(මහින්ද නිශ්ශංක)                        

ගල්කිස්ස හා කන්කසන්තුරේ අතර ලබන මස 1දා   සිට වායුසමනය කළ  සුඛෝපභෝගී දුම්රියක් ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.                                         

 ප්‍රවාහනහා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයක් මත මෙම සුඛෝපභෝගී දුම්රිය ධාවනයට එක් කරන බව  දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජෙ . ඉදිපොලගේ  මහතා පැවසීය.                             

රාත්‍රී 10 ට පමණ මෙම සුඛෝපභෝගී දුම්රිය ධාවනය කිරීමට දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වේ.

මෙම දුම්රියෙ ප්‍රවේශ පත්‍රයක මිල     රුපියල් 4000 ක් පමණ වේ.                             

මේ අතර උතුරු දුම්රිය මාර්ගයේ කොටසක් නවීකරණය කිරීමෙන් පසුව  අද සිට කොටුව හා කන්කසන්තුරේ අතර  දිනපතා මගී දුම්රිය හයක් ධාවනය කෙරෙන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉදිපොලගෙ මහතා කීය.