(අංජුල මහික වීරරත්න සහ රංජන් කස්තුරි)

නව බන්ධනාගාර පරිපාලන පනතක් හඳුන්වාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

1877 අංක 16 දරණ බන්ධනාගාර ආඥාපනත මගින් ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය පාලනය වන අතර එකී ආඥා පනතේ සඳහන් විධිවිධාන වත්මන් අවශ්‍යතාවයන්ට ප්‍රමාණවත් නොවන බව පෙනීගොස් ඇතැයි රජය සඳහන් කරයි.

එමෙන්ම ශ්‍රී ලංකාව බැඳී සිටින අන්තර්ජාතික නීතිමය වගකීම් සහ ප්‍රමිතීන්ට ද එකී ආඥා පනතේ ඇතැම් විධිවිධාන අනුකූල නොවන බව රජය පවසයි.

නව බන්ධනාගාර පනතක් හඳුන්වාදීම සඳහා නීති ප්‍රතිසංස්කරණ කමිටුව විසින් මූලික කෙටුම්පතක් සකස් කරනු ලැබ ඇති අතර ඒ මත පදනම නව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙසට  නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුකම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ.