ඊශ්‍රායලයට ශ්‍රමිකයන් යැවීම අත්හිටුවයි ඊශ්‍රායලය සහ පලස්තීනය අතර මේ වන විට පවතින යුද්ධමය තත්වය පිළිබඳව අවදානය යොමු කර ඊශ්‍රායලයට ශ්‍රමිකයන් යැවීම තාවකාලිකව අත්හිටුවූ බව විදේශ රැකියා සහ කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද (11) පැවසීය. 11 October 2023
කොළඹ ‘අක්ෂි රෝගයක්’පාසල් කීපයක පන්ති කාමර වහයි කොළඹ නගර සභා සීමාව තුළ පැතිර යන අක්ෂි රෝගයක් හේතුවෙන් කොටහේන මධ්‍ය මහා විද්‍යාලයේ ශ්‍රේණි තුනක සියලුම පංති ලබන සිකුරාදා දක්වා වසා දැමූ බව කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය පැවසීය. 11 October 2023
සබරගමුවට - මධ්‍යම පළාත්වලට තද වැසි මධ්‍යම කඳුකරයේ බටහිර බෑම්වලට සහ සබරගමුවේ තැන් කීපයකට ඇද හැළුණු තද වර්ෂාවෙන් පහත් බිම් සහ මාර්ග රැසක් ජලයෙන් යටවූ බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. 11 October 2023
පිළිකා එන්නතක් භාවිතයෙන් ඉවත් කරයි රෝගීන්ට ලබාදීමෙන් පසුව සංකූලතා ඇති වූ හෙයින් පිළිකා එන්නතක් භාවිතයෙන් ඉවත් කළ බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර මහතා පැවැසීය. 11 October 2023
නසීර් අහමඩ් වෙනුවට අලි සහීර් ගැසට්ටුව නිකුත් වේ නසීර් අහමඩ් මහතාගේ මන්ත්‍රීධූරය අහිමිවීමෙන් පුරප්පාඩුවූ එම මන්ත්‍රීධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සහීර් මවුලානා පත්කරන බවට සඳහන් ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් අද නිකුත් කරනු ලැබීය. 11 October 2023
ෂැංග්‍රිලා බෝම්බයේ වීඩියෝ අධිකරණයේ පෙන්නයි කතෝලික දේවස්ථාන හා තරුපහේ හෝටල් ඉලක්ක කරගෙන ආගමික අන්තවාදීන් පාස්කු ඉරුදින කොළඹ ෂැංග්‍රිලා හෝටලයට එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට අදාළ ආරක්ෂක කැමරා දර්ශන නඩුව විභාග කරන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ප්‍රදර්ශනය කෙරිණී. 11 October 2023
ඊශ්‍රායල ප්‍රහාරයේ මහ මොළකරු ගාසා තීරයේ හමාස් සටන්කාමීන් පසුගිය 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය සැලසුම් කළේ හමාස් පලස්තීන සටන්කාමියකු වන මොහොමඩ් ඩියෙෆ් යැයි තහවුරු වී ඇත. 11 October 2023
පලස්තිනුවන්ට සහාය දැක්වූ මීයා කලීෆාට වැඩ වරදී ඊශ්‍රායල හමාස් යුද්ධයේ දී පලස්තීනුවන්ට සහාය පළ කරමින් ඊශ්‍රායලයට නිගරු කරමින්, අසැබි නිළියක ලෙස කලක් ප්රකටව සිටි. 11 October 2023
ඊශ්‍රයලයට ලෙබනනයත් සිරියාවත් තර්ජනයක් වෙලා ගාසා තීරයේ හමාස් ඉස්ලාමීය සටන්කාමීන් පමණක් නොව, ඊශ්‍රායලය හමුදාවට ලෙබනනය සහ සිරියාව ද තර්ජනයක් වී ඇති බව යුද විශ්ලේෂකයෝ පෙන්වා දෙති. 11 October 2023
තවත් ඖෂධ වංචාවක් ස්නායු, හන්දි හා හදවත් රෝගවලටත් භාවිත කරන හියුමන් ඉමියුනෝ ග්ලොබිලින් (අයි.වී.අයි.ජී) යන අත්‍යාවශ්‍ය ඖෂධය ප්‍රසම්පාදන ක්‍රමවේද අනුගමනය නොකර ලියාපදිංචි කිරීමෙන් බැහැරව සුපුරුදු හොර පාරෙන් කූට ලේඛන සකස් කොට ගෙන්වා ඇති බවවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 11 October 2023
