
(ගයාන් සූරියආරච්චි)
හිටපු පොලිස් පරික්ෂක බාලේන්ද්‍ර ඝාතනය සදහා ඔත්තු බැලූ පොඩි සුදූ නැමැති ඔත්තුකරු අයිස් මත්දුව්‍ය සමග අම්බලන්ගොඩ වෙනමුල්ල ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය .
එහි දී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 14, මිලි ග්‍රෑම් 50 ක් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25 ක පුද්ගලයෙකි.
තවද වැඩිදුරටත් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් වලදී මෙම සැකකරු 2023.10.09 වන දින රත්ගම පොලිස් වසමේ රත්ගම කරාව ප්‍රදේශයේ දී හිටපු පොලිස් පරික්ෂක බාලේන්ද්‍ර යන අය ඝාතනය කිරිම සදහා අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිට රත්ගම දක්වා පොලිස් පරික්ෂක බාලේන්ද්‍ර නිලධාරියා ගමන් කරන ලද යතුරු පැදිය පිටුපසින් යතුරු පැදියකින් ගමන් කරමින් දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන “සමන් කොල්ලා” යන අයට ජංගම දුරකථනයෙන් මාර්ග පිළිබදව දැනුම් දී ඇති අතර ඒ අනුව මෙම සැකකරු පොලිස් පරික්ෂක බාලේන්ද්‍ර නිලධාරියා ඝාතනය කිරිමට ආධාර අනුබල දුන් බවට කරුණු අණාවරණය කර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන්ව ඉතිරි කරන්න එපා. ඌරො කැකුණ තලන විට හබන් කුකුලන්ට රජ මගුල් ලු. දැන් ලෝයර් කාරයෝ ලැහැස්ති වෙනවා ඇති මුන්ව බේරගන්න ගාන අරන්. එනිසා මොවුන් සඟවාගෙන ඉන්න ආයුධ පෙන්වන්න අරන් යන්න.