(අංජුල මහික වීරරත්න)
පෞද්ගලික දේශාපලන අභිලාශ වෙනුවෙන් කිසිම විටක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රටේ ජනතාව අමාරුවේ දමා නැතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය.
කෙතරම් දුෂ්කර වුවත් සෑම විටම ජනපති නිවැරදි දේ මහජනතාව වෙනුවෙන් සිදුකරන බවද අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.
වැටුණු රට ගොඩගෙන නිවැරදි මාර්ගයේ රට ගමන් කරවන විට එය බලා සිටිය නොහැකි අය ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල විවේචනය කර කඩාකප්පල් කිරීමට උත්සාහ කරන බවත් ඒ ගැන රටේ සමස්ථ මහජනතාව හොඳ කල්පනාවෙන් සිටිය යුතු බවත් අබේවර්ධන මහතා අවධාරණය කළේය.
වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළ කළේ මහනුවර දිස්ත්‍රික්කයේ තෙල්දෙණිය සහ උඩුදුම්බර මැතිවරණ කොට්ඨාශවල පැවැති එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල රැස්වීම් අමතමිනි.
එක්සත් ජාතික පක්ෂය විසින් මේ වනවිට දිවයින පුරාම නව ආසන බලමණ්ඩල පිහිටුවීම සිදුකරමින් තිබෙන අතර මේ මාසය අවසන් වනවිට අලුත් බලමණ්ඩල 150 ක් පමණ පිහිටුවන්න බලාපොරොත්තු වෙන බවද ඉන් අනතුරුව අගෝස්තු මාසයේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් පක්ෂ සම්මේලනයක් කැඳවා පක්ෂයේ ව්‍යවස්ථාව නව ලෝකයට ගැලපෙන පරිදි වෙනස් කිරීමට නියමිතව ඇතැයි එජාප සභාපතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොට රත්තරන් හොරා නේද මෙ හඩ නගන්නෙ
ඉන්දියාවේ ඈයොට නම් අව්ලක් නැහැ.
ජනදිපතිතුමා තනියම රටෙ ජනතව අමාරුවෙ දැම්මෙ නැහැ ජනදිපති වරයා අතුලු වටෙ ඉන්න හොර නඩය තමයි ෙහාරා කාලා රට විනාස කරලා ජනතාව අමාරුවෙ දැම්මෙ.
අපි නොදන්නා රනිල්
තෝ වගේ කාලකන්නි හන්ද තමයි රටට මෙහෙම උනේ
මෙයා කඩේ යන රෙදි හෝදන රාජකාරිය හොඳට කරනා නිසා ඇමතිකමට සුදුසුයි
ණය වාරික IMF ණය ගැන කුමක් කිව හැකිද?
මුට යන එන මන් නැතිව ඉදල නිකමිම පාර්ලිමෙින්ත ඇවිත් පොර ටෝක්ස්
මෙයාට රනිල් රහසිගතව මොනවහරි කරනවා.
මුට දුවලා වත් බේරෙන්න ලැබෙන එකක් නම් නෑ