
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ අනුමැතිය නොමැතිව නීති විරෝධීව දෙහිවල මල්වත්ත පාරේ පවත්වාගෙන ගිය බව කියන පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් වටලා එහි රඳවා පුද්ගලයින් 34 දෙනකු අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි.
මෙම මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය බව කියන පුද්ගලයා ද මේ සමඟ සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි දෙහිවල පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී පුනරුත්ථාපනය ලබමින් සිටි බව කියන මෙම පුද්ගලයන් 34 දෙනා පොලිස් භාරයට ගෙන ඇත්තේ ඔවුන්ගේ ආරක්ෂාව සඳහා යැයි පොලීසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd