නවසීලන්තය ලකුණු 99 කින් ජයගනී ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 6 වැනි තරගය ලෙස හයිද්‍රාබාද්හිදී අද (9) පැවැති තරගයේදී නවසීලන්තය ලකුණු 99 කින් නෙදර්ලනත්ය පරාජය කළේය. 09 October 2023
‘‘ඡන්දය කල් දමන්න පිඹුරුපත් හදනවා‘‘ මේ වනවිටත් මැතිවරණ කල් දමා ඇති ආණ්ඩුව ලබන වසරේදී පැවැත්වීමට නියමිත මැතිවරණ කල් දැමීම සඳහා අවශ්‍ය කූට උපක්‍රම සහ පිඹුරුපත් සකස් කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 09 October 2023
පාකිස්තාන ක්‍රිකට් විස්තර විචාරිකාවට ඉන්දියාවෙන් යන්න කියලා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමට ඉන්දියාවට ගිය පාකිස්තාන ක්‍රිකට් විස්තර විචාරිකා සයිනැබ් අබ්බාස්ට ඉන්දියාවෙන් පිටවෙන්නැයි නියෝග කර තිබේ. 09 October 2023
දුම්රිය ස්ථානාධිපති සංගමය 100 වැනි සංවත්සර සමරයි මෙරට රාජ්‍ය වෘත්තීය සමිති තුළ අභිමානවත් සහ පැරණිම වෘත්තීය සමිතියක් වන ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයට වසර 100 ක් සම්පූර්ණ විය . 09 October 2023
ඊශ්‍රායලයේ දී ලාංකිකයෝ දෙකක් අතුරුදන් ඊශ්‍රායල සහ පලස්තීනය අතර ඇති වී තිබෙන දරුණු ගැටුම් හේතුවෙන් මේ වන විට ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු අතුරුදන් වී එක් ශ්‍රී ලාංකිකයකු තුවාල ලබා තිබෙන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා මහතා ප්‍රකාශ කළේය. 09 October 2023
ඊශ්‍රායලයේ ඉන්න ලාංකිකයන් රකින්න කඩිනම් පියවර ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කඩිනම් කි‍්‍රයාමාර්ග ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයට උපදෙස් දුන්නේය. 09 October 2023
රත්ගම වෙඩි තැබීමකින් හිටපු අයි.පී මරුට රත්ගමදී දැන් සිදුවූ වෙඩි තැබීමකින් හිටපු පොලිස් පරීක්ෂකවරයකු මරුමුවට පත්වී ඔහුගේ සොහොයුරා තුවාල ලබා රෝහල් ගත කළ බව රත්ගම පොලීසිය කියයි. 09 October 2023
අද ඉවත් වූ ආයනය සීමාව රථ වාහන හැර ආනයනය තහනම් කර තිබූ සෙසු සියලුම භාණ්ඩවල තහනම ඉවත් කිරීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 09 October 2023
නිල්වලා ගඟේ කිඹුල්ලු ගම් වදිති මාතරට බලපා ඇති ගංවතුර තත්වය සමග නිල්වලා ගගේ සිටීන කිඹුලන් විශාල ප්‍රමාණයක් ගොඩබිමට පැමිණ ඇති බව ජනතාව පවසති. 09 October 2023
ෂාරුක් ඛාන්ට ලොකු ආරක්ෂාවක් ලෝක ප්‍රසිද්ධ රංගන ශිල්පියෙකු මෙන්ම බොලිවුඩයේ රජරුවන් ලෙස සැලකෙන ෂාරුක් ඛාන්ගේ ජීවිතයට තර්ජනයක් එල්ල විමට අවස්ථාවක් තිබීම හේතුවෙන් ඔහුගේ ආරක්ෂාව තර කිරීමට තීරණය කළ බව මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත රජය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 09 October 2023
වැල්ලම්පිටියේ වෙඩි තැබීමක් වැල්ලම්පිටිය බ්‍රැන්ඩිය වත්ත නිවසක් ඉදිරිපිට සිටි පුද්ගලයකු ඉලක්ක කර සිදු කළ වෙඩි ප්‍රහාරයකින් එම පුද්ගලයා තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි වැල්ලම්පිටිය පොලිසිය කියයි. 09 October 2023
බුද්ධ ශාසන අමාත්‍යංශය කැලෑවට යයි කොළඹ පිහිටි බුද්ධ ශාසන අමාත්‍යංශය පිහිටි ගොඩනැගිල්ලේ බෝ පැල ඇතුළු විවිධ ගස් වර්ග පැලවීමෙන් එම ගොඩනැගිල්ල විනාශවීමේ තර්ජනයකට ලක්ව තිබේ. 09 October 2023
පෞද්ගලික බස් දුම් පරීක්ෂාවෙන් ඉවත් වෙයි සියලුම පෞද්ගලික බස් රථ ලබන වසරේ ජනවාරි මාසයේ සිට දුම් පරීක්ෂාවෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කොළඹදී පැවසීය. 09 October 2023
බම්බලපිටිය අබලන් දුම්රිය පාලම අලුත් කරන්න ජනපති නියෝග බම්බලපිටිය දුම්රිය ස්ථානයේ දැනට පවතින ගුවන් පාලම ඉවත් කර මාස පහක් ඇතුළත නව පාලමක් ඉදිකරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබේ. 09 October 2023
ඌරන්ට ඇටවූ උගුලේ දඩයක්කරුම පැටලෙයි වල් ඌරන් දඩයම් කිරීමට කුඹුරක ඇද තිබු විදුලි රැහැනක පැටලී අගලවත්ත පැලෑඳ ගලගංගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අද (09) මියගොස් ඇතැයි බදුරලිය පොලිසිය පවසයි. 09 October 2023
ඇමතිට ලැබුනු තීන්දුව පොහොට්ටුවෙන් කැඩුණු මන්ත්‍රීන්ට බලපෑමක් නෑ නසීර් අහමඩ් ඇමතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නඩු තීන්දුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වී කටයුතු කරන මන්ත්‍රීවරුන්ට කිසිසේත් බලපෑමක් නොවන බව නිදහස් ජනතා සභාවේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (9) පැවසීය. 09 October 2023
පක්ෂ මාරු කළ අය ඉන්නේ තිගැස්මෙන් පක්ෂ මාරු කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැන් ඉන්නේ තිගැස්මෙන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 09 October 2023
විදුලිය විසන්ධි කළැයි දණ ගස්වා පහරදිලා විදුලිය විසන්ධි කිරීමේ නිරතව සිටි සේවකයින් දෙදෙනෙකුට මදුරන්කුලිය මුක්කු තොඩුවාව ප්‍රදේශයෙදී වැලි ව්‍යාපාරීකයකු ඇතුළු පිරිසක් අමානුෂීක ලෙස පහරදීමේන් තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බව මදුරන්කුලිය පොලිසිය කියයි. 09 October 2023
ලොව හොඳම විද්‍යාඥ ලයිස්තුවට මෙවරත් ලංකාවෙන් 35ක් මෙම වසරේ (2023) ලොව ඉහළම විද්‍යාඥ ලයිස්තුවට( සියයට 2 අතරට) ශ්‍රී ලාංකික විද්‍යාඥයෝ 35 දෙනෙක්ද ඇතුළත්ව සිටිති. 09 October 2023
ඊශ්‍රායලයේ හදිසි යුද තත්ත්වයක් හමාස් ප්‍රහාරයෙන් පසු, ඊශ්‍රායල රජය, හදිසි යුද තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, ඊශ්‍රායල ගුවන් හමුදාව, දිගින් දිගටම ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දෙයි. 09 October 2023
ෂාරුක්ට මරණ තර්ජන සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ට මරණ තර්ජන ඉල්ල වී ඇතැයි පැවැසෙයි. මේ හේතුවෙන් ෂාරුක් ට විශේෂ ආරක්ෂකයන් 6 දෙනෙකු යෙදවීමට මහරාශ්ට්ර ප්‍රාන්ත බලධාරීන්ට සිදුව ඇතැයි ද ඉන්දීය මාධ්‍ය පවසයි. 09 October 2023
