(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඉහළ කාර්ය සාධනයක් පසුගිය 2020 වර්ෂයේ සහ 2019 වර්ෂයේ පෙන්නූ රාජ්‍ය ආයතන අතර පළමු තැනට පත්ව ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්යාලයයි.
එම කාර්‍යාලයට ඒ වෙනුවෙන් රන් සම්මානය හිමිවී ඇත.
ඊට පසු 2020 වර්ෂයේ හොඳම කාර්ය සාධනය වෙනුවෙන් දෙවෙනි රන් සම්මානය දිනාගෙන ඇත්තේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවයි. ඊට පසුව රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව, මධ්‍යම පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් කාර්යාලය, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යාංශය, උතුරු පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, උතුරු පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, උතුරු පළාත් කාන්තා කටයුතු අමාත්‍යාංශය, උතුරු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් කාර්යාලය( මූල්‍ය) සබරගමු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් කාර්යාලය (සැලසුම්) සබරගමු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් කාර්යාලය( මූල්‍ය කළමනාකරණ) වයඹ පළාත් අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව, උතුරු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් කාර්යාලය (ඉංජිනේරු) දකුණු පළාත් අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව සහ උතුරු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් කාර්යාලය (සැලසුම්) එම වර්ෂයේ පිළිවෙලින් රන් සම්මාන දිනු සෙසු ආයතන වේ.
ඉහළ කාර්ය සාධනය පෙන්වා 2020 වර්ෂයේදී පළමු රිදී සම්මානය දිනාගෙන ඇත්තේ මුදල් කොමිෂන් සභාවයි. මිනින්දෝරු දෙපාර්තමේන්තුව දෙවෙනි රිදී සම්මානය දිනාගෙන ඇත.
ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කළ රාජ්‍ය ආයතන 65 ක ට රන් සහ රිදී සම්මානය පිරිනැමීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පෙරේදා (18) සිදුකෙරිණ.
රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ මෙහෙයවීම යටතේ ඉහළ කාර්ය සාධනය පෙන්නුම් කරන රාජ්‍ය ආයතන මෙලෙස හඳුනා ගනු ලබන්නේ
රජයේ විගණකාධිපතිවරයා විසිනි.
මෙම වැඩපිළිවෙල යටතේ රාජ්‍ය ආයතන 833 ක් පරීක්ෂාවට ලක් කෙරිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ... නැතුව එංගලන්තයෙන් ඇවිත් සම්මාන දුන්නේ නැහැනේ...!
උන් උන් අතරින් තෝරගෙන ඔවුනොවුන්ටම සම්මාන දීගෙන ඒවා තවත් දානවා.
විනිශ්චය මණ්ඩලයේ අගමැතිතුමා හිටියේ නැත්නම් කමක් නෑ...