ගී විනිස කෘතියක් ලෙස ඔබ අතට ශෂි ප්‍රභාත් රණසිංහ ලංකාදීප වෙබ් අඩවියට ලියූ සුභාවිත ගීත විචාර ලිපි එක්තැන් කළ ’’ගී විනිස’’ ග්‍රන්ථය එළි දැක තිබේ. 10 October 2023
ජැක්සන්ගේ දේහයට හිටපු ජනාධිපතිගේ අවසන් ගෞරවය අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ දේහයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (10) පෙරවරුවේ ගෞරව දැක්වීය. 10 October 2023
දියේ ගිලි අතුරුදන් වූවායැයි කියන තරුණයෙක් සොයා මෙහෙයුම් කටුවැල්ලේගම ප්‍රදේශයේ ඇළ මාර්ගයක දියනෑමට ගිය දහනව හැවිරිදි තරුණයකු ගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් ඔහු සමග දිය නෑමට ගිය සෙසු තරුණයින් දෙදෙනා ගෙන් ප්‍රශ්න කරන බව මිනුවන්ගොඩ පොලිසිය කියයි. 10 October 2023
යුද්දයට මැදි වූ ලක්කත මිය ගිහින් පලස්තීනය සහ ඊශායලය අතර යුද්ධයේදී අතුරුදහන්ව සිටින කාන්තාව මරණයට පත්ව ඇතැයි ඊශ්‍රායල තනාපති ආරංචි මාර්ග සඳහන් කරන බවත් ඇයට හමාස් සංවිධානයේ සාමාජිකයන් තැබූ වෙඩි ප්‍රහාරයකින් සේවා ස්ථානයේදී මරණයට පත්වූ බවත් විදේශ ආරංචි මාර්ග සඳහන් කරයි. 10 October 2023
ශ්‍රී ලංකාව ලකුණු රැස්කිරීම තෝරාගනී ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 8 වැනි තරගය ලෙස ශ්‍රී ලංකව සහ පාකිස්තානය අතර අහමදාබාද්හිදී දැන් පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකා පිලේ නායක දසුන් ශානක පළමු ලකුණු රැස්කිරීමට තීරණය කළේය. 10 October 2023
දුරකතන ආරවුල මරණයෙන් කෙලවර වෙයි ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් 24 හැවිරිදි තරුණයකුගේ පපුවට පිහියෙන් ඇන ඝාතනය කර ඇතැයි කොටහේන පොලීසිය කියයි. 10 October 2023
ක්‍රීඩා ඇමතිගෙන් තරුෂිට සුබ පැතුම් ආසියානු ක්‍රීඩා උළෙලේදී වසර 21 කට පසුව මලල ක්‍රීඩා ඉසව්වකින් රන් පදක්කමක් දිනූ ශ්‍රී ලංකා මැදිදුර ධාවන ශූරී තරුෂි කරුණාරත්නට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සුබපැතුම් එක්කළේය. 10 October 2023
ගල්ල-මාතර පාසල් හෙට සිට යළි අරඹයි ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ජලයෙන් යටවි තිබෙන ප්‍රදේශවල පාසල් සහ අවතැන් කඳවුරු පවත්වාගෙන යන පාසල් හැර අනෙක් සියලුම පාසල් හෙට සිට යලි විවෘත කරන ලෙස උපදෙස් දුන් බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා පැවසිය 10 October 2023
රට ගොඩ ගන්න තියෙන්නේ ’’වස්තු’’ දෙකයි ශ්‍රී ලංකාවට ආර්ථික සමෘද්ධිය උදාකර ගැනීමට ඇති එකම මාර්ග වන්නේ මෙරට භූගෝලීය පිහිටීම සහ මානව සම්පත පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 10 October 2023
නසීර්ගේ පුටුව හිස් බව මැතිසබා ලේකම්වරිය මැකෝට දන්වයි හිටපු පරිසර අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් මහතාගේ එම මන්ත්‍රීධුරය පුරප්පාඩුවී ඇතැයි පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවට ඊයේ (9) දැනුම් දුන්නාය. 10 October 2023
පොල්මට්ට අස්සේ බීඩි කොළ ඉන්දියාවේ සිට හොර රහසේ ගෙනවිත් කොළඹට ප්‍රවාහනය කරන ලද කෝටි දෙකකට ආසන්න බීඩ කොළ තොගයක් සමග සැකකරුවෙක් අත් අඩංගුවට ගත් බව මදුරන්කුලිය පොලීසය පවසයි. 10 October 2023
වස්ගමුවේ පතල් කැපූ හතරක් මාට්ටු පොලොන්නරුව වස්ගමුව ජාතික වනෝද්‍යානයේ අඹන්ගඟ පාලංකඩුව ප්‍රදේශයට ඇතුළත් වී නීතිවිරෝධීව අනවසරයෙන් පතල් කැණීම් සිදුකළ සිව්දෙනකු අද උදෑසන අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව වනජීවි වැටලීම් ඒකකය සඳහන් කරයි. 10 October 2023
ආයුර්වේද පනතට කතානායකගේ සහතිකය ආයුර්වේද ක්ෂේත්රයේ සංවර්ධනය සඳහා විධිවිධාන ඇතුළත් ආයුර්වේද (සංශෝධන) පනත් කෙටුම්පතට කතානායකවරයා ඊයේ(9) සිය සහතිකය සටහන් කළේය. 10 October 2023
ලංකා -ඕස්ට්‍රෙිලියා ගිවිසුමක කාලය දිගු කරයි ශ්‍රී ලංකා , ඕස්ට්‍රේලියා වෙළෙඳ හා ආයෝජන රාමු ගිවිසුම් කාලය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 10 October 2023
යුද හමුදාවේ 1879 කට උසස්වීම් යුද හමුදාවේ 1879 දෙනෙකුට උසස්වීම් ලබා දී ඇති යුද හමුදාව පවසයි. 10 October 2023
චිනය එක්ක අලුත් ගිවිසුමකට කැබිනට් අනුමැතිය ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය සහ මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 10 October 2023
