ඌව වෙල්ලස්ස සරසවියේ දෙවන හා තෙවන වසර සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් නිසා ගැටුමට සම්බන්ධ සිසුන්ට තාවකාලිකව විශ්ව විද්‍යාල භූමියෙන් ඉවත්ව යන ලෙස විශ්ව විද්‍යාල පාලනාධිකාරිය අද දැනුම් දුන්නේය.
අදාළ සිසුන් දෙපිරිස අතර පෙරේදා (17) රාත්‍රියේ මෙම ගැටුම හටගෙන එහිදී තුවාල ලැබූ දෙවන වසර සිසුවකු රෝහල්ගත කර ඇති බවද වාර්තාවේ.
ගැටුම්කාරි තත්ත්වය තව දුරටත් වර්ධනය වීම වැළක්වීම සඳහා එම විශ්ව විද්‍යාලයීය දෙවන වසර සිසුන්ට අද දහවල් 12.00 වන විටත් තෙවන වසර සිසුන්ට අද සවස 3.00 වන විටත් නේවාසිකාගාරවලින් ඉවත්ව පිටව යන ලෙස විශ්ව විද්‍යාල පාලනාධිකාරිය දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd