
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තරුණයන් දෙදෙනකු පැද වූ යතුරුපැදි දෙකක් අද (5) අලුයම මිරිහාන නව රෝහල මාර්ගයේ කිඹුලාවල ප්‍රදේශයේදී මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරින් දෙදෙනාම මියගොස් ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ කෝට්ටේ මිරිහාන මුත්තේට්ටුව පාර පදිංචිව සිටි විශ්ව සෙන්සද දේවන්ත (20) හා කෝට්ටේ මාදිවෙල රාහුල පාර පදිංචිව සිටි මයුර ආලෝක (18) නැමැති තරුණයන් දෙදෙනායි.
යතුරු පැදි දෙක එකනෙක ගැටීමත් සමඟම එක් යතුරු පැදියක් ගිනිගෙන ඇතැයි පොලිසිය කියයි.
සිදුවූ අනතුරින් බරපතල තුවාල ලද එක් තරුණයකු ජයවර්ධනපුර රෝහලටත් අනෙක් තරුණයා කළුබෝවිල ශීක්ෂණ රෝහල වෙතත් ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.
මියගිය විශ්ව නමැති තරුණයා නව රෝහල දෙස සිට කිඹුලාවල දෙසට මාර්ගයේ දකුණු පසට බරව යතුරුපැදිය පදවාගෙන යමින් සිටියදී මියගිය ආලෝක නමැති තරුණයා පදවාගෙන ගිය අංක තහඩු නොමැති අතුරු පැදිය කිඹුලාවල දෙස සිට නව රෝහල දෙසට මාර්ගයේ දකුණු පසට බරව පදවාගෙන යමින් සිටියදී එකිනෙක ගැටීමෙන් මෙම අනතුර වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැප්පිලා තියෙන්නේ මූණට මූණලු. ඒත් තරගයක්ලු පොඩ්ඩක් තේරුම් කරනවද?
පාරේ යන අහිංසක මිනිස්සුන්ගේ ජීවිත අරගෙන නොගිය එක ගැන සතුටුයි...!