මුදල් වංචාකළ කාන්තාවක් අත්අඩංගුවට ඔන්ලයින් හරහා ණය ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය කියයි. 11 October 2023
ජපන් රැකියා දොර ලොකු කරයි විශේෂ නිපුණතා සහිත ශ්‍රි ලාංකික තරුණයින් හට SSW කාණ්ඩය යටතේ ජපානයේ රැකියා අවස්ථා ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ජපානයේ IM Japan ආයතනය අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. 11 October 2023
ඊශ්‍රායල ප්‍රහාරවලින් 1,000 ක් මැරිලා ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කරන ප්‍රහාරවලින් ගාසා තීරයේ පලස්තීනුවන් 1,055 ක් මියගොස් ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි. 11 October 2023
ගාසා තීරයේ අලුත්ම තත්වය ලක්ෂ තුනක පමණ ඊශ්‍රායල හමුදා භට පිරිසක් ගාසා තීරය ආසන්නයට ළඟා වෙමින් සිටින බවත් ඔවුන් ගාසා තීරය ගොඩබිමින් ආක්‍රමණය කරනු ඇති බවත් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යොඇව් ගලාන්ට් ප්‍රකාශ කර ඇත. 11 October 2023
ඇෆ්ගනිස්තානයට යළි භූමිකම්පාවක් ඇෆ්ගනිස්තානය යළිත් වරක් භූමි කම්පාවකින් කැලැඹිණි. මෙම භූමි කම්පාවේ බලපෑම එල්ල වූයේ හේරත් පළාතට මීටර් 25 ක් දුරිනි. 11 October 2023
කලාකරුවෝ 200ක් කලාභූෂණ සම්මාන ලබති කලා ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටු කළ කලා ශිල්පීන් ඇගයිමට ලක් කෙරෙන 2022 කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම තරුණ සේවා සභාවේ දී අද (11) පැවැත්විණි. 11 October 2023
වාහන 43 ක් විශේෂ කාර්ය බලකා කඳවුරුවල දිරලා එක්සත් ජාතීන්ගේ සාමසාධක ව්‍යාපෘතියේ රාජකාරි සඳහා යැයි පවසමින් 2017 වසරේ සිට මිලදී ගත් වාහන 42ක් කිසිදු ප්‍ර යෝජනයකට නොගෙන විශේෂ කාර්ය බලකා කඳවුරු තුනක රඳවා තබා ඇති බව විගණන වාර්තාවකින් අනාවරණය වේ. 11 October 2023
වැලි ටිපරයට කොස්තාපල්වරිය බිලි දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල තලකිරියාගම ප්‍රදේශ්යේදී සිදු වූ රිය අනතුරකින් බරපතළ තුවාල ලබා දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිස් කොස්තාපල්වරිය් අද මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. 11 October 2023
ගාසා තීරය සමතලා කරන්නැයි පාලක පක්ෂයේ සාමාජිකාවක් කියයි ඊශ්‍රායලය, ගාසා තීරය සමතලා කිරීම සඳහා කිසිඳු අනුකම්පාවක් නොමැතිව ජෙරිකෝ මිසයිල යොදා ගත යුතු බව එරට නෙසට් සභාවේ පාලක පක්ෂයේ සාමාජිකාවක වන රෙවිටාල් ගොට්ලිව් ප්‍රකාශ කර ඇත. 11 October 2023
සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක් වෛද්‍යවරුන් මුහුණ දී ඇති ගැටලුවට කඩිනම් විසඳුම් දෙන ලෙස බල කරමින් රජයේ වෛද්‍ය නිධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට අද (11) දහවල් විරෝධතාවක් පැවැත්වීය. 11 October 2023
