
( පාලිත ආරියවංශ)
බදුල්ල නගරයේ පිහිටි විදුහලක් තුළ පවත්වාගෙන ගිය නීති විරෝධි ගව ඝාතකාගාරයක් අද (16) වැටලූ බදුල්ල පොලිස් කොට්ඨාශ විෂමත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය එළ වැස්සියන් හතර දෙනෙකුගේ මස් සමඟ සැකකරුවන් සිවු දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ .
මස්කිරීමට සූදානම් කරතිබූ අවුරුදු 3 ක් පමණ වයසැති වහුපැටියෙක් මුදාගනීමටද පොලිසිය සමත්ව ඇත .
මෙම විදුහලට පොලිසිය කඩාවදින විටත් මෙම ගවයන් මස්කරමින් සිටි බවත් මස් අවුරුදු 3 ක් පමණ වන වහුපැටියා මස්කිරීමට සූදානම්කර තිබූ බවත් වැටලීම සිදුකළ නිලධාරිහු පැවසූහ .
මෙසේ නීතිවිරෝධි ලෙස මෙම ස්ථානයේ ගවයන් ඝාතනය කර මස් නගරයේ ගවමස් වෙළදැසල්වලට සපයාඇති බ ව විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිසිය සඳහන්කළේය
බදුල්ල විශේෂ කාර්යංශයට ලැබුණු තොරතුරක් මත බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ .
මෙම මස් ප්‍රවාහනයට සූදානම් කර තිබු වෑන්රථයක්ද පොලිසිය බාරගෙන ඇත .
අත්අඩංගුවටගත් සැකකරුවන් වැලිමඩ බෝගහකුඹුර , බණ්ඩාවෙල හාලිඇල සහ නුවරඑළිය පදිංචි අවුරැදු 47,49,39,48, යන වයස් වලට අයත්වූවන් බවත් එක් සැකකරුවෙක් මෙම පාසැලේ අරක්ඇමියා බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාසලේ විදුහල්පතිද මස් මුදලාලි? වහාම මෙයට අවසර දුන් අධ්‍යාපන නිලධාරීන් සේවයෙන් පහ කරන්න.
ඒ කට්ටියට හරක් පෙන්නන්න බැහැ.
හරියට පරීක්ෂණ කරනවා නම් පාසලේ විදුහල්පති අත්අඩංගුවට ගන්න පුළුවන්. ඔහුගේ අවසරයක් නැතුව පාසල් බිමේ සතුන් මැරුවේ කොහොමද?
බීෆ් ඇත. පෝර්ක් නැත. අන්න ඒකයි ඇත්ත.
මේ ස්කෝලේ පාදඩ ප්රින්සීපල් එලවන්න
ඉස්කෝලෙ විශය නිර්දේෂයට අයිති පාඩමක් වත්ද ?.