මාර ගස වැටී යතුරු පැදි 10ක් වැනසෙයි මහනුවර නගරයේ තිබූ දැවැන්ත මාර ගසක් වඩුගඩපිටිය වීදියට කඩා වැටීම හේතුවෙන් එහි මග දෙපස නවතා තිබූ යතුරුපැදි දාහයකට අධික ප්‍රමාණයකට බරපතළ හානි සිදු විය . 19 December 2023
එළවළු මිල අහස උසට කොළඹ සහ අවට ප්‍රදේශවල අද (19) එළවළු මිල තව දුරටත් ඉහළ ගොස් තිබුණි. 19 December 2023
ජාතික හැදුනුම්පත් ඡායාරූප ගාස්තුව 400 ක් වෙයි ජාතික හැදුනුම්පත් සඳහා ඩිජිටල් ඡායාරූප ගාස්තු රුපියල් 150 සිට රුපියල් 400 දක්වා ඉහළ නංවමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 19 December 2023
මේ අවුරුද්දේ ළමා අම්මලා 2000ක් බාල වයස්කාර ගැහැණු දරුවන් 2000ක් මේ වසරේ ගෙවී ගිය කාලයේදී මවුවරුන් බවට පත්ව ඇතැයි වාර්තා වන බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා පැවසීය. 19 December 2023
ඩෙංගුවා මට්ටු කරන්න ’’වොල්බැකියා’’ එයි කොළඹ උතුර සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ඩෙංගු මර්දනය සාර්ථක කර ගැනීමට ඉවහල් වූ වොල්බැකියා (Wolbachia) විශේෂ ඩෙංගු මර්ධන ව්‍යාපෘතිය කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කයන්හි ඩෙංගු ව්‍යාප්තිය බහුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස වලද ක්‍රියාත්මක කරන ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා බලධාරීන්ට උපදෙස් දුන්නේය. 19 December 2023
විපක්ෂ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව තහනම් කලහකාරීව හැසිරුණු, ඉන්දීය පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරුන් 78 දෙනකුට පාර්ලිමේන්තුව තහනම් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. 19 December 2023
රජිව් ඝාතකයා ලංකාවට හැර වෙනත් රටකට පිටුවහල් කරන්න බෑ ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි මහතා ඝාතනය කිරීම සම්බන්ධව වරදකරු වී පසුව නිදහස ලැබූ වී.ශ්‍රීහරන් නොහොත් මුරුගන් ඔහු ඉල්ලා ඇති පරිදි එක්සත් රාජධානියට පිටුවහල් කර නොහැකි බවත් ඔහුව පිටුවහල් කර හැක්කේ ශ්‍රී ලංකාවට පමණක් බවත් විදේශිකයන් පළාත් බද මට්ටමින් ලියාපදිංචි කිරීමේ නිලධාරියා මුදුරාසි මහාධිකරණයට දැනුම් දුන්නේය. 19 December 2023
ඉතිරි කිරීමේ බැංකු පනත සංශෝධනයට 1971 අංක 30 දරණ ජාතික ඉතිරි කිරීමේ බැංකු පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 19 December 2023
කෝටි තුනක බඩු ගුවන්තොටෙන් පන්නන්න බැරිවෙයි නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කර තිබූ රුපියල් කෝටි තුනක් පමණ වටිනා භාණ්ඩ තොගයක් සමග භාණ්ඩ තොගය මෙරටට රැගෙන විත් තිබූ පුද්ගලයන් සිව් දෙනෙකු ද , අද(19 ) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 19 December 2023
පුංචි ඡන්දෙට ඉල්ලූ රාජ්‍ය සේවකයන්ට සහන දෙන්න කැබිනට් අනුමැතිය පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වූ දේශපාලන අයිතිවාසිකම් හිමි රජයේ නිලධරයන් සඳහා සහන ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 19 December 2023
වව්නියාවේ පිරමනාදන්කුලම වැවේ බැම්ම කැඩෙයි පවතින වැසි තත්වය හේතුවෙන් වවුනියාව,සෙට්ටිකුලම,පිරමනාදන්කුලම වැවේ වැව් බැම්ම ස්ථාන කිහිපයකින් කැඩී ගොස් ඇති බව වවුනියාව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ එ්කකය පවසයි. 19 December 2023
කතරගම චූටි කපුරාල අත්අඩංගුවට ඓතිහාසික කතරගම දේවාලයට පූජා කර තිබූ පවුම් 38 ක් බර රන් තැටියක් අස්ථානගත කිරීම සම්බන්ධයෙන් එම දේවාලයේ භාරකරු ලෙස කටයුතු කළ චූටි කපුවා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 19 December 2023
කුළුබඩු කීපයක් අගය එකතුකර ප්‍රති අපනයනයට අවසර තෝරාගත් කුළුබඩු ආනයනය හා සැකසුම සහ තෙල් නිස්සාරණය,ඔයියෙරෙයාසින් හා අවශේෂ ස්වරූපයෙන් ප්‍රති අපනයනය කිරීමේ ක්‍රියා පටිපාටිය ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 19 December 2023
තවත් බද්දක් සංශෝධනයට 2022 අංක 25 දරණ සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සඳහා වන සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 19 December 2023
බඩ ඉරිඟු රටින් ගෙන්වන්න අවසර සීමා සහිත ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් බඩ ඉරිඟු ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත. 19 December 2023
කීරි සම්බා ටොන් 50000ක් ආනයනයට කැබිනට් අනුමැතිය කීරි සම්බා සහල් වර්ගයට සමාන ජී.ආර් 11 සහල් වර්ගයෙන් සහල් මෙට්‍රික් ටොන් පනස්දහසක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 19 December 2023
