මිනිස් වෙළඳාමේ නිරත චීන ජාතිකයෙකු අත්අඩංගුවට තායිලන්තයේ රැකියා ලබාදෙන බව පවසා නීති විරෝධී ලෙස මියන්මාරයට හා ලාඕසයට පුද්ගලයන් රැගෙන ගොස් මිනිස් වෙළදාම ක නිරත වූ චීන ජාතිකයෙකු බත්තරමුල්ල ප්‍රදේශයේ දී තැනැත්තන් වෙළඳාම,ජාවාරම් විමර්ශන හා සමෘද්ධිය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. 11 October 2023
අනතුරින් ත්‍රිරෝද රියදුරු මරුට ත්‍රීරෝද දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රිරෝද රථ රියැදුරකු මිය ගොස් ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි. 11 October 2023
මාලිගාකන්දේ වෙඩි තැබීමට තුනක් සැකපිට මාලිගාකන්ද අධිකරණය ආසන්නයේදී ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී වෙඩි තබා හය හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත් කිරීම සහ ඇයගේ පියාට බරපතළ තුවාල සිදුකිරීම ට පැමිණි පුද්ගලයන්ට ආධාර අනුබල දුන් බව කියන පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 11 October 2023
සාක්කිකරුට බලපෑම් කළැයි සැරයන් අත්අඩංගුවට අනුරාධපුර මහාධිකරණයේ විභාග වන නඩුවක පැමිණිල්ලේ සාක්කිකරුවෙක්ට තර්ජනය කර බලපෑම් කිරීම සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසියේ රාජකාරි කරන සැරයන්වරයෙකු අඩංගුවට ගෙන තිබේ. 11 October 2023
පාරේ ගිය පියාට-දියණියට ඇසිඩ් ප්‍රහාරයක් මුල්ලේරියාව අඹතලේ ප්‍රදේශයේ දී අද (11) අලුයම එල්ලවූ ඇසිඩ් ප්‍රහාරයකින් පියෙකු සහ දියණියක තුවාල ලබා ඇතැයි මුල්ලේරියාව පොලිසිය පවසයි. 11 October 2023
රුහුණු කුමාරියෙන් වැටුණු තරුණයා රෝහලට රුහුණු කුමාරී දුම්රියට පානදුර දුම්රිය ස්ථානයෙන් ගොඩවීමට ගිය තරුණයකු පය ලිස්සා දුම්රිය වේදිකාව සහ දුම්රිය අතරට ඇදවැටී තුවාල ලබා ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි . 11 October 2023
දුම්රිය ප්‍රමාදය යථා තත්ත්වයට ප්‍රධාන දුම්රිය මාර්ගයේ සංඥා දෝශයක් හේතුවෙන් අද (11) උදෑසන සිදු වූ දුම්රිය ප්‍රමාදය මේ වන විට යථා තත්වයට පත්කර ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි. 11 October 2023
හක්කපටස් පෑගී 15 හැවිරිදි දරුවා රෝහලේ අලදෙනිය පොල් අතු පිටිය මාර්ගය ආසන්නයේ සතුන් දඩයම් කිරීමට අටවා තිබූ බවට සැලකෙන පූර්ව ද්‍රව්‍ය යොදා සකසඋණ ද්‍රව්‍ය යොදා සකස් කරන ලද හක්ක පටස් එකක් බෝලයක් යැයි සිතා පෑගීම නිසා පහළොස් හැවිරිදි දරුවකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලීසිය කියයි. 11 October 2023
අහුංගල්ලේ වෙඩි තැබීමක් අහුංගල්ලේ දී අද(11) සිදු වූ වෙඩි තැබීමකින් අයෙක් තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. 11 October 2023
රාත්‍රී කාලයේ බොහෝ ප්‍රදේශවලට තද වැසි දිවයිනේ ප්‍රදේශවලට අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 11 October 2023
‘‘පරිසර තීන්දු ගත යුත්තේ පරිස්සමින්‘‘ පරිසර ක්ෂේත්රය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත යුත්තේ විද්‍යාත්මකව බැවින් සතා සිව්පාවා ගහ කොළ මෙන්ම මානව සම්පත ගැන දත්ත අතිශය වැදගත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 11 October 2023
වලල රන් දෝනි දිවයිනට චීනයේ හැංජො හී පැවති 19 වන ආසියානු ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් දිනා දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ . 11 October 2023
අල්ලස් කොමිසමට අලුත් සාමාජිකයෝ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහා නව සාමාජිකයන් පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අද (10) තීරණය කළේය. 10 October 2023
හිඟ බදු නොගෙවන අරක්කු සමාගම්වල බලපත්‍ර තහනම් ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් බෝතල් හමුවූ නිෂ්පාදන සමාගම්වල හිඟ බදු මුදල් ඔක්තෝබර් 30 වැනිදා වනවිට ගෙවා අවසන් නොකළහොත් එම සමාගම්වල බලපත්‍ර අහෝසි කිරීමට තීරණය කර ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ මහතා රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) පැවසීය. 10 October 2023
චීන ණය ගැටලුව විසඳීමට එකඟතාවයකට ශ්‍රී ලංකාව සහ චීන අපනයන-ආනයන බැංකුව මෙරට චීන ණය ගැටලුව විසඳීම සඳහා මූලික එකඟතාවයකට පැමිණි බව එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් මහතා අද (10) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. 10 October 2023
ජපානයෙන් ලංකාවට හිත පිරෙන්න තෑගි එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන යටතේ ජපාන රජය විසින් ශ්‍රී ලංකාවට සිදු කළ ප්‍රදානයන් නිල වශයෙන් බාරදීම ජනාධිපති කාර්යාලයේ දී අද(10) සිදු විය. 10 October 2023
