(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

විදුලිය බිල වැඩි කිරීමට සාපේක්ෂව ජල ගාස්තුද වැඩි කිරීමට සිදුවන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවසීය.

ජල බිල ජනතාවට ලොකු බලපෑමක් ඇති නොවන ආකාරයට  වැඩි කරන බවද ඔහු සඳහන් කළේය.

ජල ගාස්තු වැඩි කිරීමට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව පැවසූ අමාත්‍යවරයා ජල ගාස්තු වැඩි කිරීම සඳහා වන සැලැස්ම විපක්ෂ නායක කාර්යාලයටද ඉදිරිපත් කර ඇතැයි  ප්‍රකාශ කළේය.

තොණ්ඩමන් මහතා මෙසේ පැවසුවේ මන්ත්‍රීවරයකු  ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.