බිත්තර තවත් එක් කෝටි අසූ ලක්ෂයක් ගේන්න අවසර දෙයි දේශීය වෙළඳපොළේ බිත්තර මිල සීඝ්රයෙන් ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බැවින් සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කර ඇති ඉන්දීය වෙළඳපොල්වලින් තවත් බිත්තර එක්කෝටි අසූ ලක්ෂයක් ගෙන ඒමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 19 December 2023
උඩරට දුම්රිය ධාවනය යථා තත්ත්වයට හපුතලේ දියතලාව දුම්රිය ස්ථාන අතර 155/25 සැතපුම් කණුව අසලදී ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් අවහිර වී තිබූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය අද (19) පෙරවරුවේ යථා තත්වයට පත් කල බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි . 19 December 2023
කුරුණෑගල- හබරණ යෝජිත දුම්රියමඟේ ඉදිකිරීම් අත්හිටුවයි කුරුණෑගල සිට හබරණ දක්වා ඉදිකිරීමට යෝජිත දුම්රිය මාර්ගයේ සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඉදිකිරීම් සඳහා ජනතාවගෙන් ලබා ගත් ඉඩම් නැවත ජනතාවට භාර දීමට රජය තීරණය කොට ඇතැයි දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසූරිය මහතා පැවසීය. 19 December 2023
මුලතිව් අවතැන් පිරිස් පාසල් අටකට මුලතිව් දිස්ත්‍රික්කයේ පාසල් 08 ක අද (19) අධ්‍යාපන කටයුතු සිදු නොවන බව මුලතිව් කලාප අධ්‍යාපන කාර්යාලය පවසයි. 19 December 2023
ඉම්රාන් කෘත්‍රිම බුද්ධියෙන් ජනරැලියක් අමතයි චෝදනා රැසකට වරදකරු වී සිරදඬුවම් විඳින පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, බන්ධනාගාරයේ සිටිද්දී, කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිතයට ගනිමින් ජන රැලියක් ඇමැතුවේය. 19 December 2023
දිස්ත්‍රික් 11 කට නාය යාමේ නිවේදන නිකුත් කරයි දිවයින පුරා තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 11 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 52 කට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය අද (19 ) පස්වරුව දක්වා බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියයි. 19 December 2023
අයි.එස් ප්‍රහාර මාලාවක් වළක්වා ගනී ඉන්දියාවේ බෝම්බ පිපිරීම් මාලාවකට සූදානම් වූ, අයි.එස්. ත්‍රස්ත ජාලයට සම්බන්ධ යැයි සැක කෙරෙන ත්‍රස්ත සාමාජිකයන් අට දෙනකු ප්‍රාන්ත කිහිපයක සිදුකළ විශේෂ මෙහෙයුමකදී ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 19 December 2023
ඊජිප්තු ජනපතිට තවත් ජනවරමක් ඊජිප්තු ජනාධිපතිවරණයෙන් එරට ජනාධිපති ෆාටා අල් සීසී ට විශිෂ්ට ජයක් හිමි විය. ෆාටා අල් සීසී ජනාධිපති ධුරයට පත් වූයේ පිටපිට තෙවැනි වරටය. 19 December 2023
ඊශ්‍රායලයේ කෘෂි රැකියාවලට පළමු කණ්ඩායම පිටත්ව යයි ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සදහා තෝරා ගනු ලැබූ පළමු කණ්ඩායම කටුනායක ගුවන්තොටුපොලින් ඊශ්‍රායලය බලා පිටත්ව ගියේය. 19 December 2023
ලාහෝරයට කෘත්‍රිම වැසි පාකිස්තානයේ ලාහෝර් නුවරට කෘත්‍රිම වැසි ඇද හැලීමට සැලැස්වීමට නගර බලධාරීන් සහ කාලගුණ විද්‍යාඥයන් කටයුතු කර තිබේ. පාකිස්තාන කාලගුණ විද්‍යාඥයන්, එරට කෘත්‍රිම වැසි නිර්මාණය කළ පළමු අවස්ථාව මෙය යැයි මාධ්‍ය වාර්තා කර තිබේ. 19 December 2023
අතරමැදියන්ට සල්ලි දී ඊශ්‍රායල් ගියොත් ආපහු ගෙන්වනවා අතරමැදියන්ට මුදල් දී ඊශ්‍රායලයට ගියොත් එරට රජය සමඟ සාකච්ඡා කොට ඔවුන් නැවත ලංකාවට ගෙන්වන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය. 19 December 2023
චීන භූමි කම්පාවෙන් 100 ක් මරුට වයඹදිග චීනය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. මියගිය ගණන 100 ඉක්මවා ඇතැයි එරට මාධ්‍ය පවසයි. 19 December 2023
නිවාස දෙකක් පස් කන්දකින් යට වෙයි:අයෙක් රෝහලේ පැවති ධාරානිපාත වර්ෂාවත් සමඟ අද (19) අලුයම බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල සහ හල්දුම්මුල්ල ප්‍රදේශවල වලදී පස්කදු කඩා වැටී නිවාස දෙක කට හානි වී එක් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය. 19 December 2023
උඩරට දුම්රිය ධාවනයට අදත් බාධා කොළඹ බදුල්ල උඩරට දුම්රිය මාර්ගයට අද (19 ) අලුයම හපුතලේ පංකැටිය එකසිය පනස් අටවෙනි කිලෝමීටර කණුව ආසන්න ප්‍රදේශයේ දී පස් කන්දක් කඩා වැටී දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි. 19 December 2023
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ.. 23 April 2026