කොළඹට උඩින් පියාසර කරන්න ගාස්තුව වැඩි කරයි 2023 අංක 1 දරණ ගුවන් ගමන් සංසරණ පහසුකම් ගාස්තු රෙගුලාසි සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 10 October 2023
වැලි ටිපරයේ ගැටී පී.සී.මරුට කුරුණෑගල පොල්ගහවෙල ප්‍රධාන මාර්ගයේ පුහුරිය හංදියේ දී වැලි පැටවු ටිපර් රථයක ගැටීමෙන් පොලිස් කොස්තාපල්වරයකු මියගොස් ඇති බව පොල්ගහවෙල පොලිසිය පවසයි. 10 October 2023
ඉඩම් කොමිසමට නව පනතක් එයි ජාතික ඉඩම් කොමිෂන් සභා පනත සකස් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. 10 October 2023
වගා හානි වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය 2023 යල කන්නයේ වගා හානි සඳහා වන්දි ගෙවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 10 October 2023
අල්ලස් ගත් සැරයන්-කොස්තාපල් ගෙදර රියදුරු බලපත්‍රයක් නොමැතිව යතුරුපැදියක් පදවාගෙන ගිය බව කියන පුද්ගලයෙකුට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමෙන් වැළකී සිටීම සඳහා රුපියල් 1,000ක මුදලක්එම පුද්ගලයා ගෙන් බලහත්කාරයෙන් ලබා ගත් බව කියන කන්තලේ මූලස්ථාන පොලිසියේ පොලිස් සැරයන්වරයෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරයකුගෙ වැඩ අද(10) සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කර ඇත. 10 October 2023
පිටරට වෛද්‍ය උපාධි ලංකාවේ පිළිගන්න නීති හදයි ජාත්‍යන්තරව පිළිගත් විශ්ව විද්‍යාලවල වෛද්‍ය උපාධි පාඨමාලා ශ්‍රී ලංකාවේ පිළිගැනීම සඳහා නීති සම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 10 October 2023
ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය කාන්තාවකට මෙම වසරේ ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය ඇමෙරිකන් ජාතික ආර්ථික ඉතිහාසඥවරියක වන මහාචාර්ය ක්ලෝඩියා ගෝල්ඩින්ට හිමිවිය. 10 October 2023
හරකා එස්.ටි.එෆ් සෙබළුන් දෙදෙනාට මරු කැඳවයි වව්නියාව හොරොව්පතාන මාර්ගයේ කෝවිල්කුලම් ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් ඩිෆෙන්ඩර් රථයක් අයාලේ යන ගවයකුගේ ගැටි සිදු වූ අනතුරකින් පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබළුන් දෙදෙනකු මියගොස් තවත් 05 දෙනකු තුවාල ලබා ඇතැයි වවුනියාව පොලීසිය පවසයි. 10 October 2023
දිවයිනපුරා අද තද වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 10 October 2023
ප්‍රහාර නවත්වන්න පියවර ගන්න - අබ්බාස් හමාස් ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලය දිගින් දිගටම ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන්ට අනතුරක් වන අන්දමින් පහර දීම නැවැත්වීමට මැදිහත් වෙන්නැයි බටහිර ඉවුරේ පලස්තීන පාලන අධිකාරියේ ජනාපධිති මොහොමඩ් අබ්බාස් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරේස්ගෙන් ඉල්ලීමක් කර තිබේ. 10 October 2023
ඇමෙරිකා හමුදා ඊශ්‍රායලයට යවන්නේ නෑ හමාස් සටන්කාමීන් සමඟ දරුණු අවි ගැටුම්වලට මැදිහත් වී සිටින ඊශ්‍රායලයේ සහායට ඇමෙරිකන් සොබළුන් යැවීමේ අදහසක් නොමැති බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 10 October 2023
ප්‍රාණ ඇපකරුවන් ඝාතනයට හමාස් සූදානම් ඊශ්‍රායල ගුවන් හමුදාව තව දුරටත් ගාසා තීරයට බෝම්බ හෙලන බව වාර්තා වේ. හමාස් පාලනය යටතේ පවතින ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කරන දරුණුතම ප්‍රහාර මාලාව මෙයයි. 10 October 2023
කොළඹ - බදුල්ල පාරට පස් කඳු වැටේ පවතින ධාරානිපාත වර්ෂාව සමඟ අද (09) රාත්‍රී කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගයට හපුතලේ බෙරගල අතර උඩ බ්ලැක්වුඩ් ප්‍රදේශයේ ස්ථාන දෙකක දී ගල්පර්වත සමග පස්කඳු කඩාවැටී එක් මංතීරුවක් අවහිර වී ඇති බව හපුතලේ පොලීසිය කියයි. 09 October 2023
රිජ්වේ ළමා රෝහලේ සී.ටී. ස්කෑන් ඇනහිටී බොරැල්ල, රිජ්වේ ආර්යා ළමා රෝහලේ සී.ටී. ස්කෑන් පරීක්ෂණ අත්හිටුවීමට සිදුව ඇති බව රජයේ විකරණ විද්‍යා තාක්ෂණ වේදීන්ගේ සංගමයේ නිලධාරියෙක් පැවසීය. 09 October 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026