
(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙටිටිආරචිචි)
ගෝනා මස් සහ අන් තටිටුවක් සමග මුළු දිවයිනටම සාම විනිසුරුවරයකු ලෙස කටයුතු කරන පුද්ගලයකු ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව සමනල වැව පොලිසිය පවසයි.
සමනල වැව ගලගම ප්‍රදේශයේදී එම අත්අඩංගුවට ගැනිම සිදු කල බව පොලිසිය පැවැසීය.
හෝර්ටන් තැන්න රක්ෂිතයේ ගැවසෙන ගෝනුන් මරා මෙලෙස මස්වලට අලෙවි කරන බවට මුලික විමර්ශනවලදි අනාවරණය වු බව පොලිසිය පැවැසීය.
පසුව සාමවිනිසුරැවරයාගේ නිවාස පරික්ෂා කිරිමෙිදි බලපත්‍ර සහිතව ළඟ තබාගත් තුවක්කුවකු ද තිබුණ බව පොලිසිය පැවැසීය. එම තුවකුක්කුවෙිි නිතිමය තත්ත්වය කුමක් සැයි අනාවරණය කර ගැනිම සදහා ඉඔුල්පේ ප්‍රදේශිය ලේකම් වරිය දැනුමිවත් කිරිමට කටයුතු කල බව සමනල වැව පොලිසිය පැවැසිිය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා බලන්ගොඩ මහේස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාම විනිසුරු පදවියට පත්කිරීම කරන්නෙ දේශපාලුවන්ට හිතවතුන් තමයි එහෙම නැතුව ගමේ නගරයේ ජනතාවට සේවයක් කරන සාධාරණව සිටින අයට දෙන්නෙ නැහැ ඇත්තටම ග්‍රාම නිළධාරින් වෙතින් තොරතුරු අරගෙන ඔය තනතුර සදහා තේරීම කලොත් හොදයි
සාම විනිසුරු වරුන් පත්කරනකොට උසාවියකින් වරදකරු නොවුන ,අපොස සාමාන්‍යපෙළ සමත් පුද්ගලයන් වියයුතු කියලා නීතිපොතට වගන්තියක් ඇතුලත් කළා නම් ප්‍රශ්න ගොඩක් විසඳෙනවා