්  මේ වැඩේට  සහය දෙනවා. ඊට පස්සේ අන්තිමේදී පාසල්වලට ඇවිල්ල උසස් පෙළ ලියන්න දෙන්න කියලා ප්‍රින්සිපල්ව කන්න හදනවා. අද පැමිණීම සියයට  80ක්   නැහැ. ඔබතුමා ගොඩක් ප්‍රශ්න වලදී මැදිහත් වෙලා තියෙනවා. ලබන අවුරුද්දේ ඉඳලාවත්  මේකට පිළියමක් හදමු.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය  සුසිල් ප්‍රේමජයන්ත මහතා

දැන් මතුකරපු කාරණයට මම වැඩපිළිවෙලක්  සැප්තැම්බර් මස මුල  ආරම්භ කරනව. නියමු ව්‍යාපෘතියක් විදියට.සාමාන්‍ය පෙළ උසස් පෙළ අවසන් කර ඇති දරුවන්ට ප්‍රතිඵල ලැබෙන තෙක් පාසල් වලදී  මාර්ගෝපදේශන සහ වෘත්තීය අධ්‍යාපනය දීමට කටයුතු කරනවා. හැම පාසලකම ඒක ආරම්භ කරනවා.



අදහස් (11)

පාසල් නොඑයි: විභාගයට එයි, ඒක ගැටළුවක්

Saman Thursday, 20 July 2023 11:47 AM

ළමුන් පාසල් ගුරුවරුන්ට වඩා උපකාරක පන්ති ගුරුවරුන් විශ්වාස කරල ඒවට යනව...

:       1       19

විජේ Thursday, 20 July 2023 11:59 AM

හොරාකයි, බලුකම්, ජඩකම් වපුරයි. ඒත් හෙනයක්වත් නැත. ගැටලුවක්ද නැත.

:       1       11

Viraj Thursday, 20 July 2023 12:42 PM

පාසැල් වල හරියට උගන්වන්නෙ නැති නිසයි ලමයි එන්නෙ නැත්තෙ. හැම පාසලකම වගෙ පීරියඩ් 2ක් 3ක් උගන්වන්නෙ නෑ. ගුරුවරු නෑ.

:       2       16

ravin Thursday, 20 July 2023 12:46 PM

ඔය ප්‍රශ්නෙට පිලිතුරු අතුලෙ ඉන්න රජ පුතාගෙන් ඇහව්වානම්? කිසිදවසක එක්තරා විද්‍යලයකට නොගොස් තනි කාමරෙක අවසන් විභගය ලිවුව පුතා.

:       0       7

මොහමඩ් රිෆාන් Thursday, 20 July 2023 01:10 PM

ළමයින් ඉස්කෝලේ එන්නේ නැත්තේ ඇයිද? කියලා මුන් දන්නේ නැහැ. මුං බබාලා? දහස් ගණන් වියදම් කරල උපකාර පන්තිවලට යන්නේ ආසාවට නෙමෙයි නිසි අධ්‍යාපනය ගන්න. නිකං බයිලා ගහල ලකුණු දාගන්න දඟලන්නේ නැතුව හදපන්ලා රටේ අධ්‍යපානය.

:       0       0

සල්ලි Thursday, 20 July 2023 05:45 PM

අපෙ සල්ලි වලින් කාලා මුන්ගේ මූණු දිලිසෙනවා ...

:       0       0

ගජමිතුරු Thursday, 20 July 2023 06:16 PM

එහෙනම් ඉතින් මුදලට අධ්‍යාපනය අවශ්‍ය බව දෙමාපියන් හා දරුවො ඒකඡන්දයෙන් අනුමත කරා කියලා පේනවා තීරණ ගැනීම පාලකයො සතුයි

:       0       0

sampath Thursday, 20 July 2023 07:35 PM

ඒක ඒ ළමයි බලාගනීවි හොඳම දේ පාසල් ටික වහලා දාලා ළමයින්ට මුදල් දෙන්න පන්ති යන්න පාසල් පද්ධතියට වෙන්නෙත් ලංගමට වෙච්ච දේමයි

:       0       0

sriyal Thursday, 20 July 2023 08:59 PM

දොස්තරලා නිසා ලමයි විභාගය ලියනව. පාසල් අධ්‍යාපනය හොදින් ලබාදෙන විට ලමයි පාසල් එයි

:       0       0

SL Friday, 21 July 2023 01:54 AM

කෝ මේ ඉස්ටාලිං ගොයියා

:       0       0

Bamunuarachchi Saturday, 22 July 2023 05:24 AM

ඉගෙනගන්න පාසල් එන්නම ඕනේ නැත. පාසල් ගුරාලාගේ ටියුෂන් පන්ති ගියාම ඉගෙනගන්න පුළුවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site