ලෝක තැපැල් දිනයට අලුත් මුද්දරයක් ජනමාධ්‍ය අමාත්‍යංශය, තැපැල් දෙපාර්තමේන්තුව සහ මුද්දර කාර්යංශය එක්ව සංවිධානය කරන ‘කොළඹ මුද්දර දැක්ම’ කොළඹ තැපැල් මූලස්ථානයේදී අද (9) පැවැත්විණි. 09 October 2023
ඉන්දියා ෆෙරි සේවය හෙට ඇරඹෙයි ඉන්දියාවේ නාගපට්නම් සහ කන්කසන්තුරේ අතර මගී යාත්‍රා සේවය හෙට(10) ආරම්භ කෙරෙන බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 09 October 2023
රක්ෂිතවල අක්කර ලක්ෂ 3ක් කෝටිපතියන්ට බෙදලා දිවයින පුරා වනරක්ෂිතවලට අයත් ඉඩම් අක්කර තුන් ලක්ෂ තිස් දෙදහසක් කෝටිපති ව්‍යාපාරිකයන් සහ ප්‍රභූවරුන් ඇතුළු විවිධ තරාතිරම්වල පිරිස් සඳහා වගා කටයුතු ඇතුළු නොයෙකුත් ව්‍යාපෘති වෙනුවෙන් මේදක්වා නිදහස් කර ඇතැයි තොරතුරු අනාවරණයවී ඇති බව පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි. 09 October 2023
තියුණු ආයුධ සමඟ හතරක් අත්අඩංගුවට සංවිධානාත්මක අපරාධකරුවකුගේ ගෝලයෙක් අත්අඩංගුවට ගෙන ඔහු පදිංචිව සිටින දෙහිවල ධර්මපලාරාම පාරේ නිවසක් වටලා පරික්ෂා කිරීමේදී පුද්ගලයන් සිවුදෙනකු තියුණු ආයුධ තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි . 09 October 2023
මුලතිව් නීතිඥයෝ අලුත්කඩේ අධිකරණ ඉදිරිපිට විරෝධතාවක් ‘මුලතිව් විනිසුරුට සාධාරණය ඉටුකරනු, අධිකරණ විනිසුරුවන්ට බලපෑම් කිරීම නවතනු’ යන ඉල්ලීම් මුලිකරගෙන ‘මුලතිව් නීතිඥ සංගමය සංවිධනය කරන ලද උද්ඝෝෂණයක් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපිට අද (09) උදැසන පැවැත්විය 09 October 2023
ලාංකික කෘෂි විද්‍යාඥයින්ට කොරියාවෙන් පුහුණුවක් කොරියා අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය හෙවත් KOICA යටතේ මෙරට කෘෂිකර්ම අංශයේ නිලධාරීන් හා විද්‍යාඥයින් සඳහා පුහුණු පාඨාමාලා ලබා දීමේ වැඩ පිළිවෙළ යළි අරඹන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙරට දකුණු කොරියා තානාපතිනියගෙන් ඉල්ලිමක් කළේය. 09 October 2023
පෙරපාසල් ගුරුවරිය යටකර පලා ගිය ව්‍යාපාරිකයා අල්ලයි කැස්බෑව හල්පිට ප්‍රදේශයේ පදික මාරුව මතින් ගමන් කරමින් සිටි පෙර පාසල් ගුරුවරියක හප්පා මරණයට පත් කර පලා ගිය මෝටර් රථ රියදුරු වන ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි. 09 October 2023
’වාහන ආනයනය සීමා රේගු ආදයම් ඉලක්කයට අභියෝගයක්’ රේගුව විසින් ලබන බදු ආදායමෙන් 25 % ක් පමණ ලබාගන්නේ වාහන ආනයනයෙන් බවත් , ඊට සීමා පනවා තිබීම හේතුවෙන් රේගු ආදායම් ඉලක්ක කරා ගමන් කිරීමේදී විශාල අභියෝග වලට මුහුණ දීමට සිදුව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 09 October 2023
ගලක් පෙරැලී අවහිර වූ කොළඹ - රත්නපුර මාර්ගය යළි විවෘතයි රත්නපුර කොළඹ ප්‍රධාන මාර්ගයේ පරකඩුව තිරිවාන ප්‍රදේශයේ ඉවුරක තිබු විශාල කලුගලක් පාරේ කොටසකට පෙරළීමෙන් අවහිර වී තිබු මාර්ගය පැය දෙකකට ආසන්න කාලයකට පසුව යළි විවෘත කෙරිණි. 09 October 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026