(මනෝප‍්‍රිය ගුණසේකර)
කාන්තාවකට අත්විලංගු දමා ලේ වැගිරෙන තුරු පහරදෙමින් වත්තල ප‍්‍රධාන මාර්ගය දිගේ ඇදගෙන ගියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වත්තල පොලීසිය අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා ලබන 20 වැනිදා තෙක් රිමාන්ඞ් බාරයේ රඳවා තැබීමට වැලිසර මහෙස්ත‍්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා අද නියම කළේය.
සැකකාර පොලිස් සැරයන්වරයාට ඇපදීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බවට වත්තල පොලීසිය වාර්තාවක් මඟින් දැනුම් දී තිබුණත් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පොලිසියට කාලය අවශ්‍ය බව පෙන්වා දෙමින් සැකකරු රිමාන්ඞ් බාරයේ රඳවා තැබීමට මහෙස්ත‍්‍රාත්වරයා නියම කළේය.
පොලිස් නිලධාරියකු වශයෙන් රාජකාරි කරමින් සැකකරු කළ ක‍්‍රියාව කිසිසේත් අනුමත කළ නොහැකි බව පවසමින් මෙලෙස රිමින්ඞ් බාරයට පත් කරන ලද්දේ ජාඇල පොලිසියට අනුයුක්තව රාජකාරි කරන වටරැක පාදුක්කේ පදිංචි සැරයන් 42440 විතානගේ අජිත් නමැත්තාය.
මහදවල් දෙනොදසක් බලා සිටියදී වත්තල හැඳල හන්දිය ආසන්න ප‍්‍රදේශයේදී කාන්තාවකට ලේ වැගිරෙනතුරු පහරදෙමින් ඇයට අත්විලංගු දමා මීගවුව-කොළඹ ප‍්‍රධාන මාර්ගය දිගේ ඇදගෙන ගියේ යැයි කියන සිද්ධියකට අදාළව සැකපිට අත්අඩංගුට ගත් බව කියමින් සිිද්ධියට අදාළව කරන ලද විමර්ශන වල ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් වත්තල පොලීසිය විසිින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකා මනුස්සයෙක් නොවෙයි .කාන්තාවකට මේ විදියට පහර දෙන්න මුට උපරිම දඬුවම් දිය යුතුයි
කොහොමද වැඩේ වරදක් කලත් හිතකින් නොවෙයි කියලා ඇප දීමට විරුද්ධත්වයක් නැහැ කියලා පොලිසිය කියලා තියෙනවා මගේ පුතා විසිතුරු යැයි අගේට කපුටාද කියයි කියලා තමයි කියන්න වෙන්නෙ සාමාන්‍ය නූගත් කෙනෙක් අතින් ඔහොම වුනානම් පොලිසිය ඇපයක් දීමට කැමති වෙයිද ඇත්තටම පිරිමි කෙනෙකුට මහමගදී කාන්තාවක් අල්ලාගෙන ලේගලන්න පහර දීලා විලංගු දාගෙන එන්න ඉඩක් තිබේනම් කාන්තා පොලිස් නිළධාරිනියන් මොටද විනිසුරුතුමිය ඉතාමත් සාධාරණයක් කරල තියෙනවා
මෙ විඩියට අත් විලන්ගු දමන්න නිතියෙන් ඉඩක් තියෙනෙවද අනිත් එක පොලිසියෙ කෙනෙක්ට මෙ විදියට අත් විලංගු ගෙනියන්නත් අවසරයක් ඔන නේද ?