(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
පාතාල නායකයකු ලෙස සැලකෙක මන්න රමේෂ්ගේ ළගම සමීපතමයෙකු කඩුවක් හා හෙරොයින් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කර්ය බලකාය කියයි.
මෙසේ අත්අඩංගුවට ගනු ලැබුයේ බූචා යන අන්වර්ථ නාමයෙන් හදුන්වන පපුද්ගලයෙකි .
සැකකරු පාතාල සාමාජිකයෙකු වන රමේෂ් නොහොත් මන්න රමේෂ් නමැති පුද්ගලයාගේ ළගම සමීපතමයෙකු මෙන්ම අවිස්සාවේල්ල සීතාවක අපනයන සැකසුම් කළාපයේ සේවකයින් හට බලහත්කාරයෙන් නීති විරෝධී දුම්වැටි අලෙවි කරනු ලැබු පුද්ගලයෙකු බවද විශේෂ කාර්ය බලකාය කියයි.
මෙම සැකකරු මයික්‍රො වර්ගයේ පිස්තෝල අවියක් සන්තකයේ තබා ගෙන සිටියදී 2020 වර්ෂයේ සැප්තැම්බර් මස විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයෙකු බවද හෙලිවී ඇත .
පොලිස් විශේෂ කාර්ය බලකායේ පුගොඩ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පෙරේදා 17 අවිස්සාවේල්ල පොලිස් වසමේ අවිස්සාවේල්ල - කුඩගම මාර්ගයේ දී මෙම වැටලීම කෙරිණි .
සැකකරු සතුව තිබී කඩුවක්, හෙරොයින් ග්‍රෑම් 05 මිලි ග්‍රෑම් 280 ක් සහ මුදලින් රු. 220,680.00ක් ද සොයා ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd