(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
සිසෙරියන් සැත්කම් කිරීම සඳහා අවශ්‍ය නිර්වින්දන ඖෂධය හිඟවීමෙන් කළුතර ශික්ෂණ රෝහලේ එම සැත්කම් නැවතී ඇතැයි පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.
මේ අතර රටේ මවුවරුන් සහ ළදරුවන් ලක්ෂ දහයක් මන්දපෝෂණයෙන් පෙළෙන බව වාර්තා වන්නේ යැයිද ඔහු කීවේය.
විපක්ෂනායකවරයා මෙසේ පැවසූවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.
සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.
ඒ ඖෂධය හිඟ වන්නට හේතුව මුදල් නොමැතිකමද. නැත්නම් රජයේ අකාර්යක්ෂමතාවයද. මේ තත්වය තුළ අම්මලා දරුවො මැරෙන්න පුළුවන්. රජය මේ සම්බන්ධයෙන් ලබා දෙන විසඳුම කුමක්ද. කළුතර රෝහලේ සිසේරියන් සැත්කම් වලට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න කියලා රජයෙන් ඉල්ලනවා.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා;
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු ගැන මුදල් අමාත්‍යාංශය ඉහළ ප්‍රමුඛතාවකින් කටයුතු කරනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය සියලු ප්‍රතිපාදන ලබා දෙනවා. විශේෂයෙන්ම බෙහෙත් මිලදී ගැනීමට.
ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා:
සෞඛ්‍ය පද්ධතිය අද කඩා වැටිල තියෙන්නේ. රෝහල්වල බෙහෙත් නෑ.සෞඛ්‍ය ඇමතිතුමා කියනවා සාමාන්‍ය තත්වයක් කියලා.ඔහුට ඒ ගැන හැඟීමක් නැති බව පෙනී යනවා. ආණ්ඩුවටත් මේ ගැන කිසිම සංවේදීතාවයක් නැහැ. අමාත්‍යවරයා සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන කිසිම අවබෝධයකින් කටයුතු කරන බවක් පේන්නෙ නැහැ.
කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා:
සිසේරියන් කරන්න බැරි කළුතර විතරක් නොවෙයි. මේක තමයි රටේම තත්වය. අද රටේ ගොඩක් කරන්නේ සිසේරියන් සැත්කම්. අපි මැලේරියා වසංගතයෙන් ඉවත් වුණා. අද නැවත මැලේරියා ඇවිල්ල. බරවා රෝගය නැවත ඇවිල්ලා. සරම්ප රෝගය නැවත ඇවිල්ලා. සෞඛ්‍ය පද්ධතිය සම්පූර්ණයෙන්ම කඩා වැටිලා. භාණ්ඩාගාරයෙන් ඇහුවම කියනවා මුදල්වල ප්‍රශ්නයක් නැහැ කියලා. මේ ගැන නොබැලුවොත් මන්ත්‍රීවරුන්ට තමන්ගේ කොට්ඨාශවලට යන්න බැරි වේවි. සෞඛ්‍ය කියන්නේ මිනිසුන්ගේ ජීවිත. දැන්ම දැඩි ක්‍රියාමාර්ගවලට යන්න.
කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා
රෝහල් ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලු සම්බන්ධයෙන් අප මීට වඩා සංවේදී විය යුතුයි. සමහර ඉස්පිරිතාලවල විදුලි බිල විසන්ධි කරලා. පොදු සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටුණොත් ඒකෙ වාසිය යන්නේ පෞද්ගලික රෝහල්වලට. ඒක කරන්නද දන්නෙ නැහැ මේ අය උත්සාහ කරන්නෙ. වර්තමාන සෞඛ්‍ය ඇමැතිතුමා ප්‍රශ්න හමුවේ කෙලින් පෙනී සිටින බවක් පේන්නෙ නැහැ.
සමගි ජන බලවේගයේ බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා
මුදල් ඇමති මුදල් දෙනවා කියනවා. නමුත් සෞඛ්‍ය ඇමතිතුමා මුදල් දෙන්නේ නැහැ කියනවා. මල්ශාලා පෙන්නන සෞඛ්‍ය ඇමති කෙනෙක් රටකට වැඩක් තියෙනවද.
කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා
නිර්වින්දන ඖෂධ ගැන ලොකු ප්‍රශ්න තියෙනවා. හෙට්ටිපොළ රෝහලේ පහළොවකට එන්නත ගැහුවා. එක ළමයෙක් මැරුණා. අපි මේ ගැන පාර්ලිමේන්තුවේ කොච්චර කතා කළත් කිසිම දෙයක් වෙන්නේ නැහැ. ආණ්ඩුව බුදියගෙන ඉන්නේ.
.
2025 දෙසැම්බර් මස 18
477
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’නිර්වින්දන ඖෂධ නැතිව කළුතර රෝහලේ සිසේරියන් සැත්කම් නැවතිලා’
Saththaya Thursday, 20 July 2023 01:30 PM
රට බංකොලොත් වුනේ හිටන් එක්ක එකතු වෙලා හොරුන්ට බලය ගන්න උදව් කරපු නිසා . දැන් මේ තියෙන්නේ විනාස වෙච්ච රටක් මොකුත් නොදන්නා අපේ චූටි බබෝ . කුක්කු බිව්වද ?
sampath Thursday, 20 July 2023 07:54 PM
ප්‍රශ්න කිය කියා කාලය කා දමනවා විනා උත්තර නොමැත