
(ටී.කේ.ජී.කපිල)
කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීම සදහා පැමිණෙමින් තිබූ ගුවන් යානයක් , හදිසියේම යළිත් ඉහළට එසවීම නිසා පහළින් තිබූ නිවාස සහ දේපොළ රැසක් විනාශ වී ඇතැයි මීගමුව දිසාගෙවත්ත ප්‍රදේශයේ පදිංචි කරුවෝ පවසති.
ගුවන් යානයෙන් ආ අධික පීඩනයත් සමග ඇති වූ නිවසවල වහළට මෙන්ම ගස් කොලන්ද කඩා වැටී ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
සිංගප්පූරුවේ සිට පියාසර කළ මෙම ගුවන්යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි අවස්ථාවේ ගුවන් යානය වඩා පහළ මට්ටමකින් පියාසර කිරීමනිසා ගුවන් නියමුවා එම ගුවන් යානය ඉහළට ඔසවා ඇත.
ඒ අවස්ථවේ මෙම යානයේ ඇංජින් නිකුත් වන අධික ශබ්දය සමග පසුපසට සිදු වන වායු තෙරපුම නිසා මෙම දැඩි සුළං තත්වය ඇති වී තිබෙනවා .
මෙම යානය තුළ මගීන් 292 ක් සහ කාර්යය මණ්ඩලය 12 ක් ගමන් කර ඇති අතර එහි එක් ඇංජිමක අශ්ව බල 75,000 ක පමණ ධාරිතාවයක් ඇතැයි කියති . එවැනි ඇංජින් දෙකක් මේ ගුවන් යානයට තිබේ.
ගුවන් යානය පාහළට පැමිණිමත් සමග මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගුවන් යානය ඉහළට ඔසවා ඇති අතර ඔහුගේ එම සේවය ඇගැයීමකට ලක් කර ඇත.
අපි මේ පිළිබඳ කටාන පොලිසියට සහ කටුනායක ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියට ලිඛිතව දැනුම් දුන් බව ගම්වාසීහු පවසති.
මෙම සිදුවීම නිසා දාගොන්න ගොඩැල්ල ඇතුන් නෑවූ තොටුපොළේ සිට කඩවල මංගලාරාම විහාරස්ථානය දක්වා කිලෝ මීටර් 05 ක පමණ ප්‍රදේශයක පිහිටි දේපොළ සහ නිවාස ආපදාවකට ලක් වී ඇතැයි කියති.
අපදාවට ලක් වූ පිරිසට ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරුන් පිසූ ආහාර ලබා දීමට පියවර ගෙන තිබුණි .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටිකෙන් මේකත් අර සප්තකන්‍යා වගේ වෙනවා .වෙලාවට පයිලට් මේක බේරුවා .කාගේද වරද ?එයා කන්ට්‍රෝලර් ගේද ?
ග්‍රාමසේවක ගේ කෑම පාර්සලෙන් වැඩක් නෑ. අදාළ ගුවන් සමාගමෙන් හානියට වන්දියක් ගතයුතුයි. මේ ආණ්ඩුව නම් ඕක කරණ එකක් නෑ. මතකනෙ එක්ස්ප්‍රස් පර් ල්
මේ අසරණ මිනිස්සුන්ට ගුවන්යානා ගුවන්යානා රක්ෂණ සමාගමෙන් වන්දිය අර එක්ස්ප්‍රස් පර්ල් නැවේදී උනා වගේ දේශපාලකයෝ සහ නිලධාරියෝ හොරා ගනීද දන්නේ නැහැ
වහල කෙසේ වෙතත් මේකට වහා පරීක්ෂණයක් අවශ්‍ය සිද්ධියක්. අඩි සීයක් දෙසීයක් තරමටවත් පහතට ඇවිත් තියෙනවා යම් නියමුවන්ගේ වරදකින් හෝ යානයේ දෝෂයකින්. ඉතාමත් බැරෑරුම් සිද්ධියක්.