(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පොලිසියෙන් බේරිම සදහා සිය තුන් හැවිරිදි දරුවා ප්‍රාණ ඇපයට තබා ගනිමින් අමානුෂික ලෙස දරුවාට කැපුම් තුවාල සිදු කළ පියකු මහත් පරිශ්‍රමයක් දරා අත් අඩංගුවටගත් බව මදුරන්කුලිය පොලිසිය  කියයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ මදුරන්කුලිය  පදිංචි 28 හැවිරිදි සැකකරුවකු බව පොලිසිය කියයි.

මදුරන්කුලිය නිවසක පදිංචි කාන්තාවකට පහර දෙන බවට මදුරන්කුලිය පොලිසියට ලැබුණු තොරතුරක් මත පොලිස් නිළධාරින් දෙදෙනකු ගොස් සැකකරු අත් අඩංගුවට ගිය අවස්ථාවේ සැකකරුගේ ඥාතින් පොලිසියට රාජකාරියට බාධා කරමින් සැකකරුට පලා යාමට අවස්ථාව ලබාදී ඇත.

කෙසේ වෙතත් එම ස්ථානයෙ ඇතිවු උණුසුම් තත්වය මත පොලිස් නිළධාරින් දෙදෙනා එම ස්ථානයෙන් පිටව පොලිස්ථානයට ගොස් තිබුණි.

පසුව පොලිස් රාජකාරියට බාධා කිරීම මත සැකකරුගෙ පියා,හා ඥාතින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

සැකකරු නැවත  අත් අඩංගුවට ගැනිමට  පොලිස්  කණ්ඩායක් ගොස් ඇති අතර ඔහු දුටු සැකකරු ඔහුගේ තුන් හැවිරිදි දරුවාව ප්‍රාණ ඇපයට ගෙන  අත් අඩංගුවට ගත් තම පියා ඇතුළු ඥාතින් තිදෙනා නිදහස් කරන ලෙසත් එසේ නොකළහොත් දරුවා මරා දමන බවට පොලිසියට තර්ජනය කළේය.

ඒ සමගම පොලිසිය දරුවාගෙ ආරක්ෂාව සදහා පොලිසිය අත රදවාගෙන තිබු ආයුධ සියල්ල ඉවතට තබා නිරායුධ විමට කටයුතු කළ ද සැකකරු ඔහුගේ අත තිබු තියුණු ආයුධය එහෙ මෙහෙ වනමින් කිසිවකුට ලං නොවිමට නොහැකි වන ලෙස කටයුතු කරමින් කටයුතු කළේය.

ඒ සමගම කඩිනමින් ක්‍රියාත්මක වු සැකකරුගේ ඥාතියකු එකවර සැකකරු වෙත කඩා පැන ඔහු පෙරළා ගැනිමත් සමග පොලිසිය ක්ෂණීකව ක්‍රියාත්මක වි සැකකරු අත් අඩංගුවට ගත්තේය.

ඒ වන විටත් කැපුම් තුවාල ලබා තිබු තුන් හැවිරිදි දරුවා කඩිනමින් පුත්තලම මූලික රෝහලට  ප්‍රතිකාර සදහා යැවිමට කටයුතු කළ බව පොලිසිය කියයි.