(අංජුල මහික වීරරත්න)
ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමට රජය ගත් පියවර විප්ලවයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ලොව කිසිදු රටක මෙතෙක් එවැනි වැඩසටහනක් ක්‍රියාත්මක වී නොමැති බවද ජනාධිපතිවරයා කීය.
මහවැලි ජනපදිකයන් වෙත “උරුමය” වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ සමාරම්භක උත්සවයට පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ දී අද (04) පෙරවරුවේ සහභාගී වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක ඇත්ත. ලෝකේ කිසිම රටක දේශපාලුවෝ නොකරන දේවල් තමයි මේහේ කට්ටිය කරන්නේ ඡන්දේ කාලෙට...!
හොඳටම තේරෙනවනේ මෙතුමා ඡන්දය ඉලක්ක කරලා කරන්නේ කියලා, මෙයා ජනාධිපති වෙලා මේ වනතුරු මොනවද මිනිස්සුන්ට කලේ, දැන් දෙනවා හිටු කියලා, නමුත් ස්ථර වශයෙන්ම මෙයා පරාදවෙනවා..
ඔය වගේ මෝඩ වැඩ නිසා අනාගතයේදී ජනාවාසවල තිබෙන ජනවාර්ගික සංයුතිය වෙනස් වී රට බෙදීමට පාර කැපෙන බව ඩී.එස්. මහත්තයා මනාව අවබෝධ කරගත් නිසයි. එදා ඔහු ඉඩම් අයිතිය රජය සතුව පවත්වා ගත්තේ...
රනිලෝ, අනිත් රටවල ඡන්දෙ බලාගෙන ඔබලා වගේ නූගත් වැඩ කරන්නේ නෑ...!
ජනමතය නම් දිනාගන්න බැරි වෙයි.
අගුපිල්වල ඉද්දී ජනාධිපති වෙච්චි එක, එහෙම ඇවිත් රජයේ දේපළ බෙදන එක මේ සේරම විප්ලව තමයි.
ඔව් ඔව් ඔය අනීතික, පට්ට දුෂිත වැඩවලට හිරේ යන්නත් ලැහැස්තිවෙලා ඉන්න. ඔය හොර ඔප්පු ගැන ජනතාව දන්නවා.. ඕකත් මැයි 1 දා වතුකරයේ ජනතාවගේ පඩිය රුපියල් 1700 කළා වගේ, ලංකාවට ෆොක්ස් වැගන් ගෙනාවා වගේ... ඔබගේ පිස්සු වැඩක් පමණයි. බොහෝම වැදගත් විදිහට නිවැරැදිව "ශ්‍රී ලාංකිකයින්" විසින් කරගෙනගිය ඔන් ඇරයිවල් වීසා ක්‍රමය ඉන්දියන් කොම්පැනියකට දුන්නේ ඔබගේ කීමකට නොවේද? ඒ නිසා හොර ඉන්දියානුවන් කීදෙනෙක් දැනටමත් අපේ රටට ඇතුල්වෙලාද කියලා දන්නවද? අපි දන්නවා ඔබගේ සම්හවය ඉන්දියන් බව... ඒත් අපි ශ්‍රී ලාංකිකයෝ. ඔබ ජීවිතාන්තයටම හිරේ සිටිය යුතුයි.
ඔය ඉඩම්වලට සින්නක්කර ඔප්පු නොදුන්නේ මතු පරම්පරාව ගැන හිතලයි.
ඡන්දෙ දෙනවා නම් ඕනෑම තුප්පහි වැඩක් කරන දේශපාලනය කරන අය ඔප්පු දීලා තවත් අනාගත ප්‍රශ්නයක් වගා කරලා යයි.
ආණ්ඩුවේ ඉඩම් කියන්නේ ජනතාව සතු දේපළ. ජනතා දේපළ පුද්ගලික හිමියන්ට බෙදාදෙනවාට විප්ලවය කියන්නේ මහ මෝඩයින්. පුද්ගලික ඉඩම් ජනතාව සතු කරනවටයි, විප්ලවය කියන්නේ... මෙතැනදීත් අපිව ගොනාට අන්දන්න හදන්නේ අම්මපා...?
ධන බද්ධ
ජනතාවට භූමියේ අයිතිය තහවුරු කරදීම පාලකයන්ගේ වගකීමක් විය යුතුයි. සින්නක්කර ඔප්පුවක අයිතිය නැත්නම් ඒ රටේ ජීවත්වීමේ ඵලය කුමක්ද? දේශපාලන මතවාද කරපින්නාගෙන තම හිමිකමට පයින් ගසන්නේ බලයට කෑදර මිනිසුන්.මිනිසුන්ගේ හිමිකම් දීමෙන් ඔවුන්ගේ පුරවැසි භාවය තහවුරු වෙයි . දේපළ තිබෙන උදවියට පමණක් උරුමකම් හිමිකරගැනීමේ ඉඩකඩ තිබීම අසාධාරණයකි.
බදයුදීන් එයාගේ අම්මගේ බුදලේ වගේ බෙදපු මුලතිව් කැලේ ඉඩම් වලටත් සින්නක්කර ඔප්පු දෙනවද?
රනිල් 1 දෙනවා කියන්නේ, 2 ගන්න හරිද? ඡන්දෙ කාලෙට දෙන දේවල් වැඩිය ආයුෂ නැහැ.