IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ව්‍යාපෘති මඟ නතර කිරීමෙන් කෝටි 3000 ක පාඩුවක්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

තොරතුරු සන්නිවේදන හා තාක්ෂණ ආයතනය පසුගිය වසර 20ක කාලයේදී ව්‍යාපෘති අතරමග නතර කිරීම හේතුවෙන් රුපියල් කෝටි 3000 ක පමණ පාඩුවක් සිදුවී ඇතැයි තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය නෙරන්ජන් ගුණවර්ධන මහතා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) හමුවේ පැවසීය .

සමහර මුදල් ඇතමුන්ගෙ සාක්කු වලට ගොස් ඇතැයි නැගෙන චෝදනා ප්‍රතික්ෂේප නොකරන බවද ඔහු සඳහන් කළේය.

ලේකම්වරයා මෙසේ පැවසුවේ තොරතුරු සන්නිවේදන හා තාක්ෂණ ආයතනයේ කාර්ය සාධනය විමසීම සඳහා එහි ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවනු ලැබූ අවස්ථාවේදීය .

මෙම ආයතනය නිසි පරිදි තොරතුරු ඉදිරිපත් නොකිරීමෙන් පාර්ලිමේන්තුව සහ විගණකාධිපතිවරයා මග හැර ඇතැයිද එහිදී තොරතුරු අනාවරණය විය.

ආයතනයේ 130ක පමණ නිලධාරින්ගෙන් දැනට සිටින්නේ අසූ හතක් පමණක් බවද ආයතනයේ නිලධාරීහු පෙන්වා දුන්හ.

එම ආයතනයේ සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා තවත් රැසක් සම්බන්ධයෙන්ද එහිදී තොරතුරු අනාවරණය විය.

 



අදහස් (1)

ව්‍යාපෘති මඟ නතර කිරීමෙන් කෝටි 3000 ක පාඩුවක්

ICT Thursday, 20 July 2023 08:40 AM

ගරු ලේකම් තුමා, ගරු සභාපතිතුමා, ඔබතුමාලා ඕවා දැන දැන තව මොනවාද කතාකරන්නේ. ඔබතුමාලා පත්කරලා තියෙන්නේ ආයතනය හරියට කරගෙන යන්න නේ. සුද්දේ දීලා වැඩේ පටන් ගන්න, නලවන්නේ නැතිව.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site