(සුමතිපාල දීයගහගේ සහ  ඩී ජී සුගතපාල )

ගාල්ල ධර්මපාල මාවතේ පුද්ගලයෙක්  නිවස අසල ළිඳේ නෑමට ගොස්  ළිඳේ වැටී මිය ගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ 68 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම පුද්ගලයා ඊයේ රාත්‍රි 11.30 ට පමන නිවසේ සිට මීටර් 200 ක් පමන දුරින් පිහිටි ළිදට නෑමට ගොස් තිබෙි.

එහෙත් රාත්‍රි 12.00 වන තුරුද මොහු ආපසු නොපැමිණි නිසා පවුලේ ඥාතීන් එම ස්ථානයට ගොස් බලන විට ළිද ආවරනය කර තිබු දැලද කඩා ගෙන මෙම පුද්ගලයා අඩි 15 ක් පමන ගැඹුරු ළිදට වැටී මිය ගොස් ඇති බව දැන ගැනීමෙන් පසුව මිය ගිය අයගෙ සොහොයුරියගේ සැමියා මේ පිළිබඳ ගාල්ල පොලිසියට පැමිණිලි කර තිබේ.

මිය ගිය අයගේ මරණ පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නිවමිතව අැත.