
(අජන්ත කුමාර අගලකඩ)
දැඩි ණය බරකට මුහුණ දී ඇති ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කිරීමට රජය සැලසුම් කර ඇතත් මේ දක්වා කිසිදු ආයෝජකයකු ඉදිරිපත් වී නැතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
එබැවින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කිරීම සඳහා මුදල් අමාත්‍යංශය ලෝක බැංකුවේ ද සහාය ඇතිව නව සැලැස්මක් සකස් කරමින් සිටින බවද එම ආරංචි මාර්ග කියයි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම රාජ්‍ය බැංකුවලට, ඛනිජ තෙල් සංස්ථාවට හා වෙනත් ආයතනවලට ගෙවීමට ඇති ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් කෝටි සියයක්(රුපියල් කෝටි 31,657ක්)පමණ වන බව පැවසේ.
ඛනිජ තෙල් සංස්ථාවට ගෙවීමට ඇති ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් කෝටි තිහක් පමණ වන බව දැනගන්නට ඇත.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ 5,600 ක පමණ ස්ථිර කාර්ය මණ්ඩලයක් ඇති අතර,කොන්ත්‍රාත් හා අනියම් සේවකයින් පන්සියයක් පමණ සිටින බව වාර්තා වේ.
පොදුවේ ගත් කල ආයතනය තුළ සේවක අතිරික්තයක් නොමැති නමුත්,ඇතැම් අංශවල දැඩි සේවක අතිරික්තයක් තිබෙන බව දැනගන්නට ඇත.
ආයතනය තුළ කළමනාකරුවන් 300ක් පමණ සිටිය යුතු නමුත්,කළමනාකරුවන් හයසීයක් පමණ සිටින සිටින බව වාර්තා වේ .
එහෙත් අත්‍යවශ්‍ය සේවාවල හිඟයක් පවතින බව එහි සේවකයෝ පවසති.
සමාගම සතුව ගුවන් නියමුවන් 290 දෙනකු සිටිය යුතු වුවත් ,දැනට සිටින්නේ 268 දෙනකු පමණක් බව දැනගන්නට ඇත .පසුගිය අවුරුදු තුන තුළ නියමුවන් පනස් දෙදෙනකු ඉවත්ව ඇත.
ගුවන් සමාගම සතුව ගුවන් යානා 24 ක් තිබෙන අතර එම සියලුම යානා කල් බදු පදනම යටතේ ලබා ගත් ඒවා වේ.යානා හයක් පමණ අමතර කොටස් සහ එන්ජින් නොමැතිව සේවයෙන් අයින් කර ඇති අතර,පාවිච්චි කරන යානා ගණන 18 කි.
කල් බදු පදනම යටතේ ලබා ගන්නා යානයක් සඳහා දළ වශයෙන් මාසයකට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 7ක් පමණ ගෙවීමට සිදුව ඇත.
අවුරුදු විසිතුනක් තිස්සේ පාවිච්චි කරන ලද යානා දෙකක් පසුගියදා නැවත භාර දෙනු ලැබූ අතර,එම එක් යානාවක් සඳහා මාසිකව ගෙවා ඇති මුදල අමෙරිකානු ඩොලර් පන්ලක්ෂ අසූපන් දහසක් පමණ වේ.
. ඉකුත් කොරෝනා සමයේ ගුවන් සමාගමේ සේවකයන් අඩු කිරීමට ස්වෙච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයක් හදුන්වාදෙනු ලැබුවද විශ්‍රාම ගොස් ඇත්තේ අත්‍යවශ්‍යම සේවකයින් පිරිසක් පමණක් බවත්,ඉවත් කළ යුතු සේවකයින් ඉවත් වී නොමැති බවත් දැනගන්නට ඇත.
Reply Forward

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එබැවින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කිරීම සඳහා මුදල් අමාත්‍යංශය ලෝක බැංකුවේ ද සහාය ඇතිව නව සැලැස්මක් සකස් කරමින් සිටින්නේනම් ලංකාවේ සංචරක කර්මාතය උදෙසා ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇමෙරිකානු, කැනේඩියානු හෝ යුරෝපිය රටක් / ගුවන් සමාගමක් සමග Joint Venture Agreement පැමිණීම පිලිබදව සොයාබැලීම වැදගත්වේ.
හිඟන රටක්... තවත් කාබාසිනියා කළ බංකොළොත් ආයතනයක් මිලදීගන්න කැමැති කවුද? නිකන් දුන්නට ගන්න එකක් නැහැ.
මම වැඩකරන කම්පැණි එකත් මෙහෙමයි, ඔක්කොම ඉන්නේ කළමනාකරුවන්, සාමාන්‍ය අධිකාරිවරු සහ සභාපතිවරු... ඒත් වැඩ කරන්න මනුස්සයෙක් ගන්න දෙන්නේ නැහැ. පුදුම නැහැ.
මේක හරිම කණගාටුදායක තත්වයක්. අපේ රටට ආයෝජනය කරන්න ආවොත් ඉන්දියාව නැතිනම් චීනය. වෙන කවුරුත් එන්නේ නැහැ. මම නිතරම ශ්‍රී ලන්කන් භාවිතා කළ කෙනෙක් නිසා වගකීමෙන් කියන්නේත සර්විස් එකනම් අන්තිමයි. කෝච්චියේ තේ බෙදනවා වගේ කැබින් කෘෘ ජග් එකක් අරගෙන, ප්ලාස්ටික් කෝප්ප අරගෙන තේ බෙදනවා. එයාලත් ලැජ්ජයි, අමුතුවෙන් කරන්න දෙයක් නැහැ... මේකට වග කියන්න ඕනෑ මුල ඉඳලම මේක කාලා විනාශ කළ අය.
ඔයා පැය ලක්ෂයකට වඩා ගුවනේ සිටි කබල් ගුවන් යානා තරම් මිනිස්සු මෝඩ නැහැ.
කවුරු හරි කෙනෙක් ගන්නකන්... ජනතාව බදු ගෙවන්න ඕනේ...!
රටේ තමා... කෑවා කට්ටිය එකතු වෙලා... කාලකන්නි හැතිකරේ...
එමිරේට්ස් ආයතනය ලාභ ලෙස පවත්වාගෙන ගිය ආයතනය ආපසු බලෙන් ගත්තේ මහින්ද රාජපක්ෂ... එයාගේ පුද්ගලික ගමන්වලට පාවිච්චියට අවශ්‍ය වෙලාවට ගුවන්යානයක් නොදුන්නු නිසා... ලංකාව විනාශ කළේ උද්දච්ච රාජපක්ෂ පවුලයි...
කාර්ය මණ්ඩලය තුළ විශාල දූෂණයක්. ලැජ්ජයි මුන්ට