
(ඉන්දිකා රාමනායක)
කඩුවෙල පොලිස්බල ප්‍රදේශයේ ස්ථාන හතරක මහජනයා අනතුරේ හෙළමින් සහ අපහාසුතාවට පත්වන අයුරින් අපරික්ෂාකාරි ලෙස තනි රෝදයෙන් යතුරුපැදි රේස් පැද්ද යතුරුපැදි 16 දෙනකු පොලිසිය බාරයට ගත් බව කඩුවෙල පොලිසිය කියයි.
මෙම තරුණයන් වැලිවිට පාර, වැවපාර, චන්ද්‍රිකා කුමාරතුංග මාවත, මිලේනියම් ඩ්‍රයිව් පාර, යන ප්‍රදේශවල මහජනය අනතුරේ හෙළමින් තරුණ පිරිසක් යතුරු පැදිවලින් රේස් පදින බවට කඩුවෙල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කාන් වීරසිංහ මහතාට එම ප්‍රදේශ වල ජනතාව කළ දැනුම් දීම් අනුව පොලිසියේ ජිප් රථ, යතුරු පැදි, ත්‍රිරෝද රථ යොදවා නිලධාරීන් කණ්ඩායමක් යොදා ප්‍රදේශ වටලා මෙම යතුරු පැදි පොලිස් බාරයට ගෙන ඇත.
පොලිස් නිලධාරීන් මුලින්ම වැලිවිට ප්‍රදේශයට ගිය අවස්ථාවේ සැකකරුවන් පොලිසිය දැක පලා ගොස් ඇති අතර, පොලිස් නිලධාරීන් එම ස්ථානයෙන් නික්ම යන අවස්ථාවේ ඔවුන් යළිත් එම ප්‍රධාන මාර්ගයට පැමිණ නැවත රේස් පැදීම ආරම්භ කළ බව පොලිසිය කියයි.
මෙහිදී පොලිස් නිලධාරීන් යතුරු පැදි නවත්වන ලෙසට සංඥා කළ සැකකරුවන් එම සංඥා නොතකා යළිත් යතුරු පැදි ධාවනය කරමින් සිටියදී පොලිස් නිලධාරීන් අදාල ප්‍රදේශ වටකර රේස් පැද්ද සියලු යතුරු පැදි පොලිසිය බාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම කරන එවුන් තමයි අන්තිමේ පාතාල නායකයො කුඩුරජවරු මංකොල්ලකාරයො වෙන්නෙ කියලා කියන්න අවශ්‍ය නැහැ මොවුන්ට උපරිමයෙන් දඩුවම් දියයුතුය ඒත් නිවසක හොරකමක් කලා කියල ගෙහිමියා පැමිණිලි කලාම සැක කරුගෙන් සන්තෝසම් අරගෙන කුඩුතිබුනා කියලා උසාවි ගෙනගියොත් විත්තිකරුගේ නීතිවේදීන් මූ කුඩුවලට සම්බන්ධ නැහැ මූ අහිංසකයෙක් කිව්වම ඉතින් නිදොස් කොට නිදහස් තමයි