
(විමුක්ති එස් රුද්‍රිගු)
ගුවන් තොටුපලවල ගොඩබිම් හැසිරවීම, ආහාර සැපයීම සහ ජෙට් ඉන්ධන සැපයීමේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාව පුද්ගලික අංශයට ඇතුළු වීමට ඉඩ ලබා දීමට තීරණය කර ඇතැයි ෂින්හුවා පුවත් සේවය වාර්තා කර ඇත.
මෙම සේවාවන් දැනට රාජ්‍ය ඒකාධිකාරයක් බවට පත්ව තිබෙන බව සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් පී.ඒ ජයකාන්ත මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළ බව ෂින්හුවා පුවත් සේවය පෙන්වා දී තිබේ.
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපළවල ඉහත සඳහන් සේවා සැපයීම සඳහා පෞද්ගලික අංශයට ආරාධනා කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ඔහු ප්‍රකාශ කළ බව එම පුවත් සේවය වාර්තා කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd