(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර බෞද්ධ සබඳතාවය ශක්තිමත් කිරීමේ නව ගිවිසුම් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර බෞද්ධ සබඳතාවය ශක්තිමත් කිරීම සඳහා ඉන්දීය රජය විසින් ලබා දෙනු ලබන ඇමෙරිකා ඩොලර් මිලියන 15 ක ප්‍රදානයක් යටතේ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම පිණිස දෙරට අතර 2022 වසරේ මාර්තු 28 දින අවබෝධතා ගිවිසුමකට එළඹ ඇත.

එම අවබෝධතා ගිවිසුම යටතේ බෞද්ධ විහාරස්ථාන හා පිරිවෙන් සඳහා සූර්ය බල විදුලි පහසුකම් සලසා ගැනීම පිණිස ඇමෙරිකා ඩොලර් මිලියන 10 ක ප්‍රතිපාදන  වෙන්කිරීමට දෙපාර්ශ්වය එකඟතාවයට පැමිණ තිබේ.

ඒ අනුව දැනටමත් එළඹ ඇති අවබෝධතා ගිවිසුමට අදාළ සංශෝධන සිදු කරමින් අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පිණිස බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.