බේරුවල කත මැරු සැකකරු මාට්ටු බේරුවල ගාලු පාර හෙට්ටිමුල්ල වද කහවෙල ප්‍රදේශයේ නිවසක මෙහෙකරු සමග වාසය කළ විවාහක කාන්තාවකගේ ගෙල නයිලෝන් වර්ගයේ කඹයකින් ගැටගසා හිසට ද මල් පෝච්චියකින් පහර දී තුවාල කර ඝාතනයකර ඉකුත් 7 දින පැනගොස් සිටි නිවසේ මෙහෙකාර 58 හැවිරිදි සැකකාර පුද්ගලයා මිරිහාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය අද (10)පස්වරුවේ පැවසීය. 10 October 2023
විදෙස් රාජ්‍ය ඇමතිවරියෝ දෙදෙනෙක් ජනපති හමුවෙති ඉන්දියානු සාගර කලාපීය වටද්දර සංගමයේ (IORA) අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණ සිටින එක්සත් රාජධානියේ ඉන්දු-පැසිෆික් කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ඈන්-මාරී ට්‍රෙවෙලියන් මහත්මිය (Anne-Marie Trevelyan) සහ දකුණු අප්‍රිකාවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය නලේඩි පැන්ඩෝර් මහත්මිය (Dr. Naledi Pandor) අද (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා පැවැත්වූහ. 10 October 2023
කුසල් මෙන්ඩිස් රෝහල් ගත කරයි ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානයට එරෙහිව හයිද්‍රාබාද්හිදී දැන් පැවැත්වෙන තරගයේදී ශතකයක් රැස් කළ කුසල් මෙන්ඩිස් ආබාධයක් හේතුවෙන් රෝහල් ගත කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවැසීය. 10 October 2023
ශ්‍රී ලංකා පිල ලකුණු 344ක් රැස්කරයි ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 8 වැනි තරගය ලෙස ශ්‍රී ලංකව සහ පාකිස්තානය අතර හයිඩ්‍රාබාද්හිදී දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 50 අවසානයේ කඩුලු නවයක් දැවී ලකුණු 344 ක් රැස්කිරීමට සමත් විය. 10 October 2023
පුද්ගල ඝාතනයකට තිදෙනෙකුට මරණ දඩුවම වසර 31 කට පෙර පොලුමුගුරු වලින් පහරදී පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්දයෙන් චෝදනා ලැබූ තිදෙනෙකු වරදකරුවන් කරමින් කළුතර මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා විසින් අද මරණ දඩුවම නියම කර තවත් පුද්ගලයකුට වසර 10 ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කලේය . 10 October 2023
මේ මස අග විදුලි බිලත් ඉහළට විදුලිබල මණ්ඩලයේ ඉල්ලීමක කර ඇති ආකාරයට මෙම මස සිට විදුලි ගාස්තු ඉහළ දැමීමට ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දීමේ හැකියාව ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ උසස් නිලධාරියෙක් අද (10) පැවසීය. 10 October 2023
පෙම්වතිය තරහා වුණාට නිරුවත් පින්තූර ගේට්ටුවේ අලවලා අමනාප වූ පෙම්වතිය ගේ නිරුවත් ඡායාරූප විශාල කර ඇයගේ නිවස ඉදිරිපිට ගේට්ටුවෙ ඇල වූ බව කියන තරුණයකු අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි. 10 October 2023
ජනපති චීනෙ යයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා මෙම 14 වැනි දා චීනය බලා පිටත්ව යාමට නියමිතය. 10 October 2023
සුරාබදු ආදායම කෝටි 100කින් ඉහළ ගිහින් ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් බෝතල් අත්අඩංගුවට ගැනීමට පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කාරක සභාව කළ නියෝගයෙන් පසුව වැටලීම්වලින් සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම මාසයක් තුළ රුපියල් කෝටි 100කින් ඉහළ ගොස් තිබේ. 10 October 2023
ජනපතිගෙන් කථානායකට උපන්දින කේක් ගෙඩියක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් කේක් කපා උපන්දින සුබ පැතුම් පිරිනැමීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. 10 October 2023
කෘෂිකර්ම කම්කරු දීමනා වැඩි කරන්න කැබිනට් පත්‍රිකාවක් කෘෂිකර්ම පර්යේෂණ ගොවිපොළ වල දෛනික වැටුප් යටතේ සේවය කරන කම්කරුවන්ගේ දීමනාව වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 10 October 2023
යොවුන් සේනාංකය එක්කෝටි විසි හතර ලක්ෂයක් අතහැර දාලා ජාතික යොවුන් සේනාංකය ආයතන දෙකකින් රුපියල් එක්කෝටි විසි හතර ලක්ෂයක මුදලක් අය කරගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 10 October 2023
වටද්දර සමුළුව හෙට කොළඹදී ඉන්දියානු සාගර කලාපීය සංගමයේ (අයි.ඕ.ආර්.ඒ) එළඹෙන 11 වැනිදා කොළඹදී පැවැත්වෙන ප්‍රධාන අමාත්‍ය සමුළුව සඳහා සහභාගී වන රටවල් 16 ක අමාත්‍යවරුන් අතර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතාද සිටින බව එරට විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය. 10 October 2023
මත්පැන් දුම්වැටි ගැන නොදන්න කතාවක් මැතිසබයට දුම්වැටි හා මත්පැන්වලින් ආණ්ඩුව උපයන මුදලමෙන් තුන් ගුණයක් මත් උවදුරට ගොදුරුවූ පුද්ගලයින්ට ප්‍රතිකාර වෙනුවෙන් වැය කරන බව සෞඛ්‍යය විශේෂඥයෝ පිරිසක් රට තුළ සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කර මුලිනුපුටා දැමීම සඳහා නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පැවසූහ. 10 October 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026