
(රංජිත් රාජපක්ෂ)
මධ්‍යම කදුකරයට පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව සිඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවෝ පවසති.
පවතින අධික වියළි කාලගුණයත් සමග (04) දින උදැසන වන විට කාසල්රි ජලාශයේ ජල ධාරිතාව පිටාර මට්ටමේ සිට අඩි 44 කින් පහල බැස ඇති අතර , මවුස්සාකැලේ ජලාශයේ ජල ධාරිතාව පිටාර මට්ටමේ සිට අඩි 49 කින් පහළ බැස ඇති බවයි ඉංජිනේරුවන් කියා සිටියේය.
ජලාශයන්හි ජල මට්ටම සිඝ්‍රයෙන් පහල බැසිම හේතුවෙන් මවුස්සාකැලේ ජලාශය ඉදි කිරිමේදි ජලයට යට වු පැරණි මස්කෙලිය නගරයේ පන්සල , හින්දු කොවිල ඇතුළු නටබුන් රැසක් යලි මතු වි ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම ජළ මට්ටම පහළ යාම, මහ වැසි වැටෙන තුරු නැවත්වීම කාටවත් කළ නොහැකි දෙයක් වුණත්, මේ අවස්ථාවේ දී ගත හැකි උපරිම ප්‍රයෝජනයක් තිබෙනවා කියා මගේ අදහසයි. මෙහි ජළය පිරවීමේදී අපට අහිමි වූ පන්සල්, කොවිල් ආදී පූජනීය ස්ථාන දැන් යළි මතුවන හෙයින් ඒවා ගොඩට ගෙන ප්‍රතිසංස්කරණය කර ප්‍රතිස්ථාපනය කිරීමට බැරිද? මම මගේ අදහස ඉදිරිපත් කලෙමි. මට වඩා දැනුමක් ඇති අයගේ අදහස් මෙහිලා කියවීමට ඉතා සතුටින් සිටිමි..
රටේ නායකයා රටේ කෑලි කෑලී විකුණගෙන කනකොට මේ වගේ විපත් සිද්ධවෙනවා අරුමයක් නෙමෙයි.