(සුජිත් හේවාජුලිගේ )

රට බංකොලොත් වීමට හේතු සෙවීම සඳහා ආණ්ඩුව පත්  කළ කමිටුව වෙනුවට විකල්ප කමිටුවක් පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර ඇත.

විපක්ෂයේ මන්ත්‍රීවරු  එම විකල්ප කමිටුවේ සාමාජිකයෝ වෙති.

රට බංකොලොත් භාවයට පත් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට ආණ්ඩුව පත් පත් කළ කමිටුව පටු දේශපාලන අභිප්‍රායන් මුදුන් පමුණුවා ගැනීම සඳහා යොදා ගැනීමට ගත් කූට උපාය මාර්ගයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රට බංකොලොත් භාවයට හේතු සාධක වූ පිරිසක් එම කමිටුවේ ප්‍රධානීන් හැටියට පත් කිරීමෙන් ආණ්ඩුවේ නිරුවත පැහැදිලි වන බවද ඔහු සඳහන් කළේය.

ආර්ථික බහා ආර්ථික බංකොලොත් භාවයට හේතු වූ පිරිසක් නායකත්වය දරන කමිටුව කටයුතු කිරීම නිරර්ථක ක්‍රියාවක් බව පවසමින් සමගි ජන බලවේගය සහ ජාතික ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරු ආර්ථික බංකොලොත්භාවය සොයා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන් පසුගියදා ඉල්ලා අස් වූහ.