(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ වසන්ත චන්ද්‍රපාල)

පොලිස් කොස්තාපල්වරයෙකු  සිවිල් ආරක්ෂක බලකායට අයත් නිලධාරියෙකු සමග යතුරුපැදියකින් ගංජා ප්‍රවාහනය කරමින් සිටියදී  අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

පොලිස් විශේෂ කාර්ය බලකා අම්පාර කඳවුරේ  නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අම්පාර හිඟුරාානමාර්ගයේ ඊ සි සි  පොලිස් මාර්ග බාධකය අසලදී යතුරු  පැදිය නවතා පරික්ෂා කිරීමේදී ගන්ජා සමඟ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයා චවලකඩේ  පොලිස් ස්ථානය අනුයුක්ත අයෙක් බවත් සිවිල් ආරක්ෂක නිලධාරියා උහන සිවිල් ආරක්ෂක බලකායට අනුයුක්ත අයෙක් බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

(ඡායාරූපය - වසනත චන්ද්‍රපාල)