IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සැප්තැම්බරයේ ආනයන දොර ඇරෙයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවට ආනයනය කිරීම තහනම් කර ඇති භාණ්ඩ අතුරින් වාහන හැර ඉතිරි භාණ්ඩ සියල්ල  ලබන සැප්තැම්බර් මාසය පළමු සතියේදී ආනයනය කිරීමට අවසර ලබාදීමට රජය තීන්දු කර තිබේ.

රජය මෙම තීන්දුවට එළැඹ ඇත්තේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී ය.

ජත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා සම්බන්ධයෙන් සතිපතා සමාලෝචනයක් කිරීමට ද මෙහිදි තීන්දු වී තිබේ. එසේම මේ වන විට භාණ්ඩ 286 ක ආනයන තහංචි ඉවත් කර ඇති අතර වාහන ද ඇතුළුව තවත් භාණ්ඩ 930ක ආනයන තහංචි පෙර පරිදිම ක්‍රියාත්මක වේ.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ 500 ක් ආනයන තහනම් කාණ්ඩයේ පැවැති අතර ඉන් 250 ක ආනයන තහනම ඉවත් කිරීමට රජය  පියවර ගනු ලැබීය. 

ඒ අනුව මේ වන විටත් ආනයන තහංචි පනවා ඇති භාණ්ඩ ලබන සැප්තැම්බර් මුල් සතිය වන විට අදියර දෙකකින් ඉවත් කිරීමට මෙම සාකච්ඡාවේදී තීරණය කර ඇත.

ඉන් පසුව වාහන ආනයන තහනම ඉවත් කිරීම ගැන සලකා බැලෙන අතර එයද උපාය මාර්ගික සැලසුමක් අනුව සිදු කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා වී තිබේ. 

පළමුව ඉලෙක්ට්‍රික් වාහන ආනයන තහංචි ඉවත් කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.



අදහස් (5)

සැප්තැම්බරයේ ආනයන දොර ඇරෙයි

pakeer Saturday, 15 July 2023 08:50 AM

2019, 2020 ලොකු ලොකු එවුන් ගත්ත වාහන වලට අවුරුදු 5 පිරෙන කොට,2025 දී තහනම ඉවත් කරලා හොඳ ලොකු වන්දි ටිකක් මෙහෙට ගෙනත් ආයෙත් මාස 3- 6 වාහන ගෙනල්ලා තහනම් කරනවා

:       0       0

swene Saturday, 15 July 2023 08:53 AM

නැවත දොර විවෘත කිරීමේදී, 1977 වගේ වක්කඩ කැඩුව වගේ නැතුව, සාමාන්‍ය ජනතාවගේ අවශ්‍යතාවයටත් ව්‍යවාසයකයින්ගේ අවශ්‍යතාවයටත් පිටතින් දේවල් ගෙන්වීමෙන් වැලකීම අත්‍යවශ්‍යයෙන්ම කලයුතුයි. වාහන ගෙන්වීම නොකලත් වාහන අලුත් වැඩියා කිරීමට අවශ්‍ය දෑ මෙන්ම පරිඝනක සහ උපාංග ගෙන්වීමත් කාලින අවශ්‍යතාවයකි.

:       0       0

Kavidhu Saturday, 15 July 2023 01:42 PM

ගොඩක් හොඳ තීරණයක්... ගම්මිරිස් ඇටේ ඉඳලා පිටරට ගෙන්වමු. අපිට එතකොට ටීවී එකේ ෆිල්ම් එකක්, ඩ්‍රාමා එකක් බලලා සන්තෝසෙන් ඉන්න පුළුවන්. රටක් ගොඩයන්න නම් මේ වගේ බුද්ධිමත් තීරණ ගන්න ඕනෑ. අපේ ළමයින්ටත් නිකන් ඉඳලා රටින් ගේන දෙයක් කාලා ඉන්න පුළුවන්...

:       2       1

de silva Saturday, 15 July 2023 02:49 PM

කර්මාන්ත සහ ඉදිකිරීමේ කර්මාන්තය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය නැතිවුණොත් ආර්ථික වර්ධනයක් වෙන්නේ නැහැ. මේවා ඇනවුම් කරන්න සැප්තැම්බර් වෙනකම් වෙන්න බැහැ. අඩුම වශයෙන් අගෝස්තු මාසෙවත් මේවා ඇණවුම් කරන්න ක්‍රමවේදයක් සකස් කරන්න... වාහන අමතර කොටස් වලත් විශාල හිඟයක් තිබෙනවා.

:       1       8

Bamunuarachchi Monday, 17 July 2023 09:28 AM

එතකොට ඩොලරය නහුතෙට නගී. බඩුමිල වැඩිවෙයි. උද්දමනය ඉහලට. නැවත ආනයනය සිමාවෙයි. Dear Lisa dear Lisa there is a hole in the bucket සින්දුව මතක් වෙනවා.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 486 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site