IMG-LOGO

2024 මැයි මස 19 වන ඉරිදා


යතුරු පැදි තරඟයෙන් තරුණ ජීවිත දෙකක් විනාශයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

තරුණයන් දෙදෙනකු පැද වූ යතුරුපැදි දෙකක් අද (5) අලුයම මිරිහාන නව රෝහල මාර්ගයේ කිඹුලාවල ප්‍රදේශයේදී මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරින් දෙදෙනාම මියගොස් ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ කෝට්ටේ මිරිහාන මුත්තේට්ටුව පාර පදිංචිව සිටි විශ්ව සෙන්සද දේවන්ත (20) හා කෝට්ටේ මාදිවෙල රාහුල පාර පදිංචිව සිටි මයුර ආලෝක (18) නැමැති තරුණයන් දෙදෙනායි.

යතුරු පැදි දෙක එකනෙක ගැටීමත් සමඟම එක් යතුරු පැදියක් ගිනිගෙන ඇතැයි පොලිසිය කියයි.

සිදුවූ අනතුරින් බරපතල තුවාල ලද එක් තරුණයකු ජයවර්ධනපුර රෝහලටත් අනෙක් තරුණයා කළුබෝවිල ශීක්ෂණ රෝහල වෙතත් ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මියගිය විශ්ව නමැති තරුණයා නව රෝහල දෙස සිට කිඹුලාවල දෙසට මාර්ගයේ දකුණු පසට බරව යතුරුපැදිය පදවාගෙන යමින් සිටියදී මියගිය ආලෝක නමැති තරුණයා පදවාගෙන ගිය අංක තහඩු නොමැති අතුරු පැදිය කිඹුලාවල දෙස සිට නව රෝහල දෙසට මාර්ගයේ දකුණු පසට බරව පදවාගෙන යමින් සිටියදී එකිනෙක ගැටීමෙන් මෙම අනතුර වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

 



අදහස් (2)

යතුරු පැදි තරඟයෙන් තරුණ ජීවිත දෙකක් විනාශයි

Prabha Monday, 06 May 2024 12:59 AM

හැප්පිලා තියෙන්නේ මූණට මූණලු. ඒත් තරගයක්ලු පොඩ්ඩක් තේරුම් කරනවද?

:       0       4

නිහාල් Monday, 06 May 2024 12:46 PM

පාරේ යන අහිංසක මිනිස්සුන්ගේ ජීවිත අරගෙන නොගිය එක ගැන සතුටුයි...!

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැස්ස තව තවත් වැඩිවන ලකුණු
2024 මැයි මස 19 53 0

ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පවතින පෙර-මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී තවදුරටත


නැගෙනහිර මුහුදේ අනතුරක්
2024 මැයි මස 19 319 0

මඩකලපුව ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 42 ක් පමණ දුරින්, ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී, ආපදාවට ලක් වූ අස්වර් නමැති මෙරට බහුදින ධීවර ය


මුදල් කොල්ල කන්න පවුලක්ම මරලා
2024 මැයි මස 19 667 0

බාප්පා, පුංචි සහ සහෝදරයා මරා මුදල් හා රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව නාල්ල පොලිසිය කියයි.


තරුණයා දැරියකගේ දිවි බේරයි
2024 මැයි මස 18 1985 1

කලවාන කුකුළේ ගංගාවට පැන්නේ යැයි කියන දැරියක් එම ප්‍රදේශයේ තරුණයකු ගඟට පැන දිවි බේර ගෙන ඇති බව කලවාන පොලිසිය පැවසීය .


’යුද්ධයෙන් පීඩා විඳි සියල්ලනට එංගලන්තයේ සහාය’- කැමරන්
2024 මැයි මස 18 1916 5

ශ්‍රි ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වී වසර 15ක් ගෙවී ඇතත් එම ගැටුම් වලින් මියගිය සහ අතුරුදහන්වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් අදටත් තම ආදරණීයයන්ට සිදුව


ඇල්ල- වැල්ලවාය පාර අදත් වහයි
2024 මැයි මස 18 351 0

ඇල්ල වැල්ලවාය මාර්ගයට කරදගොල්ල මලිතගොල්ල ප්‍රදේශයේදී මාර්ගයට රොම්මඩ සහිත ජලය ගලා ඒම තවදුරටත් පවතින බැවින් අද (18) රාත්‍රි 8.00 සිට හෙට උදෑසන 6.00 දක්වා මාර්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 792 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2346 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2010 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site