’’හොස්ටල්’’ වටලන්න යයි නවකවද සිදුවීම් වැළැක්වීමේ අරමුණින් විශ්වවිද්‍යාල නේවාසිකාගාර රාත්‍රී කාලයේ පරික්ෂා කිරීමට තීරණය කර ඇති බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය. 11 October 2023
අහුන්ගල්ලේ දෙපිරිසක් ඇසිඩ්වලින් ගහගෙන අහුන්ගල්ල පතිරාජගම අද (11) දහවල් දෙපිරිසක් අතර ඇසිඩ් පහාරයක් හා තියුණු ආයුධයකින් පහරදීමකින් හය දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි. 11 October 2023
වෛද්‍ය වරෝධයෙන් ඩීන්ස් පාර වැසේ ඉල්ලීම් කිපයක් මුල්කරගනිමින් වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට විරෝධයක් හේතුවෙන් ඩීන්ස් පාර සම්පූර්ණයෙන්ම අවහිර වී ඇත. 11 October 2023
මහ කන්නයේ ගොවීන්ට පැරෂුට් තැටි දීම අරඹයි මෙවර මහ කන්නයේ අක්කර 8461ක් පැරෂුට් ක්‍රමයට වගා කිරීම සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 490ක් වටිනා පැරෂුට් තැටි ගොවි ජනතාවට නොමිලයේ ලබා දීම ඇරැඹූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 11 October 2023
හිමිනමකගේ යැයි සැකකරන මළ සිරුරක් ගාලුමුවදොර වෙරළට හිමිනමකගේ බවට සැකකරන මළ සිරුරක් ගාලුමුවදොර වෙරළට ගොඩ ගසා තිබියදි සොයාගත් බව කොටුව පොලිසිය පවසයි. 11 October 2023
සැළසුම් ශිල්පියා ඉඟිනිමිටිය ජලාශයේ සැඟවෙයි ඉගිනිමිටිය වාරි මාර්ග ඉංජිනේරු කාර්යාලයට අනියුක්තව සේවය කළ සැළසුම් ශිල්පියෙක් ඉගිනිමිටිය ජලාශයේ ගිලී අතුරුදහන්වී ඇති බව නවගත්තේගම පොලීසිය පවසයි. 11 October 2023
සීවලී විදුහලේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව ජනපති කාර්යාලයේ දී රැස්වෙයි රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි . 11 October 2023
පොලිසියේ ළමා උත්සවයට ආ සිසුන් පිරිසක් රෝගී වේ ලෝක ළමා දිනය වෙනුවෙන් පාසල් පහක සිසුන් 500ක් වෙනුවෙන් බණ්ඩාරවෙළ පොලිසිය පැවැත් වූ උත්සවයක සහභාගී වූ සිසුන් අතුරුන් 22 දෙදෙනකු හදිසියේ රෝගී වී රෝහල් ගත කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි. 11 October 2023
වැල්ලම්පිටිය වෙඩිතැබීමේ වෙඩික්කරු කොටුවෙයි වැල්ලම්පිටිය බ්‍රැන්ඩියාවත්ත ප්‍රදේශයේ දී පුද්ගලයකුට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු ඇතුලු දෙදෙනකු මෝටර් රථයකින් මීගමුව දෙසට පලා යමින් සිටියදි විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාසය විසින් මීගමුව කොප්පරාහංදිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත. 11 October 2023
දස හැවිරිදි දැරිය ඉන්ධන බවුසරයට බිලි ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් තලාව නගරයේ පැවති ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයකට සහභාගි සිය මව සමග යතුරැ පැදියෙන් නිවසට යමින් සිටියදි තලාව නගරයේ වට රවුමේදි ඉන්ධන බවුසරයක ගැටි බරපතල තුවාල ලබා එම ස්ථානයේම මිය ගොස් ඇතැයි තලාව පොලිසිය කියයි 11 October 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026