(ප්‍රදීප් කුමාර)

යාපනය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුවකුගේ සිරුර  ඔහුගේ නිවසේ එල්ලෙමින් තිබියදී  සොයාගෙන ඇති බව යාපනය පොලීසිය සදහන් කරයි

මියගොස් ඇති යාපනය වන්නාර්පන්නම් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22 ක් පමණ වන පුෂ්පරාජ් එෂිල්නාත් නැමති තරුණයා වන අතර එහු යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චි මණ්ඩපයේ අධ්‍යාපනය හදාරමින් සිට ඇත.

තරුණයා ජංගම දුරකථනයේ විඩියෝ ක්‍රීඩා කිරීම සදහා තදින්ම ඇබ්බැහිවුවකු බවද පරීක්ෂණ වලදී අනාවරණයව තිබේ.

මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා යාපනය ශිකෂණ රෝහලට ඇතුළත් කොට ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ වලින් අනතුරුව දේහය ඥාතීන්ට භාරදීමට නියමිතව තිබේ.

මරණය සම්බන්ධයෙන් යාපනය පොලීසිය වැඩි දුර පරීක්ෂණ පවත්වනු ලබයි.